පොරක් ගියාලු ජොබක ඉන්ටවිව් එකකට. එතන හිටපු
ලොක්ක මිනිහගෙන් ප්රශ්ණ අහනවලු.
“ඔයාට මොනවට හරි ඇලජික් එකක් එහෙම තියෙනවද?”
“එහෙමමත් නෑ… හැබැයි ප්ලේන්ටි බිව්වම බඩේ ගෑස්
එනවා… ඒ නිසා ප්ලේන්ටි බොන්නෙ නෑ මම”
“හුම්ම්… එතකොට… ඔයා කලින් කොහෙද වැඩ කරේ?”
“හෙහ් හෙහ්… හමුදාවෙනෙ සර්… මේම හිටියට රණ
විරුවෙත් තමා… ඒ කාලෙ ඉරාකෙ මානුෂික මෙහෙයුම
කරේ අපිනෙ.”
“ෂා නියමයි. අන්න එහෙම දක්ෂ කෙනෙක් තමා අපි
හොයන්නෙ. ඇයි ඉතිං අයින් උනේ? පෙන්ෂන් ගියාද?”
“ඒකනෙ සර්… දැන් අපේ උන් කරන වැඩවල හැටියට
අයින් උන එක ගැන දුකයි. ඒ උනාට කලින් පෙන්ෂන්
යන්න උනා.”
“ඒ කියන්නෙ මොකක් හරි අනතුරක් උනාද?”
“ඔව්නෙ සර්… බෝම්බයක් පිපිරිල මගෙ ඇට දෙකම
බ්ලාස්ට් උනානෙ…”
“හහ් හා… එහෙනං තමුසෙ තමයි ජොබ් එකට කියාපු බඩුව.
හෙට ඉඳන් වැඩට එනව. අපි සාමාන්යයෙන් උදේ 8 ඉඳන්
හවස 4 වෙනකල් වැඩ. හැබැයි තමුසෙ උදේ 10ට ආවට
කමක් නෑ.”
“ඈ…? ඇයි සර් 10ට? මට උදේ 8ට වැඩට එන්න පුළුවන්”
“මේකනෙ අයිසෙ. මේක රජයෙ තැනක්නෙ. අපි
කොහොමත් උදේ 8 ඉඳන් 10 වගේ වෙනකල් ඇට කහ
කහ ප්ලේන්ටි ගහන ගමන් බයිල කියවන එක තමා
කරන්නෙ. තමුසෙ උදේ 8ට ආවට වැඩක් නෑනෙ ඉතිං”
උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.