අපේ Rukshani සහෝදරියගෙ මූලිකත්වයෙන් ආරම්භ කරපු අලුත් වැඩසටහනේ පලමු පියවර අප වෙත එවා තිබෙනවා. කියවලා අදහස් දෙන මෙන් ඉල්ලා සිටිනවා.
Quote”නව රචනා ක්‍රමයකට අනුව රචකයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිර්මාණය කරන ලද මෙම කුඩා අත්හදාබැලීමේ කෙටි කථාව දින දහයක් වැනි කාලයක් තුළ රචකයන් සය දෙනෙකුගේ වෑයමෙන් ගොඩ නැගුවකි. විවිධාකාර අදහස් ඇති සහ විවිධ වූ රචනා රටාවක් සහිතව එක් වූ මෙම රචකයන්ගේ අදහස් වලට අනුව නිර්මාණය වූ මෙම කථාවේ ගුණාත්මකභාවයක් ඇති නම් එහි සියලුම වර්ණනයන් ලැබිය යුත්තේ ඔවුන්ගේ වටිනා කාලය වැය කරමින් මෙම නිර්මාණය සිදු කිරීමට දායක වූ ලේඛකයන්ට ය. කතාන්දරය ඉතාම සරල සහ කෙටි වන අතර, පළමු කථාව කෙටියෙන් වැඩි විස්තරයකින් තොරව නිර්මාණය කළ අතර මෙයට ලැබෙන ප්‍රතිචාර අනුව දෙවන කථාවකට උත්සහයක් ගත හැකිය.
තවද මෙම ආරම්භක කථාවේ අඩුපාඩු සහ අගුණ විශාල ප්‍රමාණයකින් තිබිය හැකි අතර රචකයන් ඔවුන්ගේ උපරියම කතාන්දරයට යෙදවූ බවද පැවසිය යුතුමය. මෙහි යම් කිසි අඩුපාඩුවක් වේ නම් විවිධ භාෂා ශෛලීන්, ලේඛන රටා සහ වාග් මාලා වලින් නිර්මාණය වූ මෙය සම්බන්ධිකරණය කළ මා විසින් එම වරදේ වගකීම භාර ගනිමි. නැවතත් කථාවට ඔබගේ වටිනා කාලය වැය කළ පහත සදහන් මෙම කථාවේ රචකයන්ට මාගේ ස්තුතිය.
රචනය : TAZIRAHEEM / CRUZ / PREMALALP / THUSH / SIRIPALA PERERA / KASUN DANANJAYA
Copy edited by : Rukshani
ඔබ සියලු දෙනා ලබා දුන් ඡන්දයට අනුව කථන භාෂාවෙන් රචිත කථා වලට ඔබ වැඩි කැමැත්තක් ඇති නිසාවෙන් සහ රචනා කළවුන් ප්‍රධාන ශෛලීන් දෙකකට කථාව ගොඩ නැගු අතර ඔවුන් සියලු දෙනාගේම රචනා ශෛලියට මා ගරු කරන අතර එම රටාවට හානි නොකළ යුතු නිසාවෙන් ද මෙම කථාව කථාව ශෛලීන් දෙකකට අප විසින් මෙලෙසින් පළ කරන්නෙමු.
1. ලිඛිත භාෂාව
Download
2. කථන භාෂාව
Download
(තවද කථන බසින් කථා නිර්මාණයට මාගේ එතරම් හුරුවක් නොමැති නිසාවෙන් මෙම කථාව කථන බසට හැරවීමට සහ වචන වෙනස් කිරීමට සහය දුන් CRUZ ට ස්තුතියි!)”
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.