ගෝලයෝ

ගෝලයෝ

ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.

උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….

සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.

රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.

බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.

ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්. .කළුවා … මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..

කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.

ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.

මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.

බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක් නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් 10 දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ.

ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ…..

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

ඇම්ඩාගෙ මල්ලි

ඇම්ඩාගෙ මල්ලි

ඔන්න අපේ ඇම්ඩාව අලුත් ස්කොලෙකට දැම්මලු.මේ ස්කෝලෙ කස්ටිය ඉතින් ඇම්ඩාව වැඩිය අදුනන්නෙත් නෑනේ.කොහොමහරි ඉතින් අපේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *