උත්තරා
මම ගෙදර ලඟදි කාර් එකෙන් බැස්සේ සුරේන්ට ගුඩ්නයිට්වත් නොකියා. මම හිටියේ ඇත්තටම කේන්තියෙන්..බයෙන්..
වෙරිමතට ද මන්දා නිදාගන්න ගිය වෙලාවේ ඉඳන් මට එක එක හීන පේන්න ගත්තා….එක සැරයක් සුරේනුයි ශෙනුකියි ඩාන්ස් කරනවා…ටික වෙලාවකින් ශෙනුකිව මාරුවෙලා මාව එතන…මම ගැලවෙන්න දඟලනවා..ඒත් සුරේන් මාව හයියෙන් අල්ලගෙන…බලෙන්ම ඩාන්ස් කරවනවා…¨
පහුවදා ඔෆිස් ගියත්, මම හැම තිස්සේම ට්‍රයි කලේ සුරේන්ව මග ඇරලා ඉන්න..සුරේනුත් බලෙන් කතාවට ආවෙ නෑ.
රෑ මට සුරේන්ගෙන් මෙසේජ් එකක් ආවා..”ආ යූ ඇන්ග්‍රි විත් මී ? “
මම උත්තර යැව්වේ නෑ..”ප්ලීස් ඩෝන්ට් බී ඇන්ග්‍රි විත් මී…අයි නොව් ඉට්ස් ඉනැප්‍රොප්‍රීඒට්, බට් අයි කුඩ්න්ට් රෙසිස්ට් ඉට්..”
මම හිතුවේ එයා සොරි කියන්න හදනවා කියලා..ඒත් එහෙම එකක් නෑ..
“අයි ඩිඩන්ට් එක්ස්පෙක් ඉට් ෆ්‍රොම් යූ..” කියලා මම රිප්ලයි කලා.
ටික වෙලාවක් යනකම් සද්දයක් නෑ..විනාඩි 10 විතර පස්සේ මෙසජ් එකක් ආවා..අලි ස්ටිකර් එකක් ” please dont be angry කියලා..”
මෙයා මාව ජෝක් එකට අරගෙන ද…ඒ ස්ටිකර් එක දිගටම එන්න ගත්ත…මම විගහට ෆෝන් එකත් අරගෙන බාතෲම් එකට ගියා..නැත්නම් ගෙදර මිනිස්සු බලයි මේ මොකද කියලා..
මේ මනුස්සයගේ ඔලුව නරක් වේගෙන එනවද..මේ සමයං කරන්නේ…
“ප්ලීස් ස්ටොප් දිස් සුරේන්…” කියලා මම මෙසේජ් කලා….
“මගෙත් එක්ක තරහද “
“ඔව්”
ආයෙ කෙලවරක් නැතුව ස්ටිකර් එන්න ගත්තා…
“හරි හරි තරහා නෑ..ඔය විකාරේ නවත්තන්න…”
“එහෙනම් යාලුද ?”
“නෑ මම යාලුත් නෑ..දැන් මම ෆෝන් එක ඔෆ් කරනවා..”
ඊට පස්සේ කරදරයක් තිබ්බේ නෑ..
මට ඕනෙ උනේ සුරේන් එක්ක කතා කරලා මේක ඉවරයක් කරගන්න..ඒත් සුරේන් එක්ක කතා කරන්න ගියොත් මොකෙන් මොකක් වෙයිද කියලා මට ශුවර් එකක් තිබ්බේ නෑ. අන්තිමට කල්පනා කරලා කරලා මම තීරණය කලා සුරේන් සයිට් එකට ගියාට පස්සේ මෙසේජ් එකක් දාන්න..
මම දිගම දිග මෙසේජ් එකක් ලිව්වා….මට මෙහෙම කරන එක වැරදියි, මේ වැඩෙන් මම ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්, මම මැරීඩ් කියල අමතක කරන්න එපා වගේ හෑලි ඔක්කොම ලියලා පත මෙසේජ් එකක් ඇරියා..
උත්තරයක් එනකම් මම බලාගෙන හිටියා…මුකුත් නෑ..
මට හිතා ගන්න බෑ මොකද උනේ කියලා…සුරේන්ට කේන්ති ගිහිල්ලද..දුක හිතිලද…මට මොකද ඕනේමගුලක්…මට කියන්න තියෙන දේ කිව්වනේ..එහෙම හිතුවත්..විනාඩි 5න් 5ට ෆෝන් එක දිහා නොබලා මට ඉන්න බැරි උනා..
පහුවදාත් කිසිම සද්දයක් නෑ…මට තව මෙසේජ් එකක් දාන්න හිතුනත්..මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි උනා…
12 විතර සුරේන් ගෙන් මෙසජ් එකක් ආව..”රෙස්ටොරන්ට් එකට එන්න..ලන්ච් ගන්න ගමන් කතා කරමු…”
මොකක්..මේ මනුස්සයා…කොලඹ ඇවිල්ලද ?
මම රෙස්ටෝරන්ට් එකට ගියේ පපුවේ බිත්තර තැම්බි තැම්බි. සුරේන් පුරුදු හිනාවෙන් ඉන්නවා..මූන නම් මහන්සි පාටයි..
“ඔයා මගේ මෙසේජ් එක හින්දමද මේ තකහනියේ කොලඹ ආවේ..”
“හම්..”
“සොරි සුරේන්….මට ඔයාට කරදර කරන්න ඕනෙ උනේ නෑ..”
“මම ඔයාව දාල තියෙන කර්දරේ බැලුවහම මේක මොකක් ද”
කතාවක් නැතුව තප්පර කීපයක් ගියා….
“උත්තරා….” සුරේන් හෙමීට කතාව පටන් ගත්තා…
“මම දන්නවා මම කලේ ලොකු වැරැද්දක් කියලා..ඔයාව දැකපු දවසේ ඉඳලා මම ට්‍රයි කලා මේක හිතේ යට කරගෙන ඉන්න..ඒත් එදා පාර්ටි එක දවසේ මට තවත් එහෙම ඉන්න බැරි උනා…මම කරපු දේ වැරදියි. මම මීට පස්සේ එහෙම නොකර ඉන්න පොරොන්දු වෙන්නම් උත්තරා..”
“ඔයා දිගටම මගෙත් එක්ක වැඩකරන්න අකමැතිද ?”
“නෑ සුරේන්…එහෙම එකක් නෑ..මට මේක එච්චර දුර දිග ගෙනියන්න ඕනේ නෑ…අපි ඉස්සර වගේ ඉමු..හැබයි මම ඉන්න එක ඔයාට ප්‍රශ්නයක් නම් මම වෙන ටීම් එකකට මාරු වෙන්නම්..”
“එහෙම කරන්න එපා උත්තරා…මම පර්සනල් දේවල් ජොබ් එක එක්ක පටල ගන්නේ නෑ…”
ටික වෙලාවක් අපිදෙන්නා කතා නැතුව කෑම කෑවා..
“ඔයා මගෙත් එක්ක කේන්තියෙන්ද ඉන්නේ…?”
“නෑ සුරේන්, කේන්තියක් නෙවෙයි මම චුට්ටක් බය වෙලා ඉන්නේ..”මට ඇත්තම කිය උනා..
“ඔව් ඒක සාදාරණයි..මම වගේ ජීවිතයක් නැති මිනිහෙක්ට බය වෙන එක හරි…”
ඒ වචන මගේ පපුව ඇතුලටම කිඳාබැස්සා…
“අනේ….එහෙම කියන්න එපා….මම මීන් කලේ ඒක නෙවෙයි….”
“එක තමයි ඇත්ත…”
“මම කියන දේ…චුට්ට්ක් අහන්න….මම මීන් කලේ මම ඔයාට බය උනා කියලා නෙවෙයි… මට මෙහෙම දෙයක් මීට කලින් වෙලා නෑ…මම දන්නේ නෑ..කෙහොමද මෙහෙම දේකට ෆේස් කරන්නේ කියලා..එහෙම නැතුව මම ඔයාට නං බය නෑ…” මම සිටුඒශන් එක බැලන්ස් කරන්න ට්‍රයි කලා..
යන්තං සුරේන්ගේ මූණට හිනාවක් ආවා…
ඊට පස්සේ වෙන වෙන දේවල් කතා කරා මිසක් මට ආයේ සුරේන්ව පාරන්න ඕනේ උනේ නෑ..
අපි කාලා නැගිට්ටා..
“උත්තරා..මම දැන් ආපහු යන්න ඕනේ…”
“ඔයා දැන් ආයේ කොග්ගල යනවද ?..දැන් හවස් වෙලා නේ..”
“යන්නම ඕනේ උත්තරා…ඔයා දන්නවනේ එතන සිටුඒශන් එක…”
“අනේ සොරි සුරේන්…මම හින්ද ඔයා මාර කට්ටක් කන්නේ….මම ඕනවට වැඩිය කලබල උනා..”
“මේවා මොන කටුද උත්තරා…මම ආයේ ෆ්‍රයිඩේ එනවා…මම හොඳ ලමයෙක් වෙලා එන්නම් කෝ..”
“හරි හරි..එවා දැන් අමතක කරමු. පරිස්සමින් යන්න…”
සුරේන් ගියේ මගේ හිතේ එක බරක් අයින් කරලා ඒ වෙනුවට තව එකක් දීලා…
මගේ හිතේ තිබ්බ කේන්තියයි කලබලෙයි ඔක්කොමත් එයා අරන් ගිහිල්ලා තිබ්බා…
ගෙදර ගියත් සුරේන් ගැන මගේ හිත කරදර උනා..
“ඔයා ලොජ් එකට ගියාද ” මම මෙසේජ් කලා..
“ස්ටිල් ඔන් ද වේ….”
“මෙසේජ් මී වෙන් යූ අරයිව්.”
පැයකට විතර පස්සේ..සුරේන්ගේන් මෙසේජ් එකක් ආවා..
“ජස්ට් අර්යිව්ඩ්”
“ඔකේ සුරේන්. ගූඩ් නයිට්…”
“ගුඩ් නයිට් උත්තරා…තෑන්ක්ස් ෆො කෙයාරින්ග්…”
මම ලොකු හුස්මක් ගත්තා….සාලෙට ආවා..
“තාම වැඩ ඉවර නැද්ද සුදූ…” එරංග ටීවී බලනවා…
මම ගිහිල්ලා එරංගගේ ඔඩොක්කුවේ වාඩි උනා…”ඔෆිස් වැඩ ඉවරයි…..දැන් මට වෙන වැඩක් තියෙනවා…මම එරාගේ බෙල්ලේ මූන ඔබා ගත්තා….මගේ ඇඟිලි එරාගේ කමිසේ ඇතුලෙන් ගිහිල්ලා පපුව පිරිමැද්දා….
“මෙන්න වැඩක්..මෙයාටනං ග්‍රහයෙක් මාරු වෙලාද කොහේද…” එරාගේ ඇඟිලි වලට මගේ නිතඹ මිරිකුනා..
එරංග කිව්වේ ඇත්ත..පහුගිය ටිකේම අපි වෙනදට වැඩිය ලව් කලා…ගොඩක් දවස් වල පටන් ගත්තේ මම…
“ඉතින් ඔයාට නරකද……?”
“අපෝ නෑ…ඔය ග්‍රහයා හැමදාම තියාගන්න ඕනේ..” එරාගේ අතක් මගේ නයිටිය ඇතුලෙන් කලවා දිගේ උඩට ඇදුනා…. මම එරාගේ මූණ් අත් දෙකෙන් අල්ලගෙන මගේ තොල් වලට තද කරගත්තා…
පහුවදා දවල් වෙනකොට මට සුරේන්ට මෙසේජ් නොකර ඉන්න බැරි උනා..
“කෑවද ?”
“උදේට කෑව..දවල්ට කන්න තාම හිතලත් නෑ…ඔයා කෑවද ?”
“කන්න යන්නේ..”
පොඩි කෙල්ලො, කොල්ලේ වගේ මේ වගේ තේරුමක් නැති මැසේජ් යවන්නේ ඇයි කියලා මම දන්නේ නෑ….මට ඒක හිතන්න ඕනේ උනෙත් නෑ..
රෑ වෙලා සුරේන්ගේ මෙසජ් එකක් ආවා…”දැනුයි රූම් එකට ආවේ..”
“මම නම් කාල දැන් නිදාගන්නත් එක්ක හදන්නේ..”
“මෙච්චර කලින්..තාම අටයි නේ….”
“අද එරංගත් නෑ..ඉතින් මට කම්මැලියි…”
“ඇයි එරංග කොහේ ගිහිල්ලද ?”
“ජැෆ්නා ගිහිලිලා..දවස් දෙකකින් එන්නේ…කාල බීලද ඉන්නේ…?”
“ඔව් උත්තරා…මම කෝල් කරන්නද ?”
“හම්…!”
සෑහෙන වෙලාවක්..සුරේනුයි මමයි කතා කර කර හිටියා..සුරේන් එයාගේ ජීවිතේ ගොඩාක් දේවල් මගෙත් එක්ක කිව්වා…
ඊලඟ දවසෙත් සුපුරුදු මෙසේජ් රූටින් එක ගියා..
රෑ කාල බීලා ඇඳට උනේ සුරේන්ට මෙසේජ් කරනගමන්..
“එරංග තාම ආවේ නැද්ද ?”
“නෑනේ…අදත් වේලි වේලි තමයි ඉන්න වෙන්නේ..” මම මොනවා ලියනවද මන්දා..
“අහා..ඒකයි මේ අමාරුව”…හයියෙන් හිනාවෙන ස්ටිකර් පෝලිමක් ආවා..
“ඒකත් ඉතිං අමාරුවක් තමයි..”
“ඒ කියන්නේ හෙට එරංග ආවම..ඌ ඉවරයි….පවු අහිංසකයා….”
කතාව වැඩිදුර ඒ පැත්තට යන්න නොදී මම මගින් හරවා ගත්තා…
ඊලඟ දවසේ උදේ, ශෙනුකි සයිට් එකේදී ලිස්සලා වැටිලා ඔලුව පලා ගත්තා. ඒවෙලාවෙම හොස්පිටල් ගෙනිහිල්ලා බෙහෙත් දාලා, එයාව ගෙදර එවලා තිබ්බා.
මම හවස ගියා ශෙනුකිව බලන්න. ලොකු අමාරුවක් නෑ. නලල, තුවාල වෙලා, අතක් හීරිලා. අපි දෙන්නා සෑහෙන වෙලාවක් කයියක් ගහගෙන හිටියා. ශෙනූ එදා පාර්ටි එකෙදී පටන් ගත්ත, එයාගෙයි, සුරේන්ගෙයි ලව් ස්ටෝරි එකේ ඉතුරු ටික කිව්වා..
“සුරේන්ට ඕනේ උනේ මැරි කරල දෙන්නම ඉංග්ලන්ඩ් යන්න. ඒත් මං තීරණයක් ගන්නේ නැතුව පස්ස ගැහුවා.. මට අම්මව දාල යන්න විදිහක් තිබ්බේ නෑ. අනික මැරේජ් ලයිෆ් එකට මම බයයි. යාලු වෙලා ඉන්න කාලේ වගේ නෙවෙයි, බැන්දට පස්සෙ මිනිස්සු හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙනව.. අනික මම දන්නේ නෑ මැරේජ් ලයිෆ් එකක් මටවත් සුරේන්ටවත් ගැලපෙනවද කියලා..සුරේන් කියන්නේ එක තැනකට බැඳලා තියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි…..ඉතිං මට ඕනේ උනේ නෑ, එයාව මැරජ් එකක හිර කරන්න…ඉතින් අන්තිමේ මම බෑ කිව්වා..සුරේන් ආපහු ගියා…”
“ඉතිං ඊට පස්සේ ඔය දෙන්නගේ කනෙක්ෂන්ස් තිබ්බේ නැද්ද …?”
“නෑ… ඔෆීෂියල් කනෙක්ෂන් විතරයි. මට ඔය ලෝකේ ඒ කෙලවරෙයි මේ කෙලවරෙයි ඉඳන් කරන ලව් හරියන්නෙ නෑ…ඉතිං මම ඔක්කොම නැවත්තුවා…..සුරේන් ලංකාවට එන්න කලින් දවස වෙනකම්ම මම දන්නේත් නෑ එයා එනවා කියලා..”
“මාර ලව් ස්ටෝරි එකක් නේ….ඔයාට මොනාද හිතුනේ සුරේන් එනවා කිව්වම..”
“මට ඕනේ උනේ නෑ..සුරේන් එක්ක ආයෙ එකට වැඩ කරන්න..එත් සුරේන්ට බෑ කියන්න කාටවත් බෑ නේ….” ශෙනූ හයියෙන් හිනා උනා..
ඒකනම් ඇත්ත..මටත් උනේ ඒ ටිකමනේ..
“සුරේන් කොහොම හරි එයාට ඕනෙ දේ කරගන්නවා..”
“ඒක කපටි කමද..?” මම ඇහුවා..
“අනේ නෑ…සුරේන් එහෙම නෑ…බිස්නස් වලදි එයා කපටියි තමයි. හැබැයි රිලේශන්ශිප් එකකදී සුරේන් තරම් අවංක කෙනෙක් මට මීට් වෙලා නෑ. එක සැරේ දහ දෙනෙකුට උනත් අවංකව ලව් කරයි, කාටවත් බොරු නොකර…. හැබැයි මම එයත් එක්ක වැඩකරන්න ඇග්‍රී උනේ පරණ දේවල් ආයේ රිපීට් කරන්නෙ නෑ කියන පොරොන්දුව උඩ. “
මට ශෙනුකි ගැන හිතා ගන්න බෑ.. “අනේ මංදා බං මට නං පිස්සු වගේ උඹලගේ වැඩ… හැබැයි මට තේරෙන විදිහට ඔයා, සුරේන්ගෙන් ඈත් වෙන්න හදන්නේ ඔයාගේම හිත රිදෙයි කියන බයට…”
“මං නෑ කියන්නේ නෑ…හැබැයි ඉතිං ඔය දෙන්නා මාව ප්‍රශ්ණයක් කරගන්න එපා…” ශෙනූ ඇහක් පුංචි කලා..”මම දන්නවා සුරේන් උඹ ගැන ඉන්ටරෙස්ට් කියලා…” ශෙනූ කිව්වම මට හීං දාඩිය දැම්මා..
“සුරේන්..දවසක්..මොන මොනවද කියාගෙන ආවා….” කියල මම එක්ස්ප්ලේන් කරන්න පටන් ගන්නකොටම, ශෙනුකි මගේ කට වැහුවා…
“හෝව් හෝව්..මුකුත් කියන්න එපා….ඒක උඹේ වැඩක්…”
මම ගෙදර ආවේ හොඳටම ඔලුව අවුල් කරගෙන..සුරේන්ගෙන් මැසේජස් තුනක්ම තිබ්බත්, මම රිප්ලයි කලේ නෑ..
ඒත් පහුවදා උදේ නැගිටිනකොට…අවුල ගිහිල්ලා…පුදුමයි…..
මම එරංගට කෝල් එකක් දීලා, සුරේන්ට මෙසේජ් කලා..
“ඊයේ මොකද උනේ….?”
“මුකුත් නෑ අනේ….මම ශෙනූව බලන්න ගියා…එනකොට රෑ උනා..ඉතින් එහෙම්ම නිදාගත්තා..”
“මම හිතුවා එරංග ගෙදර ඇවිල්ල, දෙන්නත් එක්ක ඇරියස් කවර් කරනවා ඇති කියලා..”
“නෑනේ..එරාට එන්න වෙන්නෙ ඉරිදලු…ඇරියස් කවර් කරන්න ඉන්න වෙනව තව..”
ඒ වීක් එන්ඩ් එකේ ඇත්තටම මම හිටියේ පාලුවෙන්..සෙනසුරාදා උදේ සුරේන්ගෙන් මෙසජ් එකක් ආවා “මම කොලඹ එන ගමන්..හවස ශෙනූව බලන්න යනවා..ඔයත් එනවද ?”
“හා..කීයටද ?”
“පහට විතර…මම එන්නම් ඔයාව ගන්න..”
“ආයේ මෙහේ එන්න එපා සුරේන්..මම එන්නම් ට්‍රයිශෝ එකක් අරගෙන..පොඩි දුරයි නේ”
මම ශෙනුකිලාගේ ගෙදර යනකොටත් සුරේන් ඇවිල්ලා.. ශෙනූලගේ අම්මා රසට කෑම හදලා තිබ්බා.කාලා එලියේ ගහක් යට වාඩි වෙලා රෑ වෙනකම් අපි ඔහේ කියව කියව හිටියා..
ඩ්‍රින්ක් එකක් ගත්ත නිසා සුරේන් කැබ් එකකට කෝල් කලා, මාවත් ගෙදර ලඟින් දාලා එයා හොටේල් එක්ට යන්න
අපි දෙන්නා කැබ් එකේ පිටිපස්සේ සීට් එකට නැග්ගා. මට මතක් උනා එදා වෙඩින් එකට ගිහිල්ලා අපි ආපු හැටි.
මම අත දික්කරා..සුරේන් මගේ දිහා බැලුවා..
“කෝ අත….?” මම හෙමීට ඇහුවා…සුරේන්ට හිතා ගන්න බැරි උනා මොකද වෙන්නේ කියලා..
මම සුරේන්ගේ අත අරගෙන මගේ අතින් මිරික ගත්තා..මගේ අතේ ඇගිලි සුරේන්ගේ අතේ ඇඟිලි මැද්දෙන් ගියා…මම සුරේන්ගේ උරහිසට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා..
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.