මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ

මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ

ඔන්න දවසක් ඇම්ඩන් හොටෙල් එකක යාළුවෙක් එක්ක සෙට් වෙලා හොදට බීලා ගෙදර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා.

ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා “මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න” කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ ඇම්ඩන් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා “ආහ් අවුරැදු 3ක් පරණයි තමයි” කියලා ඒක බීල දැම්මා.

ඊට පස්සේ “මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න” කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. ඇම්ඩන් කලින් විදියටම සුවද බලලා “අහ් මේකත් හරි” කියලා ඒ ෂොට් එකත් ගැහුවා.ඊට පස්සේ ඇම්ඩන් කියනවා “මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න” කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා.

ඇම්ඩන් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට “ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්” කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා “හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්” කියල ස්ටොර් එකට ගියා බලන්න.

ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා “මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා” එතකොට මල්ලී කියනවා “තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට” කියල වෙච්ච සීන් එක කිවුවා.

එතකොට සුමනා” රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්” කියලා මල්ලිගෙන් වීදුරුව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට chu දාල ගෙනත් දුන්න. “මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි”. ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් “මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්” කියලා දුන්නා. ඇම්ඩන් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි …………………….

” මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ????”

උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

ඇම්ඩාගෙ මල්ලි

ඇම්ඩාගෙ මල්ලි

ඔන්න අපේ ඇම්ඩාව අලුත් ස්කොලෙකට දැම්මලු.මේ ස්කෝලෙ කස්ටිය ඉතින් ඇම්ඩාව වැඩිය අදුනන්නෙත් නෑනේ.කොහොමහරි ඉතින් අපේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *