ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.
“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”
ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.
“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.
දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.
ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.
”අයිය මම බඩුවක් අහන්නද?”
“හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.
“අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා
“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.
එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.