බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය පිළිබඳ විමසුමක්.

බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය පිළිබඳ විමසුමක්.

බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය පිළිබඳ විමසුමක්.

x    බුදුන්වහන්සේ සහ මනුෂ්‍යයෝ :-

  
     මානව ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන විවිධ දුක් ගැහැට, අනේක වූ කරදර, අඩුපාඩු හිස්තැන් සමනය කර ගෙන ජීවිතය වඩා යහපත් හා තෘප්තිමත් ආකාරයකින් ගතකිරීමේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ ඵලයක් ලෙස, සිය ජීවනය පවත්වාගෙන යාමටත් සිය සමූහයේ නැත්නම් ගෝත‍්‍රයේ ස්ථාවරත්වය, සුභසිද්ධිය, ජයග‍්‍රහණයන් මෙන්ම සරිලන පරිදි දඩයමක්, මෙන්ම දේපොළවල ආරක්ෂාව හා ජීවිතය සුරක්ෂිත කර ගැනීම වැනි ජීවිතයේ භෞතික අංශයන් ප‍්‍රධාන කර ගත් අරමුණු නිසා මිනිසා මුල් යුගයේ සිට දෙවියන් හෝ අධිභෞතික බලවේගයන් හි පිහිට පතා කටයුතු කළෝය. 
    එහෙත් මිනිසා භෞතික සමාජයීය ආර්ථික, දේශපාලනික හා ආධ්‍යාත්මික අංශයන්හි වෙනස්වීමත් සමග ක‍්‍රමයෙන් ආගමික විශ්වාස හා අරමුණුවල ද වෙනස් වීමක් සනිටුහන් කළහ. මිනිසා භෞතික අංශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික අංශයෙනුත් ආගම කෙරෙහි යොමුවන්නට පටන් ගත් අතර, මිනිසා මෙලොව සුගතිය පමණක් නොව පරලොව සුගතිය පිළිබඳව ද විමසීමට යොමු විය.
   අනුක‍්‍රමයෙන් මානව සමාජය පෙරට ගමන් කරද්දී ක‍්‍රිස්තු පූර්ව 6 වන සියවස ආසියාකරයේ සමාජ ආර්ථික, දේශපාලනික හා ආගමික ක්ෂේත‍්‍රයන්හි විශාල පරිවර්තනයක් සිදුවු යුගයක් වශයෙන් සටහන්ව ඇත. එ්ත් සමග බිහිවන ආගමික සංස්ථාවන් අතර බුදුසමය යථාර්ථවාදී එළැඹුමකින් සමාජ ගත වීම සුවිශේෂී තත්ත්වයක් ප‍්‍රකට කරන්නකි.
    ‘එකල්හි මහබෝසතනෝ පඤමහා විලොකනාව ලොකනය කොටැ බුදුවන්නට කල් බව දැනැ දෙව්පිරිස් පිරිවරා නඳුන් උයන් වැදැ තුසීපුරෙන් සැවැ දඹදිව මැදුම් පියෙසැ කිඹුල්වත් නුවර ඔකාවස් කුලැ අබරණ සුෙදාවුන් මහරජහු පිණිස මහමායා දෙව්රැජිනි කුසැ පිළිසිඳ ගත්හ.’ (අමාවතුර, විමලධර්ම හිමි, සංස්කරණය, 1955* 
”සම්මුඛාමෙතං භන්තෙ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහීතං සතො සම්පජානෝ ආනන්ද බෝධිසත්තෝ තුසිතං කායංඋප්පජ්ජති-පෙ-බෝධිසත්තෝ තුසිතා කායා වචිත්වා මාතු කුච්ýං ඔක්කමති – පෙ- වත්තාරෝ නං දේවපුත්තා චතුද්දිසංරක්ඛාය උපගච්ඡුති  – පෙ – වත්තාරෝ දේවපුත්තා පටිග්ගහෙත්වා මාතුපුරතෝ ඨපෙන්ති ඉදං පහං භන්තෙ අච්ඡුරියං අබ්භූතධම්මං ධාරෙමි ” ( මජ්ඣිමනිකාය (උපරි* අච්ඡුරියධම්මසුත්ත 142 පිට*
බෝධිසත්වයන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙහි ඉපදීමත්, උන්වහන්සේ තුසිත දෙව්ලොව වාසය කිරීමත්, බෝසතාණන් තුසිත කාය අත්හැර මව්කුස ඉපදිමත් සතර දිගින් රැුකවල් තැනිමත්, බෝසතාණන් වහන්සේ පළමුවෙන් පිළිගැනීමත්, එසේ පිළිගෙන මහමායා බිසවගේ ඉදිරියෙහි තැබීමත් යන මේ සියල්ලම ආශ්චර්යවත් ලෙස සිදුව ඇත.
බුදුරදුන් පහළ වූ දින පෙළහර කවි ඇසින් වර්ණිත වූ අවස්ථාවකි මේ,
උරඟුන් සතපා මුගටින්        අරණේ
මැඩියන් නිදිගැන්වූ උන්       දෙරණේ
සිවලූන් කෙළිමින් සිටි තුරු     සෙවණේ
සහවුන් පෙම්කෙළි කෙළවූ  එකෙණේ  (බුදුගුණ අලංකාරය 321*

මාතෘකා ගත කරුණ සම්බන්ධයෙන් කරුණු විමසීමේ දී බුදුසමය වශයෙන් උතුම් වූ ත‍්‍රිවිධ රත්නය ම පිළිබඳව කරුණු මද වශයෙන් හෝ විමසන අතර දෙවියන් සහිත මනුෂ්‍යයෝ (සණරාමර* සහ ලෝක සත්වයා නිත්‍ය වශයෙන්ම මුහුණදෙන්නා වූ අනිත්‍යය දහම හෙවත් මාර සංකල්පය බුදු දහම අනුව විමසමින් නූතන මිනිසා සිය ජිවනය සකස් කර ගැනීමේ දී ආධ්‍යාත්මික වශයෙන් මෙම කරුණු කෙරෙහි දක්වන ආකල්ප පිළිබඳ සමාජ විද්‍යාත්මකව හා සංස්කෘතික වශයෙන් කෙටි විමසුමක්, මෙම නිබන්ධනයෙන් අපේක්ෂා කරමි.

දසභූමික සූත‍්‍රයට අනුව බුද්ධත්වය ලබා ගැනීමට සම්පූර්ණ කළයුතු බෝසත් ධර්ම හෙවත් බුද්ධ කාරක ධර්ම දහයක් සඳහන් වෙයි. එනම්; 1. ප‍්‍රමුදිතා (ප‍්‍රීතිය*, විමලා (නිර්මල*, ප‍්‍රභා (බැබලීම*, අර්විස්මතී (ඔපනැගීම* සුදර්ජයා (අත්කර ගැනීමට දුෂ්කර* අභිමුඛී (මුහුණට මුහුණලා සිටින* ¥රංගමා (දුර ගමන් කරන* අචලා (නිශ්චල* සාධුමතී (යහපත් අදහස් ඇති* ධම්මේඝා (දහම් වලාකුළක් ඇති* යනුවෙනි.
ලෝකසත්වයාගේ ප‍්‍රභවය හා පැවැත්ම පිළිබඳ යථාවාදී දහමක් දේශණා කළ බුදුන් වහන්සේ පටිච්චසමුප්පාද ක‍්‍රමය හෙවත් හේතු ඵල දහමට අනුව එම විග‍්‍රහය ඉමහත් අනුකම්පාවෙන් වදාළ බැව් ප‍්‍රත්‍යක්ෂය. 

ලොව්තුරු මහා ගුණ විශේෂ රැුසකින් හෙබි බුදුන්වහන්සේ ගේ කීර්ති රාවය මානව සමාජයෙන් ඔබ්බට ගොස් දෙව් බඹුන් සහිත ලෝකයන්හි රැුව් පිළිරැුව් දුන් බව සූත‍්‍ර දේශනා රැුසකින් සනාථ කර දක්වයි. අංගුත්තර නිකායේ ද්‍රෝණ ලෝක සූත‍්‍රය, දීඝනිකායෙහි කූඨදන්ත සූත‍්‍රය ආදී සූත‍්‍රයන්ට අනුව තථාගතයන් වහන්සේ ගේ උත්තර මානුෂික ගුණයන් වශයෙන් සර්වඥතාඥනය(නව අරහාදී ගුණයන්ගෙන් සපිරි*, සෘද්ධි විධ ඥනය, දිබ්බ සෝත ඥනය, චේතො පරිය ඥනය, දස බල ඥනය, චතුර් වෛසාර්‍ය ඥනය, අෂ්ඨ පර්ෂද්හි අකම්ප්‍ය ඥනය, චතුර්යෝනි පරිච්ෙඡ්දක ඥනය, පඤ්ච ගති  පරිච්ෙඡ්දක ඥනය යන ශ්‍රේෂ්ඨ ඥන දර්ශනයන් මෙන්ම දශබල ඥන වශයෙන් ද යුක්තය. ඨානා ඨාන ඥනය, යථාභූත විපාක ඥනය, සබ්බත්ථ ගාමිණී පටිපදා ඥනය, අනේක ධාතු නානා ලෝක ඥනය, නානාධි මුක්තිකත්ව ඥනය, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥනය, ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්ති ඥනය, පුබ්බේ නිවාසානුස්සති ඥනය, චුතිපටිසන්ධි ඥනය, ආසවක්‍ය ඥනය යන ශ්‍රේෂ්ඨ ඥනයන් මෙන්ම අෂ්ඨ විද්‍යා ගුණයන් වශයෙන් විදර්ශනා ඥනය, මනෝමය ඉද්ධි ඥනය, සෘද්ධි විධ ඥනය, දිබ්බ සොත ඥනය, පරචිත්ත විජානන ඥනය, පුබ්බේ නිවාසානුස්සති ඥනය, දිබ්බ චක්කු ඥනය, ආසවක්‍ය ඥනය යන ගුණ විශේෂ මෙන්ම සීල සංවර, ඉන්ද්‍රිය සංවර, භෝජන මත්තඤ්ඤතා, ජාගරියානු යුක්ත, ශ‍්‍රද්ධා, හිරි, ඔතප්ප, බහුස්සුතතා, පරක්කම, ස්මෘති හෙවත් සති, පඤ්ඤ, ප‍්‍රථම ධ්‍යාන, දිවිතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන යන පසලොස් චරණ ධර්මයන් ගෙන් ද යුක්ත වන සේක.
උතුම් මානුෂීය ගුණයෙන් සමස්ත ලෝ වැසියන්ට ඉදිරියෙන්ම විසූ බුදුරජාණන් වහන්සේ තත්කාලීන සමාජ වෙනස්වීම් සහ විසංවාද හමුවේ සාවද්‍ය මත ඉවත ලා සමාණත්ව සංකල්පය ගරු කරමින් සුවිසල් සමාජ සේවයක් ද ඉටු කළ මනා සන්නිවේදකයෙකු මෙන්ම යහපත ඉටු කරලීමෙහි ලා ගිහි පැවිදි ශ‍්‍රාවක සමාජයට නිරන්තර විමුක්ති දායකයෙකු වූ බව ප‍්‍රත්‍යක්ෂ කරුණකි.(භාරතීය සමාජයේ මුල්බැස තිබූ දේවවාදය මෙන්ම අද්වෛතවාදය (සියල්ලේම මූල හේතුව නිත්‍ය වූ, විනාශ නොවන්නා වූ, සදාකාලික වූ, බ‍්‍රහ්මන් (විශ්ව ආත්මය* නම් විශ්ව ව්‍යාපී, පාර භෞතික සංකල්පය* බුදු සමය ප‍්‍රතික්ෂේප කළේ හේතුඵල දහමට අනුවය.*

පුද්ගලාන්තර සන්නිවේදනය, සමූහ සන්නිවේදනය (කුඩා කණ්ඩායම් සන්නිවේදනය* මෙන්ම බහුල වශයෙන් අන්තරවර්තී පුද්ගල සන්නිවේදනය යන අංශයන්ගෙන් බුදුදහම සන්නිවේදන ක‍්‍රියාත්මක වි ඇත. තමා කරා පැමිණි හා තනි තනිව කෙරුණු පුද්ගල හමුවීම්, වෙන් වෙන්ව කෙරුණු ධර්ම සන්නිවේදන කාර්යයන් පුද්ගලාන්තර සන්නිවේදනය වශයෙන් වගේම තමා කරා පැමිණි ග‍්‍රාහක පිරිසට හෝ (දෙදෙනෙකුට වඩා වැඩි* පිරිසක් අභියසට ගොස් කෙරුණු ධර්ම දේශනා කුඩා කණ්ඩායම් හෙවත් සමූහ සන්නිවේදනයට අයත් ලක්ෂණයක් වශයෙන් ද සැළකිය හැකිය. මනස ඇතුළු ඉන්ද්‍රියයන් ක‍්‍රියාත්මකවිම පිළිබඳ, ශබ්ද, සංඥ, සංකේත, ශ‍්‍රව්‍ය සහ දෘශ්‍ය වශයෙන් ලැබෙන පණිවිඩයට අදාළව මනස තුළ සිදුවන උත්තේජනය ග‍්‍රහණය කර ගැනීම මෙන්ම ධාරණය මගින් සිද්ධවන්නා වූ පෙළඹවීමට අනුව සිදුවන ක‍්‍රියාත්මක වීම ප‍්‍රතික‍්‍රියාව නැත්නම් ප‍්‍රතිචාරය යන ක‍්‍රියාවලිය මනස කේන්ද්‍රීයව එකිකෙට බැඳුන අවස්ථාවන් ය. බුදුසමය හඳුන්වන මනස මූලික කරගත් අවබෝධය හෙවත් යෝනිසෝමනසිකාරය තුළින් දහමෙහි හැසිරීම හෙවත් චරණය යන විග‍්‍රහය ද මෙයම ය. රූප, වේදනා, සංඥ, සංඛාර, විඤ්ඤණ යන පෙළ ගැස්වීම මිට සාපේක්ෂව විමසිය හැකිය. ධර්ම ශ‍්‍රවණයේදී සුනාථ, ධාරේථ, චරාථ වශයෙන් ද අනුපිළිවෙළ නම් සංඛාර වශයෙන් පිළිගන්නා ශක්තීන් විඤ්ඤණය හා එක්ව ක‍්‍රියාත්මකවීම ගැඹුරු මනෝවිද්‍යාත්මක කියවීමකි. ලොව පහළ වූ අග‍්‍රගන්‍යම සන්නිවේදක විශේෂඥයා වශයෙන් බුදුන්වහන්සේ තම ප‍්‍රථම ධර්ම දේශක කණ්ඩායම සක්ස්කිරීමට උපදෙස් දුන් ආකාරය නූතන සන්නිවේදකයින්ට ඉමහත් ආදර්ශයක් බව කිව යුතු ය. දෙදෙනෙකු එක මග නොගොස් බොහෝ දෙනාට වැඩ පිණිස,හිත සුව පිණිස මෙන්ම දෙවියන්ට ද වැඩ හා

හිත, සුව පිණිස අර්ථ සහිත ධර්මය ම දේශණා කරව්. යන බුද්ධ වචනය තුළ සන්නිවේදනයේ පරමාර්ථ මෙන්ම පණිවිඩය සකස් විය යුතු ආකාරය මෙන්ම සුදුසුකම පිළිබඳව ද මනා සංවිධානයක් ප‍්‍රකට කරන බව පැහැදිළිය. සංයුක්ත නිකායෙහි කස්සප සූත‍්‍රයෙහි, ‘‘ සද්ධර්මය ශ‍්‍රවණය කර දහම් කරුණු වටහා ගෙන එ් අනුව පිළිපැදීමට ජනතාව පෙළඹේ ය. යන්නත් ඉමහත් අනුකම්පාවෙන් හා කරුණාවෙන් ධර්මය දේශණා කරන්නාවූ උත්තමයා සුධර්ම දේශකයාණන් කෙනෙක් වන්නේ ය.’’ යන සඳහන තුළ ද සන්නිවේදන ලක්ෂණ ගැබ්වන ආකාරය මනාව විසද කරනු ඇත. මේ අනුව බුදුන්වහන්සේ ලොව පහළ වූ අසම සම සන්නිවේදකයාණෝ වශයෙන් හැඳින්විය හැකි ය. තවද, අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගහපි වග්ගයේ දැක්වෙන කරුණු මෙන්ම දීඝ නිකායෙහි පාසාදික සූත‍්‍රයෙහි සඳහන් ධර්ම කරුණු ද සන්නිවේදන ප‍්‍රවණතා සොයන්නෙකුට මනා පිටුබලය සපයන බව කිවයුතුය.         

ලොව සියල්ල අනිත්‍ය බවත් අනිත්‍ය නිත්‍ය බවත් ලෝකයාට අවධාරණය කළ බුදුන් වහන්සේ ලෝ සතුන් දුකින් මුදවා ගැනීමට මා්ර්ගයක් පැහැදිළි කර දෙමින් ගත කළ පරමාදර්ශී ජීවිතය සමස්ත ලෝකයටම ආදර්ශයක් විය.

එතෙක් පැවති ශ‍්‍රමණ සම්ප‍්‍රදාය තුළ වූ ෂඞ් ශාස්තෘවරයන් ගේ දර්ශනය බැහැර කරමින් ස්වකීය ආගමික සේවාව අරඹා ප‍්‍රථමයෙන්ම සංඝ සංස්ථාව පිහිටුවාලීමෙහි උනන්දුවූ බුදුරජාණන් වහන්සේ එය සමාජයත් භික්ෂුවත් පමණක් නොව අන්‍ය තීර්ථක ආගමික සංස්ථාවන් සමග ද ගැටුම්කාරී නොවන ආකාරයකින් සංවිධානය කිරීමට වග බලා ගත්හ. සමාජයේ අප‍්‍රසාදයට පත්වූවන් ප‍්‍රසාදයට පත් කළ අතර ප‍්‍රසාදයට පත්වූවන් තව තවත් සමාජ ඇගයීමට ලක්වන ආකාරයෙන් සමාජයට පුරුෂාර්ථ කාන්දු වන ආකාරයට පුද්ගලයින් සැකසීමේ උදාර වැඩ පිළිවෙළක ද නිරතවූ බව ප‍්‍රත්‍යක්ෂ කරුණකි. සංඝ සංස්ථාවේ ද අභ්‍යන්තරික සංවිධානය ශක්තිමත් කිරීමෙහිලා ‘භණ්ඩු කම්ම’ හෙවත් විහාරයේ වැඩසිටින සියළු භික්ෂූන් වහන්සේලාගේ කැමැත්ත අනුව අලූතෙන් පැවිදි කිරීම, දෙමව්පිය කැමැත්ත, සෙබළුන්, අපරාධකරුවන් පැවිදි කිරීමෙන් වැළැක්වීමට විනය නීති සංග‍්‍රහ කර ඇති අතර එයින් අපේක්ෂා කෙරුනේ පවුල හා ඇතිවන ගැටීමත් රජය හා සංඝ සංස්ථාව අතර සිදුවිය හැකි ගැටීමත් වළක්වා ගැනීමට ය. තවද, කුෂ්ඨ වැනි රෝග ඇති අය ද, ණය කරුවන්, වහලූන්, මාතෘ පීතෘ ඝාතකයන්, සංඝ බේදකයන්, අංග විකලවූවන් පැවිදි කිරීමෙන් වළක්වාලීමට ද, රීති පනවා ඇත. මන්ද බුදු සසුන කෙරෙහි ශ‍්‍රද්ධාව හා ගෞරවය නොමැති වීම තුළින් ධර්ම ප‍්‍රචාරයට ද, බාධා ඇතිවිය හැකි වීම පිළිබඳව, කල්පනා කිරීමෙනි. (මෙහෙණි සස්න පිහිටුවීම පිළිබඳ වුව එක්වරම අනුමත නොකළේ අනාගතය පිළිබඳ කල්පනා කිරීමෙනි.*

පව් පින් පළ දීම, කර්මය වැනි ධර්ම කරුණු පිළිබඳ ජන කවියා ජීවිතය ගැඹුරින් විවරණය කළ අවස්ථා ජන සාහිත්‍ය තුළ ප‍්‍රකට කරයි. එමෙන්ම බුදු සමයේ ත‍්‍රිලක්ෂණය ගැන ගැමියා තුළ පැවති අවබෝධය ද මේ විසද කරන අවස්ථාවකි මේ. 

    කපුරු මල් පිපී පරවෙනවා        නියමයි
    රුකුල බැඳි මීය ඇර යනවා        නියමයි
    සෙනේ ඇති දෙදෙන වෙන් වෙනවා    නියමයි
    මෙලොව උපන්නොත් පණ යනවා    නියමයි 

පුද්ගලයා සමාජ ජීවිතය තුළ අත්විඳින අසන්තෝෂය, කනගාටුව, හැඬීම, වැලපීම, නොසතුට යන සියල්ල දුක නැමැති අරුතින් පොහොසත්ව සැළකුව ද, බුදුසමය එය දුකෙහි මතුපිට අරුතක් වශයෙන් සළකනු ලබයි. පුද්ගලයා අත්විඳින සමාජ හා සන්තානගත දුක බැහැර කිරීමක් එයින් ගම්‍ය නොවන අතර මූලික බෞද්ධ චින්තනය අනුව මිනිසා ඉදිරියේ ඇති ප‍්‍රමුඛ තම ගැටළුව සංසාර දුක වන අතර සංසාර ගත ජීවන ප‍්‍රවෘතියෙහි අසාර, අපරිපූර්ණ, තුච්ඡු, අර්ථශූන්‍ය හා අතෘප්ති කර භාවය පිළිබඳ ගැඹුරින් විමසා බලන දහමක් ලෙස බුදුසමය සැළකිය යුතුය. පුද්ගල ස්වරූපයෙන් ප‍්‍රකට කරන රුප, වේදනා,සංඥ, සංඛාර සහ විඤ්ඤන යන ස්කන්ධ පහම උපාදාන සහිත බැවින් පංච උපාධානස්කන්ධයම දුක බව උගන්වන බුදුසමය මෙය දුකය, මේ දුකට හේතුවය, මේ දුක නැති කිරීමය, මේ දුක නැති කිරිමේ මාර්ගය ය, යනුවෙන් විසඳුම අවධාරණය කළ අතර ලොව පහළ වන්නා වූ සියළුම බුදුවරුන් ගේ ව්‍යායාමය එය වන බව සමස්ථ බුද්ධ වචනයම චතුරාර්ය සත්‍යම වන බව ලෝකයාට සංග‍්‍රහ කර ඇත.

මෙලෙස නැණැසින් ලොව දැක සවිස්තරව ඉදිරිපත් කළ දර්ශන රැුසක් භාරතය තුළ බිහිව ඇති අතර, ඊටම ස්වායත්ත වූ විෂයයක් සහිතව දර්ශන ඉතිහාසය විමසන විද්වත්හු නවීන දර්ශන විෂය පිළිබඳ දීර්ඝ වශයෙන් ලොවට කරුණු හෙළි කර ඇත. නවීන ලෝකයේ බලපාන දර්ශන අතර ප‍්‍රධාන තැනක් ගන්නේ, තාර්කික යථානුභූත වාදය (ඛදටසජ්ක :චදජසඑසඩසිප*, තාර්කික විභජ්‍ය වාදය (ඛදටසජ්ක ්බ්කහිසි*,ප‍්‍රපඤ්ච විද්‍යාව  චයැබදපැබදකදටහ*සාංදෘෂ්ටින වාදය  : ැංසිඑැබඑස්කසිප* මාක්ස් වාදය :ඵ්රංසිප* කතෝලික නවතෝමිස්ට් වාදය: භැද – ඔයදපසිප*   නව හින්දු වාදය  : භැද –  ්‍යසබාමිසප* හා බුදු සමය යි. (මහාචාර්ය කේ.ඇන්. ජයතිලක* බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් කරුණු දක්වන මහාචාර්ය ජයතිලක ශ‍්‍රිමතාණන්, මෙවැනි අංග සම්පූර්ණ විද්‍යාත්මක ලෝක දර්ශනයක් කිසි නූතන විද්‍යාවක් මගින් ඉදිරිපත් නොවන බව අවධාරණය කර ඇති බව ද සඳහන් කළ යුතු ය.

ආර්ථික සාමාජික මෙන්ම දේශපාලනික වශයෙන් ලොවට යථාවාදී දහමක් ඉදිරිපත් කරන බුදුසමය ත‍්‍රිපිටක ධර්ම අතර අන්තර්ගත සූත‍්‍ර අතුරින් කූටදන්ත සූත‍්‍රය (ආර්ථික සැලසුම්පිළිබඳ* හා චක්කවත්ති සිවනාද යන සූත‍්‍ර මගින් රටක ආර්ථිකය පාලනය විය යුත්තේ රජය මගින් බව දක්වා ඇත. ආර්ථික සමෘද්ධිය මෙන්ම සාමය රඳා පැවැත්වීමට ජනතාවගේ ආහාර මෙන්ම ආරක්ෂා සම්පත්තිය විරැුකියාව දුරු කිරීම මෙන්ම භූමියේත් ස්වාභාවික සම්පත්වලත් ජනතාව සතු අයිතිය රජය ආරක්ෂා කළ යුතු බව මෙන්ම ‘ අරියං චක්කවත්තිවත්තං’ යනුවෙන් චක්කවත්ති සිවනාද යන සූත‍්‍ර මගින්  සක්විති රජෙකු අනුගමනය කළ යුතු උතුම් පිළිවෙතක් වූ දිළින්දන්ට ධනය ලබා දීමට සැළැස්වීම යනාදී වශයෙන් වැදගත් කරුණු රාශියක් පැහැදිළි කර දෙයි. (‘සක්විති රජ, ධාර්මිකව, සාධාරණව, ධාර්මික පාලකයෙකුව, සිව් දිග ජය ගෙන, ජනපද තහවුරුකොට ගෙන, දඬු අවි නොගෙන, දැහැමෙන් සෙමෙන් පෘථිවිය ජය ගෙන වෙසෙන්නාහ’*  දිළින්දන් අතර ධනය නූපදවන කළ දරිද්‍රතාව වැඩි දියුණුවන බව ‘අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වේපුල්ලං ගච්ඡුති’ යනුවෙන් මෙම ධර්ම සූත‍්‍රය මගින් අවධාරණය කර තිබීම තුළින්ම රටක ජනතාව කෙරෙහි දිගු කාලීන වශයෙන් පාලක පක්ෂයේ දැක්ම යොමු කිරීම සංවර්ධනය කෙරෙහි බලපාන එක් පැතිකඩක් වශයෙන් අවධාරණය කෙරෙයි.

භාරත දේශයේ සාන්චි නගරය අසළ පිහිටි වේදිත ගිරි විහාරයේ සිට ලක්දිවට බුදු සමය වැඩම කිරීමෙන් පසුව භික්ෂූන් වහන්සේ ගේ උපදේශකත්වය හා රජු ගේ නිරන්තර අනුග‍්‍රහයෙන් බෞද්ධ සංස්කෘතියේ සකල දායාදයම මහජනතාව සතු විය. බුද්ධගයා, බාර්හූත්, සාන්චි, මථුරා, අමරාවතී, සාරානාත් ආදී ස්ථානයන්හි නිපද වූ අගනා කලා කෘති ආදර්ශ කර ගෙන ලක්දිවට ආවේනික කලා කෘති සම්පාදනය කර ගැනීමට එනම් සිංහල බෞද්ධ ලක්ෂණ විදහා පෑ කලා කෘති අපේ මුතුන් මිත්තන් නිපදවා ගත් බවට සාක්ෂි අපමණය. රටට හා සමයට අනතුරක් පැමිණි සෑම අවස්ථාවකම භික්ෂූන් වහන්සේ ගේ අනුග‍්‍රහය උවමනා වූ බවත් එම ප‍්‍රවණතාව පැවති සෑම අවස්ථාවකම රට දැය සමය නගාලීමට ඇවැසි ශක්තිය ලබා දුන් බවත් ඉතිහාසය විමසීමේදී මනාව අවබෝධවනු ඇත.

බුදු දහම පිළිබඳ ආසියාවේ පමණක් නොව ලොව සෑම රටකම පාහේ උනන්දුවක් දක්වන ජනයා බහුලව වාසය කරන බව සත්‍යයකි. එහෙත් ලෞකික ආශාවන් පිළිබඳ දක්වන උනන්දුව නිසා බහුතරයක් අද බුදු සමය පවා විකෘති කරමින් මෙන්ම තාවකාලික සුවය, සැණසීම සඳහා අපේක්ෂාවෙන් ඇදහිල්ලක් බවට පත් කර ගෙන ඇති බව නිරීක්ෂණය වන බව කිවයුතුය. බටහිර රටවල පවා බහුතරය සිදු කරනු ලබන්නේ බුදුසමය වැළඳගැනීමක් නොව තම සාම්ප‍්‍රදායික ආගම අදහමින් ලෞකිකත්වය කෙරෙහි තව තවත් යොමු වීමය. මීට උදාහරණ වශයෙන් බුද්ධ භාෂිතය වෙනස් කරමින් පිරිත් සජ්ජායනය කිරීම, අත්භූත දේ සම්බන්ධයෙන් හා ජීවන චර්යාවන් සමග බුදුසමයේ හරයන් තාවකාලික විහරණයන් උදෙසා භාවිතා කිරීම සමාජ චර්යාවක් බවට පත්ව ඇත. ඝන පිහිටුවන ලද අක්ෂර සහිත පිරිත් සිංහල බසින් භාවිතා කිරීම නූතන සිරිතක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය මූලික හරයෙන් බැහැරවීමත් අවප‍්‍රමාණයටද හේතුවක් වශයෙන් සමාජ කතිකාවට පත්ව ඇත. ප‍්‍රකට ධර්ම කථික භික්ෂූන් වහන්සේ නමක් වරක් ප‍්‍රශ්ණ කළේ, පිරිත්වල මෙම නව ආර තුළින් ආලෝකයක් ලැබෙන්නේ කෙසේද, එය අප දැවී ගිය නැත්නම් පිච්චීගිය බල්බ්එකකින් ආලෝකය බලාපොරොත්තුවීම් වශයෙනි.  
බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, වියට්නාමය, තිබ්බතය, චීනය, ජපානය, මොංගෝලියාව, කොරියාව යන රටවල මෙන්ම ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, සෝවියට් සංගමය යන රටවල සමහර පළාත්හි ද ලක්දිව හැරුණවිට බුදු දහම අදහනු ඇත.

බුද්ධත්වය ලැබ ගත හැක්කේ මනුෂ්‍යයෙකු විසින් පමණය. බුදුවරයෙකු වීමේ ශක්තිය සෑම මනුෂ්‍යයෙකු සතු ව ඇත්තේ ය. අවශ්‍ය වනුයේ වීර්යය, අධිෂ්ඨානය, ශ‍්‍රද්ධාව, ප‍්‍රඥව ආදී ගුණධර්මයි. බුදුසමයේ පරම නිෂ්ටාව වූ නිර්වාණය නැවත ඉපදීමක් නොවන බව හෙවත් ‘පුරා නිවී ගිය’ යන අරුත ලෝක සත්වයා වෙත අපිරිමිත කරුණාවකින්, දයාවකින් හා මෛත‍්‍රියකින් දේශනා වදාළ බුදුරදුන් ගේ පිරිනිවීම ධර්ම සත්‍යයක්ම බව ප‍්‍රත්‍යක්ෂය.

මිනිසා තමා ගත කරන මොහොත හැමවිටම අමතක කර අතීතයෙහි හෝ අනාගතයෙහි ජීවත්වීම පුරුද්දක් වශයෙන් සිදු කරන අතර, සිතින් මවා ගත් ලෝකය තුළ ඉන්ද්‍රිය ප‍්‍රීණනය සොයා ඉමහත් වෙහෙසක් දරයි. මේ ව්‍යායාමය නිසා, මිනිසා තුළින් පොදුවේ ප‍්‍රකට කරන තෘෂ්ණාව, පටිඝය, ආත්මාර්ථය, අවිද්‍යාව, මානය යනාදී බුදුසමය බැහැර කළ යුතු බව අවධාරණය කරන දෑ සමාජය සංකීර්ණවන්නට වන්නට බහුලව පැවතීම තුළින් සමාජයට ප‍්‍රක්ෂේපණය වීම හරහා මුළුමහත් සමාජ දේහයම විකෘති වීම වැළැක්විය නොහැකි බව බුදුසමය අවධාරණය කරයි.

ආත්මය නම් චිත්තය හෙවත් මනස හෙවත් විඥනය ම යයි සමහරු සිතති. එහෙත් පෘතග්ජනයෙකු සිත ආත්මය යැයි ගැනීමකට වඩා කය ආත්මය යැයි ගැනීම හොඳය යි, බුදුන් වහන්සේ වදාළහ. කය දැක්ක හැකිය; ස්පර්ශ කළ හැකිය. එය වසක් හෝ දෙවසක් හෝ සිය වසක් හෝ පැවතිය හැකිය. එහෙත් මනස හෙවත් විඥනය ? දවල් මුළුල්ලේ වෙනස් වෙයි.(බුදුන් වදාළ ධර්මය, පි.94*

බුදුසමය දෙවිවරු හා මනුෂ්‍යයෝ :- 

චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිර්මාණරති, පරනිර්මිත වසවර්ති, යන දිව්‍යලෝක පිළිවෙළින් එකකට වඩා අනික උසස් ආකාරයෙන් පවතීයි (මජ්ඣිම නිකායෙහි ධනඤ්ජානි සූත‍්‍රය* 
    මනුෂ්‍යලෝකය කාම සුගති අතරින් එකකි. එය මානුෂික සැප සම්පත්වලින් යුක්ත ය. එහෙත් මිනිස් ලොවට වඩා සැප සම්පත් දිව්‍යලෝකයන්හි වෙයි. සැප සම්පත් භවාසාව වඩවා ප‍්‍රාර්ථනා කර ලබා ගැනීම බුදුසමයේ නිර්දිෂ්ඨ නොවේ.

‘‘ස ඛො සො භික්ඛවෙ. පණ්ඩිතො කායෙන සුචරිතං චරිත්වා වාවාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති යං ඛො තං භික්ඛවෙ සම්මාවදමානො වදෙයේ‍ය එකන්තං ඉට්ඨං එකන්තං කන්තං එකන්තං මනාපන්ති සග්ගමෙව තං සම්මා වදමානෙ වදෙය්‍ය: එකන්තං ඉට්ටං එකන්තං කන්තං එකන්තං මනාපන්ති යාචංඤ්චිදං භික්ඛවෙ උපමාපි න සුකරා යාච සුඛා සග්ගාති’’ මජ්ඣිමනිකාය (බාලපණ්ඩිත සූත‍්‍රය, 185*

(මහණෙනි, යම්කිසි නුවණැති පුද්ගලයෙක් කයින් වචනින් මනසින් සුචරිතයෙහි හැසිර මරණින් මතු දෙව්ලොව උපදියි. යම්කිසිවකට ඉතා ම හොඳයි, ඇත්තෙන්ම ප‍්‍රියයි. අතිශයින් ම මනාපයි යනුවෙන් කිවයුතු වන්නේ දිව්‍ය ලෝකයට යි. මහණෙනි,  දිව්‍යලෝකයෙහි සැප සම්පත් මෙබඳු යයි අඩුවශයෙන් උපමාවකින් වත් ප‍්‍රකාශ කළ නොහැකිය.*

    ‘‘ දෙවාති තයො දෙවා, සම්මුති දෙවා, උප්පත්ති දෙවා, විසුද්ධි දෙවා නාම රාජානො දෙවියො කුමාරා, උප්පති දෙවා නාම චාතුම්මහාරාජිකෙ දෙවෙ උපාදාය තදුපරිදෙවා, විසුද්ධි දෙවානාම අරහන්තො වුච්චති’’ (විභඬ්ග ප‍්‍රකරණය 324, ඩබ්. රතනජෝති සංස්කරණය*

 (දෙවියෝ නම් ත‍්‍රිවිධාකාර දෙවියෝය. සම්මුති දෙවියෝ, උත්පත්ති දෙවියෝ විසුද්ධි දෙවියෝ යනුයි. සම්මුති දෙවියෝ නම් රජවරු බිසෝවරු හා රාජකුමාරයෝ ය. උත්පත්ති දෙවියෝ නම් චාතුම්මහාරාජික දෙවියන් පටන් එයින් උඩ දෙව්ලොව දෙවියෝ ය. විසුද්ධි දෙවියෝ නම් රහත්හු ය. මෙහි ‘දේව’ ශබ්දය රජුන්ටත් රහතන්වහන්සේලාටත් යෙදෙන්නේ සම්ාවාර්ථයෙහි හා ගෞරවාර්ථයෙහි ය. උත්පත්තියෙන් ම දෙවියන් ව උපදින චාතුර්මහාරාජිකාදී දෙව්ලොව වසන දෙවියෝ උත්පත්ති දෙවියෝ ය.*
බුදුරජාණන්වහන්සේ දෙවිවරු ගැන, දෙව්ලොව උපදින්නට කළයුතු ප‍්‍රතිපදා මෙන්ම, විවිධ දෙවිවරු පිළිබඳ මජ්ඣිම නිකාය (මූලපරියාය සූත‍්‍රය* වැනි නිකාය ග‍්‍රන්ථයන්හි සඳහන් වෙයි.
ශ‍්‍රද්ධාව, භක්තිය මත පිහිටි සිත දෙවියන් මෙන්ම චාතුර්මහාරාජික, පරනිර්මිත, වසවර්ති ආදී දිව්‍යලෝක පිළිබඳවත් එහි වෙසෙන දෙවිවරු මෙන්ම එම දෙවිවරු එතැනට පත්වීමට භාග්‍යය ඇති කර ගැනීමෙහි ලා දැක්වූ ශ‍්‍රද්ධා හා ශීලයන්හි බලය පිළිබඳ පෘතග්ජනයා භක්තිමත්ව මෙනෙහි කිරීම තුළින් සිත්හි පහළවන කෙළෙස් ප‍්‍රහීන වන බවත් දේවත්වය ප‍්‍රාර්ථනා කිරීම සසර ගමන ප‍්‍රමාද කිරීම සඳහා බාධාවක් බවත් යමෙකු දෙවියන් උදෙසා අකුසල කර්ම කරයි නම් විපාකවලින් මිදිය නොහැකි බවත් තමා නිසා අකුසල කර්ම කළ පුද්ගලයා සසර දුකින් බේරා ගැනීමට දෙවියන්ට හැකියාවක් නොමැති බවත් දෙවියන් සම්බන්ධකොට අධර්ම හෝ විසම චර්යාවන්හි යෙදීම නුසුදුසු බවත් බෞද්ධ ඉගැන්වීම් අතර වෙයි.
’කතමා අමනුස්ස පුච්ඡුා, අමනුස්සා බුද්ධං භගවන්තං ආදී වශයෙන් ‘නිද්දේසපාලියෙහි සඳහනින් අර්ථවත් වන්නේ, දෙවියන් ද අමනුෂ්‍ය හෙවත් මිනිස් නොවන අරුත් ගැන්වෙන බවය. අටුවාචාරීන් වහන්සේලා ගේ විග‍්‍රහයට ද අනුව ඉහළ දිව්‍යලෝකයන්හි දෙවිවරු  ඕපපාතිකව උපදින බවත් පොළොවෙහි වාසය කරන ‘භුම්මා දෙවා’ නමින් හැඳින්වෙන දෙවිවරු චතුර්යෝනිකව එනම් අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඔපපාතික යන සතර ආකාරයටම උපදින බවත් තහවුරු කෙරෙයි.

”    ආසියානු බෞද්ධ හා අනෙකුත් සම්ප‍්‍රධායන්හි නාගයන් සලකනු ලබන්නේ භූම්‍යස්ථ දේව කොට්ඨාසයක් ලෙසිනි. ජලාශ‍්‍රිත පුදබිම්වල නාගයෝ (නාග දෙවිවරු* විශේෂයෙන් පුද ලබති. සුවණ්ණ, අසුර, යක්ෂ, ගාන්ධර්ව යන ෂත්ත්ව කොට්ඨාසයෝ දේවතා ගණයට ද වැටෙන සෙසු බල සම්පන්න භූම්‍යස්ථ ජීවීහු වෙති.”
”    නාගරාජවරු අතර ලක්දිව චිරප‍්‍රසිද්ධ වූවෝ මණිඅක්කනා රජු ය. එතුමන්ගේ වාසභූමිය ද කැලණියයි. තථාගතයන් වහන්සේට කැලණියට වැඩමවීමට ආරාධනා කළ මෙතුමා බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේ ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකයා ද විය. කැලණි විහාරයේ ස්ථාන දෙකක මෙතුමන්ගේ ප‍්‍රතිමා දක්නට ලැබේ. ඉන් එකක පැරණි විහාර කොටසේ ඉදිරිපස බිත්තියේ මූර්තිමත් කොට ඇති නුවර යුගයට අයත් විශාල ප‍්‍රමාණයේ (දහඅට රියනක් පමණ වන * ප‍්‍රතිමාවයි. එහි දෙපස නාග කන්‍යා රූප දෙකක් ද විද්‍යාමාන ය. දෙවැන්න නව විහාරයේ පිටත බිත්තියේ මූර්තිමත් කොට ඇති නව ප‍්‍රතිමාවයි. මණිඅක්ක නා රජුන්ගේ ප‍්‍රතිමාවක් හෝ චත‍්‍රයක් වුව  දක්නට ලැබෙන වෙනත් පූජනීය ස්ථානයක් පිළිබඳ තොරතුරු අප‍්‍රකට බැවින් මෙ නිර්මාණය ද කැලණි විහාරයටම සුවිශේෂී වූ නිර්මාණ බව සිතීම නිවැරදි ය. (බුද්ධරක්ඛිත හිමි*’’
දෙව්ලොව දෙවිවරුන් පහළවීම පිළිබඳ අමාවතුර කෘතිය සංග‍්‍රහකරණ ආකාරය විමසීමේ දී ද, මනුෂ්‍යාත්මභාවය තුළ දි සිදු කළ කුශලයන්හි ස්වභාවය කර්මානුරූපව බලපාන ආකාරය තේරුම් ගත හැකිය.
‘‘ දෙවියන් දුහු දු පුත්හු ද උපපාදුක වැ ( ඕපපාතිකව අංගසම්පූර්ණව පහළවීම*,  ඇකයෙහි උපදිති. පාදපරිචාරිකාවෝ යහන්හි උපදිති. ඔවුන් පායින් ගන්වන (සුවඳ ආදියෙන් සරසන*, පළඳනා පළඳවන දෙවියෝ යහන්වටා උපදිති. මෙහෙකරණ දෙවියෝ ඇතුළු විමන්හි උපදිති. ඔවුන් සඳහා දෙවියන් කරන සටන් නැති. යම්කෙනෙක් හිමි අතුරෙහි උපන්හු ද ඔහු ‘මා ගැත්තාහ’ යි ‘තා ගැත්තාහ’ යි නිශ්චය කරන්නට නො පෙහොසත් වූවාහු උනුන්හා සටන් කෙරෙති. සක්දෙව් රජ හු කරා ගොස් පුළුවුස්ති. හේ යමක්හුගේ විමනට ආසන්න වී නම් ‘‘උහු ගැත්තේ යැ’’ යෙයි. ඉදින් දෙදෙනාගේ සීමා මධ්‍යයෙහි උපදැ යමක් හු විමන් බලා සිටියේ වී නම් ‘‘ උහු මැ ගැත්තේ යැ’’ යෙයි එකක් හුදු ගේ විමන් නොබලා සිටියේ නම්, දෙනො කලහ පසිඳිනා (නැතිකිරීම*, සඳහා සක්දෙව් රජ තමා අයත් කෙරෙයි. මෙ ඇ නොඑක් විනිස දු එහිමැ පවතී. (අමාවතුර, පලන්නරුවේ විපලධර්ම සංස්කරණය, ’’(පි. 238, 239*
දිව්‍යලෝකයෙහි පහළවීම් පිළිබඳ හා ඉන් පසු දිව්‍ය ජීවිත පිළිබඳ සංකීර්ණතා මදක් මෙයින් පැහැදිළිවෙයි. බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ සසරෙහි සැරිසැරීම හෙවත් (දුක*  සැප ප‍්‍රාර්ථනා නොකිරීම ය. පුද්ගලයා සිය ජීවිත කාලය තුළ සිදු කරන සෑම ක‍්‍රියාවක්ම සාංසාරිකව බලපාන ආකාරය බුදුසමය මනාව විග‍්‍රහ කර ඇත. ‘නිවන’ මිස වෙනත් සැපයක් නොවන බව බුදුරදුන් වදාළේ සෑම උපතක්ම දුකම වන බැවිණි.    
තෙරුවන් සරණ ගිය ශාසනාරක්ෂක හා ශාසනමාමක දෙවි දේවතාවුන් ලෙස සමාජ ගතව ඇති දේව කොට්ඨාස මෙන්ම හින්දු දේව සම්ප‍්‍රදායට අයත් දෙවිවරු ද ලාංකීය සමාජය තුළ තහවුරු වී පූජ්‍යත්වයට පත්ව ඇත. බොහෝ විහාරස්ථානයන්හි දේවමන්දිර පවත්වා ගෙන යන අතර ගම්භාර දෙවියන්ට ද එ් අතර සුවිශේෂී තැනක් හිමිව ඇත. එ් තුළින් සිදුවන සමාජ මෙහෙවර ද සුළුපටු නෙවේ. දෙවිවරුන්ගේ සමාජ මෙහෙවර පිළිබඳ අතීතය ඉතා ඈතට දිවයන්නක් බව මුලින් සඳහන් කළෙමි. අපක්ෂපාතී හා සාධාරණයේ නාමයෙන් ලක්දිව සමාජගතවන විභීෂණ දේව නාමය මානව හදවත් හි තැන්පත් වන්නේ, සුප‍්‍රකට රාම, රාවණ සිද්ධියත් සමගය මන්ද අගියට පත් පාර්ශවයට උපකාර කිරීමපිළිබඳ අදහස නිසාය. එපමණකුදු නොව ‘ කෝට්ටේ යුගය සිහිපත් කරන ‘ලෝකනාථා’ කුමරියගේ දරු උපතත් සමග දරු
සම්පත් අපෙක්ෂාවෙන් විභීෂණ දෙවියන් යැදීමේ චාරිත‍්‍රය අඛණ්ඩව සිදු කරගන යයි. මෙවැනි ආකාරයන් ගෙන් සමලක්ෂිත වූ සමාජ කාරණාවන් රාශියකට ලාංකීය සමාජය තුළ පූජ්‍යත්වයට පත් දෙවි දේවතාවන් රාශියක් අති ප‍්‍රබල මෙහෙවරක් ඉටුු කරමින් වැඩ සිටීයි.
උපුල්වන් දෙවියන් ලංකා ඉතිහාසයේ ආදි යුගයේ සිට ඇදහීමට පාත‍්‍ර වූ දෙවි කෙනෙකි. විජය කුමරු සහ පිරිස රැුක ගැනීමේ මහාවංශ පුවත ද සාක්ෂි සපයති. කිහිරැුළි උපුල්වන් වශයෙන් ද නම් කරන්නේ, ආරම්භය නැත්නම් උපතකිහිරැුළිය හෙවත් දෙවුද්දර නිසාය. වෛදික සාහිත්‍යයෙහි එන වරුණ දිව්‍ය රාජයා උපුල්වන් නමිනුත් යම දෙවියා සමන් දෙවි නමිනුත් ලක්දිවට ස්වදේශී කරණය වූ බව මහාචාර්ය පරණවිතාන සූරීන් ගේ මතය යි. මොහුගේ බිරිඳ චන්ද්‍රවර්ණ හෙවත් සුදු පැහැ වන අතර උපුල්වන් යනු නිල් පැහැය වශයෙන් සැළකේ එ් අනුව උපුල්වන් යනු නිල්පාට තැනැත්තා ය. වරුණගේ බිරිඳ චාරුණිය එනම් රතු පාටය. හංස සන්දේශයෙහි මෙලෙස සඳහන් කරන්නේ උපුල්වන් දෙවිඳුන් ගැනය.
    ‘‘මුනිඳුන් උපුල්වන් – සුරිඳුන් නරනිඳුන්        වෙත
     බැති සිත රකින තම පණ සතර වැනි           කොට ’’(හංස, 51*
                       
‘මහණෙනි යම් කලෙක රජවරු ධාර්මික වෙත් ද එකල රජයෙහි නියුක්තයෝ   ද ධාර්මික වෙත් –  පෙ – සමවූ වාතය හමත්. එකල දෙවියෝ පැහැදෙත් දෙවියන් පැහැදුනු කල වර්ෂාව මනාකොට වසිත් එකල ශෂ්‍ය මනාව වැඩෙත්; එය වැළඳීමෙන් මනුෂ්‍යයෝ වර්ණවත් ව, බලවත් ව, නිරෝගී ව ජීවත් වෙත්; යම් කලෙක රජවරු අධාර්මික වෙත් ද වාතය විෂම වෙයි. එකල දෙවියෝ කෝප වෙති. කෝප වූ දෙවියෝ නියම කලට වැසි නොවස්සති; එකල ශෂ්‍ය විෂ වෙයි. එ්වා වැළඳීමෙන් මනුෂ්‍යයෝ අල්ප ආයුෂ ඇති ව දුර්වර්ණ ව බොහෝ ආබාධ ඇතිව ජීවත් වෙති. (අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, දුතිය වර්ගය, අධම්මික සූත‍්‍රය 236 පිට*
බෞද්ධ ඉගැන්වීම අනුව ‘සියල්ල අනිත්‍යය, අනිත්‍ය නිත්‍යය’ යන ධර්මතාවයට අනුව සියල්ලෝම මරණයට පත් වෙති. දෙවියන්ට ද මරණ දුක සාධාරණ බව උදාන පාලියෙහි එ්කපුත්ත සූත‍්‍රයෙන් පෙන්වා දෙයි.
 ‘ පියරූපස්සාදගථිතාසෙ දෙවකායා පුථු මනුස්සා ච
   අඝාවිනො පරිජුන්නා මච්චුරාජස්ස වසං ගච්ඡුන්ති’  (උදානපාළි,මුචලින්ද වර්ගය,7සූත‍්‍රය,පි 158*
(ප‍්‍රිය ස්වභාවය ඇති රූපස්කන්ධාදීන්හි සුඛ වේදනාස්වාදයෙන් බැඳී ගිය සිත් ඇති බොහෝ චාතුර්මහාරාජිකාදී දේව සමූහයෝ ද මනුෂ්‍යයෝ ද දු×ඛිත වූවාහු පිරිහුනාහූ මාරයාගේ වසඟයට යති*
දෙවියන් පැළඳ සිටින මල් කිසි දිනක මැල නෙවෙන බවත් නමුත් දෙව්ලොව විසිය හැකි සම්පූර්ණ ආයුෂ ගෙවී ඉන් චුත වීමට කාලය පැමිණි විට එ් මල් මැලවෙන්නට පටන් ගන්නා බවත් පැළඳ සිටින වස්ත‍්‍ර කිසිදා කිළිටි නොවනමුත් එම කාලය එළඹෙත්ම වස්ත‍්‍ර කිළිටි වීමටත් ඩහදිය ගැලීම ශරීරය දුර්වර්ණ වීම තම විමානය කෙරෙහි ඇල්ම නැති වීම යන පෙර නිමිති පහළ වීමෙන් පසු දෙවියන් දෙව්ලොව හැර යන්නට ආසන්න බව දැන ගනී. ස්වර්ගය සදාකාලික යැයි සිතූ දෙවියන්ට මෙය මහත් දුකක් බවත් මරණින් පසු උප්පත්තිය නොදන්නා බැවින් දෙවියන් ද බලවත් සේ දුකට පත් වන බව බෞද්ධ ඉගැන්වීමයි (නිද්දේසපාළිය* ඇතැම් දිව්‍ය ලෝකයන්හි ඉතා දිගු ආයුෂයක් ප‍්‍රකට කිරීම නිසා දෙවිවරුන්ටද අනිත්‍යය පිළිබඳව මතකය අමතකවන ස්වභාවයක් ඇති කරයි. 
පින් කර ගැනීමට දෙවියන්ට ලැබෙන්නේ මනුෂ්‍යලෝකයෙහිදී පමණක් බවත් මනුෂ්‍ය ලෝකය තුළදී බුදු දහම ශ‍්‍රවණය කළ හැකි වීමත් නිසා අන්‍ය ලෝකයනට වඩා යහපත් බව හේතුකොට ගෙන දෙවිවරු මිනිස් ලොවට සුගතිය යනුවෙන් ව්‍යවහාර කරන බව කියවෙයි. තවද ත‍්‍රිපිටකාශ‍්‍රිත කරුණු අනුව මිනිසා ගේ දුගඳ දෙවියන්ට ඉසිලිය නොහැකි තරම් බව (ඉතිවුත්තකපාළි* මෙන්ම පිළිකුල් සහගත වන බව ද ‘ඉතිවුත්තකපාළියෙහි කියවෙයි.
අප්පමත්තෝ අයං ගන්ධො යායං තගර වන්දනී
යොචසීලවතං ගන්ධො වාති දෙවෙසු උත්තමො (ධම්මපදය, පුප්ඵ වර්ගය 13*
”මිනිසුන්ගේ දුගඳ යොදුන් සියයක් දුර දෙවියෙකුට අසූචි ගඳක් සේ දැනුනත් සිල්වතුන්ගේ ගන්ධය දෙව්ලොව දක්වා පැතිරෙන බව සඳහන් වෙයි.”
සූත‍්‍රගත දේශනාවන්ට අනුව දෙවියෝ මනුෂ්‍ය ලෝකයට පැමිණ බුදුන්වහන්සේගේ ධර්ම දේශනයන්ට සවන් දුන් බවත් යම් යම් සාකච්ඡුා පැවති බවත් එම අවස්ථාවන්හි විවිධ ස්වරූපයන් මවා ගෙන සිටි බවත් අංගුත්තර නිකායට අනුව පැහැදිළිය. (හත්ථක සූත‍්‍රය*                                                 
පැවිදිවීම සඳහා ගිහිගෙයින් නික්ම පැවිදි වීම, භාවනානුයෝගීව ජීවිතය ගත කිරීම, රහත් භාවයට පත්වීම ද දෙවියන් ප‍්‍රමෝදයට පත් කරවන්නක් ලෙස සුත්ත නිපාතයෙහි ‘යස්මාහි ධම්මං පුරිසො විජඤ්ඤ, ඉන්දංච නං දෙවතා පූජයෙය්‍ය’ යනුවෙන් ඉන්ද්‍ර තෙමේ පුදන ආකාරයෙන් මනුෂ්‍යයා පුදනබව සඳහන් වෙයි.
මාතෘකා ගත කරුණ අනුව විශ්ව දහම අවබෝධ කරගත් බුදුන්වහන්සේ මිනිසා ඇතුළු සියලූ සත්වයෝම සසරින් මිදීම නැමැති ඓහලෞකික සම්පත්තිය කරා යාමට ඇති මාර්ගය පෙන්වා දුන් අතර සිතුවිලි සහ ක‍්‍රියාවන් මිනිසාට සිය සංසාර ගමනේදී කොතරම් විපුලත්වයක් උදා කර දෙන්නේ ද යන්නත් අප අත් විඳින සමාජයේ මිනිස් චෛතසිකයේ හා හැසිරීමේ ස්වභාවයත් කෙටියෙන් හෝ විස්තර කර දැක්වීම මෙම නිබන්ධනයෙහි අරමුණ බව සඳහන් කරනු කැමැත්තෙමි.
සක‍්‍රදෙවියන් වනාහි දෙව්ලොවට අධිපති දෙවියන් ය. බෝධිසත්වයන් මනුෂ්‍ය භාවයේ සිට සතර වරක් දෙව්ලොවට ගිය හ. එනම්, මන්ධාතු නම් රාජ්‍ය සමයේ, සාධීනරාජ කාලයෙහි, ගුත්තිල වීණා වාදක කාලයෙහි හා නිමි මහා රාජක කාලයෙහි ය. මන්ධාතු රාජ්‍ය සමයෙහි දෙව්ලොව අසංඛ්‍යයක් අවුරුදු විසූ බව මධුර සූත‍්‍රයෙහි සඳහන් වෙයි. එ් සමයෙහි සක‍්‍රයන් තිස්හය දෙනෙකු පරලොව ගිය බව වැඩි දුරටත් සඳහන් වෙයි. 
‘මිනිස් සන්තානය තුළ ජනිතවන අභ්‍යන්තරික ගැටුම් මෙන්ම අප අවට පර්සරයේ ඇතිවන සමාජ ප‍්‍රශ්න හා ගැටුම් බෞද්ධ පිළියම් තුළින් ජය ගැනීමේ මාර්ගයක් සෙවීම බුදුසමයේ මුලික අවධානය යොමුවන කේන්ද්‍රීය අංශයකි.’ (මහාචාර්ය පීටර් හාර්ච්*
‘මිනිස් සන්තානය තුළ ජනිතවන අභ්‍යන්තරික ගැටුම් මෙන්ම අප අවට පර්සරයේ ඇතිවන සමාජ ප‍්‍රශ්න හා ගැටුම් බෞද්ධ පිළියම් තුළින් ජය ගැනීමේ මාර්ගයක් සෙවීම බුදුසමයේ මුලික අවධානය යොමුවන කේන්ද්‍රීය අංශයකි.’ (මහාචාර්ය පීටර් හාර්ච්*
මිනිසා ජීවිතය තරම් වැදගත් දෙයක් නොමැති බව සිතයි. අන් සියලූ වස්තු දෙවන කොට සිතන අතර තමා මෙතරම් අගය කරන වස්තුවට අනෙකා ද අගය කරන්නේ නම් කිසි විටෙක ගැටුම් ඇතිවේද යන්න විමසීමට කාරණයකි. සමාජවිද්‍යාත්මකව බැලීමේ දී බුදුසමය මානව සමාජයට පංච ශීල ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙමින් අනුන්ගේ දුක ගැන විමසන්නට අවස්ථාව සළසා දී ඇති බව ද පෙනේ. ප්ලේටෝ නැමැති ග‍්‍රීක දාර්ශනිකයා ඉතාම සන්තුෂ්ටියෙන් ජීවිතය ගත කරන්නේ, සත්ගුණවත් තැනැත්තා බව සඳහන් කර ඇත. ලෞකික ජීවිතය තුළ සන්තුෂ්ටිය සොයා යන මිනිසා කරදරවලින් මිදීමට ආගම පිළිසකර කර ගන්නේ අනාදිමත් යුගයක සිටය. පව් පින්, පුනර්භවය, කර්මය, නිර්වාණය වැනි ධර්ම කාරණා අවධාරණය කරන යථාවාදී දහමක් ලෝකයට පහළ වන්නේ ගෞතම බුදුන්වහන්සේ ගේ බුද්ධත්වයත් සමගය. මානව අභ්‍යන්තරයෙහි හෙවත් මිනිස් සිතෙහි නොපෙනෙන දේ විශාලය. වචනයෙන් සහ ක‍්‍රියාවෙන් පෙනෙන්නේ සුළු වශයෙනි. තනිව දුර ගමන්හි යෙදෙමින් ප‍්‍රත්‍යක්ෂ ගුණ ලබා දෙන සිත දමනය කර ගතයුතු බව බුදුන් වහන්සේ  අවධාරණය කළ වැදගත්ම කාරණයයි. සන්තානගත මෙන්ම සමාජගත දුකින් පීඩාවට පත් මිනිසා සහනයක් පැතීම ස්වාභාවිකය. බුදුසමය හඳුන්වා දී ඇති පිරිත් එ් අතුරින් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන දේශනාවකි. එමෙන් ම බුද්ධ භාෂිතයන් මුල් නිකාය ග‍්‍රන්ථයන් ගෙන් උපුටා ගත් සූත‍්‍ර ගණනවකින් සැදුම් ලත් සංග‍්‍රහයක් වන අතර අමනුෂ්‍ය භීතිය, ජන ජීවිතයේ සියළු ශුභ අවස්ථාවන්හිදී මෙන්ම විවිධ රෝග උපද්‍රවයන්ගෙන් මිදීම සඳහාත් බුද්ධ කාලයේ පටන් පිරිත් පිංකම් පැවති බව බෞද්ධ ඉතිහාස සටහන් අනුව පැහැදිළිය.
නූතන මිනිසා භෞතික සම්පත් මගින් තම පරිදිය විශාල කර ගැනීමේ මෙහෙවරක යෙදී සිටී. නික්ලේෂී ජීවිතය යෝනිසෝමනසිකාරය තුළින් ආධ්‍යාත්මික සංවර්ධනය කරා ජීවිතය ගමන් කරවනු ලබයි. රැුස්කිරීම තුළින් මිනිසා කෙලෙස් අඳුරින් (මනස* වසා දැමීම හේතුවෙන් තව තවත රැුස් කිරීම් නිසා කාම ජීවිතය සංසාර චක‍්‍රයෙහි බැඳ දමනු ඇත. මෙය බුද්ධාගම ආතල් එකට ගන්න රටක් වශයෙන් හැඳින්වීමට පෙළඹෙන්නේ මෙම අපිස් ජීවිත නිසා ය.   
ආටානාටිය පිරිත වනාහි අමනුෂ්‍යයන් පලවා හැරීමට ඉතාම වැදගත් ප‍්‍රබල පිරිත ය. මේ පිරිත කිය යුතු කෙසේද කොයි විටද යන්න ගැන දීඝ නිකාය අට්ඨකථාව උපුටා දක්වමින් වල්පොල රාහුල ස්වාමිපාදයන් වහන්සේ පෙන්වා දෙන්නේ, අමනුෂ්‍ය භීතිය වැනි අවස්ථාවක ‘මෙත්ත සුත්ත’, ‘ධජග්ග සුත්ත’ හා රතන සූත්ත සත්දවසක් සජ්ඣායනා කළ යුතු බවත් අමනුෂ්‍යයා ආතුරයාගෙන් පිට වී ගියොත් කටයුත්ත සාර්ථක බවත් එසේ නොයන්නේ නම් ‘ආටානාටිය පිරිත’ දේශනා කළයුතු බවත්ය. මේ අවස්ථාවේ කළ යුතු ආරක්ෂා පිළිවෙත් වශයෙන් මේ සූත‍්‍රය දේශනා කරන භික්ෂුව මස් මාංශ හෝ පිටියෙන් සෑ¥ ආහාර නොගත යුු බවත් භූතයන් ගෙන් හිරිහැර පැමිණිය හැකි බැවින් සොහොන් බිමක නොවිසියයුතු බවත් විහාරයේ සිට ආතුරයා වෙත භික්ෂුව කැඳවා ගෙන යෑමේ දී අවි හා පලිහ ගත් පිරිසක් උන්වහන්සේ පිරිවරා යායුතු බවත් එළිමහනකදී ආටානාටිය සජ්ඣායනා නෙකළ යුතු බවත් ය. සූත‍්‍රය  සජ්ඣායනා කරන භික්ෂුව ෙදාර කවුළු වැසූ කාමරයක් තුළ හිඳගෙන මෙත් සිත පෙරටු කර ගෙන දේශණා කළ යුතු බවත් ආදී වශයෙනි (දීඝ නිකාය අට්ඨකථාව පි. 707*
අනිත්‍යතා ධර්මයෙහි වැදගත් අංගයක් වශයෙන් දුක තහවුරු කරන මෙවැනි අංශයන් මිනිසා සිය ජීවිතය තුළ අත්විඳින ආකාරයන් අප දැක ඇත්තෙමු. ලොව විවිධ දර්ශනයන් සමග බුදුසමය විමසන විවිධ විද්වත්හු වෙති. මිනිසා සහ ඔහුගේ ස්වභාවය බුදුන්වහන්සේ විශ්ලේෂණය කළ බව මෙන්ම දුකින් පිරි ජීවිතයෙන් ඈත් වී විමුක්තිය උදෙසා අනුගමනය කළ යුතු මාර්ගය පිළිබඳ උපනිෂද් දර්ශනයට වඩා ප‍්‍රබල මතයක් පදනම් කර ගෙන බුදුසමය එළඹ ඇති බවත් බුදුන්වහන්සේ මිනිසා නිතර වෙනස් වන සන්දර්භයක් තුළ පිහිටුවා තේරුම් ගන්නට උත්සාහ කළ බව පවසන මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි සූරීන් දුක්ඛ ‘ මිනිසාගේපැවැත්මේ (ජීවිතයේ* මූලිකාංගයක් වනුයේ එමඟින් පැවැත්මක් නැති බව නැතහොත් සාංදෘෂ්ටිකවාදී යෙදුමකට අනුව පැවැත්මේ අසම්පූර්ණ බව පිළිබඳ අවබෝධයක් ඇති කරන හෙයින් බව පවසයි. තවදුරටත් කරුණු දක්වන හෙතෙම චතුරාර්යසත්‍ය දහම තුළට දුක ඇතුළත් කිරීම ම ඊට ප‍්‍රමුඛත්වය දී ඇති බවට සාක්ෂි වශයෙන් සඳහන්කරයි.
නූතන ලෝකය තුළ දෙස් විදෙස් වශයෙන් බුදුසමය දුක ගැන පවසන අශුභවාදී දහමක් වශයෙන් ද කල්පනා කරති. මෙය සම්පූර්ණ වැරදි මතයක් වශයෙන් බුදුසමය පෙන්වා දෙන අතර එවැනි අදහස් දරන බහුතරයක් අතර ජීවත්වන ‘එ්ඩ‍්‍රියන් හෝලි’ නැමැති, බුදුසමය අනුව ජීවත්වෙන මෙහෙණිය පවසන්නේ; ”ක‍්‍රීම් කේක්, චොකලට්, සංගීතය, විනෝද ගමන්යාම හා ආදරය කිරීම යනාදියට අනෙක් අය මෙන්ම බෞද්ධයන්ද කැමතිය. එහෙනම් මේ දෙපිරිස අතර පවතින වෙනස කුමක්ද, බෞද්ධයන් මේ දේවල් රසවිඳින නමුත් එ්වායේ තිබෙන අස්ථිර භාවය පිළිබඳ අවබෝධයෙන් ඔවුහු කටයුතු කරති යනුවෙනි. හැම දෙයකටම අදාළ ඇතිවන හා නැතිවන ස්වභාවය තම හුස්ම ගැන අවධානයෙන් සිටින මොවුහු හොඳින් හඳුනාගෙන සිටිති. තමුන්ගේ ආදර සම්බන්ධය හෙට වන විට දෙදරා යාහැකිය. කුඩාකල සිට සුරතල් කළ දරු පැටියා, මතු දා විවාහයකට එළැඹ මා අතහැර යනු ඇත. පණ මෙන් ඇලූම් කළ අලංකාර නිවස කාලයාගේ ඇවෑමෙන් ගරාවැටීම නෙවැළැක්විය හැකිය. මගේ හිසකෙස් සුදුවෙයි. සිරුර වැහැරී යයි. මේ ජීවිතය මරණයෙන් කෙළවර වෙනු ඇත. භෞතික දේවල්වල ඇති අස්ථිර භාවය හොඳින් වටහා ගැනීම දුක්වීමට කාරණාවක් නොවේ. පීච් කැකුල පීච් මලක් බවට පත්වීම ස්වභාවිකය. එය සදා නෙවෙනස්ව පැවතුණහොත් පීච් ගෙඩියක රස බැලීමේ මහඟු අවස්ථාව අපට අහිමි වී යයි. භෞතික දේ ස්ථිර යැයි සිතා එ්වායේ ඇලී ගැලී සිටීම දුකට හේතුවයි. හේතු ප‍්‍රත්‍යයකින් හටගන්නා සියලූ දේ අස්ථිර යැයි තේරුම් ගත්විට සිත තුළ නිරාමිස ප‍්‍රීතියක් ඉබේම හට ගනී. භාවනාවෙන් උකහා ගන්නා කරුණාව හා ප‍්‍රඥව භෞතික වෙනස්වීම ඉදිරියේ සන්සුන්ව හා සතුටින් සිටීමේ මහ බල ශක්තියක් අපට නිබඳවම සපයා දෙයි. මේ අනුව බෞද්ධයෙකු වීම යනු සියලූ සැප සම්පත් අතහැර වන වැදීම නොවන වග ඔබ වටහා ගතයුතුය. මෙය සියලූ බුදුවරුන්ගේ අනුශාසනයයි. ඔබේ සිතුවිලි පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුයි. මන්ද එ්වා වදන් බවට පෙරැුලෙන හෙයිනි, ඔබේ වචන ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. මන්ද එ්වා ක‍්‍රියාකාරකම් බවට පෙරැුලෙන හෙයිනි, ඔබේ ක‍්‍රියාකාරකම් ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. මන්ද එ්වා පුරුදු බවට පෙරැුලෙන හෙයිනි, ඔබේ පුරුදු ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. මන්ද එ්වා ඔබේ චරිතය ගොඩනංවන බැවිනි. මෙය කවර ආගමකට ද පොදුය යනුවෙන් සඳහන් කරන ඇය, ඉරණම හා සතුට අතර සබඳතාව ප‍්‍රතික්ෂේප කරන අතර යමෙකු දුෂ්ට ලෙස ක‍්‍රියා කරයි නම් අසතුට ළඟාවන බවත් ගුණ ගරුක හා විනීත ලෙස හැසිරෙන විට යහපත් දේ මා සොයා එනු ඇති බව ද, පවසන අතර විශ්වය යනු අපේ සිතිවිලි හා ක‍්‍රියාකාරකම් හොඳින් අවශෝෂණය කරගෙන, යළි යළිත් එ්වා දෝංකාර නංවන තැනක් බව අවධාරණය කරයි. ” (ප‍්‍රභාෂ්වර, රාවය*
බුදුසමයෙහි අපට උගන්වන සසර, පුනර්භවය වැනි කරුණු තුළින් මෙම ඥන විෂය පිළිබඳ කලෙක සිට බටහිර ජාතීන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව ද අපට නොසළකා සිටිය නොහැක. මිනිසා නිරවද්‍ය භාවයට අතිශයින් කැමතිය. එහෙත් එය සදාචාරාත්මක විය යුතුය. මිනිසුන්ගේ දුර්ගුණ හා කායික විරූපී භාවය අතර හේතුඵල සබඳතාවක් පවත්නා බවත් කායික රෝග හා විරූපී භාවය ආත්මය වැඩි වැඩියෙන් පව් කරනවාට බාධක වශයෙන් ක‍්‍රියා කරන ආකාරය විමසන කන්නිමහර සුමංගල හිමියන් බුදුසමය ඇසුරින් පෙන්වාදෙන්නේ, මිනිසාට මහළු වයසින් ඇතිවන විරූපතා හා විකෘති, පුද්ගල දුෂ්චරිතය, අපත්‍ය ආහාර, සාවද්‍ය චින්තන ආදීන් හි පිළිබිඹුවක් වන බවයි. එමෙන්ම ශරීරය තුළ සිටින නියම පුද්ගලයාගේ මනසේ හා ආත්මයේ  සලකුණ වශයෙන් ශරීරයෙහි ඇති අර්ථවත් භාවය මිස ඉන් මහළු වයස හෝ කයෙහි සලකුණු අරුත් ගැන්වීමක් නොවන බවත් තමා පිළිබඳවත් තම ශක්තීන් පිළිබඳවත් පූර්ණ පාලනයක් ඇති ආත්මයකට එහි කායික ප‍්‍රකාශනය ද සම්පූර්ණ කළ හැකිය යන කාරණයෙන් මූලික කරුණ තවදුරටත් පැහැදිළිවෙයි.
බුදුසමය බෙහෙවින්ම අවධාරණය කර ඇති කරුණකට මෙහි දී අවධානය යොමු කළහොත්, මිනිසා සෞන්දර්ය විෂය ප‍්‍රිය කරන්නෙකි යන්න වුවද, ඇතැම් පිළගැනීමක් වන සෞන්දර්ය ය දාර්ශනිකයෙකුගේ නියම පුරුෂාර්ථය නොවන්නේ ය යන මතය ද, මේ වන විට බැහැර කරයි, පූජ්‍ය කන්නිමහර සුමංගල හිමියන් එඞ්ගා කේසි (1925* උපුටා දක්වමින් පවසන්නේ, සෞන්දර්යය පුද්ගලයාට මානසික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද අර්ථවත් වන බවත් මිනිසා සමාජයට ගැළපෙන සේ සකස්වීම නැමැති සාධකයට ද එය බෙහෙවින් බලපාන බවත් ය. බුදුන් වහන්සේ පවා ‘උදාන චේතිය හරි රමණීයයි’ ‘චාපාල චේතිය රමණීයයි යන ප‍්‍රකාශ තුළින් සෞන්දර්ය මතු කර නොදක්වන්නේ ද.
පෙරදිග පහළ වූ මෙම දර්ශනය මනස මූලිකව අවබෝධ කර ගත් අතර බටහිර ජාතීන් හා අන්‍යාගමිකයින් ගේ අධ්‍යාත්මික හරපද්ධතියක් බවට පත්වූයේ නව දාර්ශනික මත අනුව බව අධ්‍යයනයේ දී පැහැදිළි වෙයි. ඇතැම් තර්කවාදීන් විවිධ තර්ක මත පිහිටා බුදුසමයේ අරුත් සොයන්නට දරන වෙහෙස නිරර්ථක නොවන්නේ ද යන්න විමසුමට ලක් කෙරුණ ද, විද්‍යාත්මකව කළ බොහෝ අධ්‍යයන වලදී පවා බුදුදහම විශ්ව දර්ශනයක් ලෙස පෘථුලව දැකීමට මිනිසා හුරු පුරුදු වන්නේ විද්‍යාත්මක ක‍්‍රම භාවිතයේ යෙදීමත් සන්නිවේදන විෂය ක්ෂේත‍්‍රය පුළුල් වීමත් සමග ය. කෙසේ වුවද, බටහිර ඥන මාර්ගයට පෙරදිග දර්ශනයේ ගැඹුර පිළිබඳ පවතින දුර්වල දැක්ම පෙන්වාදුන් විදුවතුන් අතර මාර්ටින් වික‍්‍රමසිංහ මහතා විශේෂ තැනක් ගන්නා බව ද අමතක කළ නොහැක.
‘‘ථෙරවාදී බුදුසමය නමින් බටහිර රටවල උගතුන් අතර පතුරුවන ලද්දේ දේව ධර්ම දර්ශනයක් වන අභිධර්මයයි. පරමාණුව බිඳීමෙන් පසු වෙනස් වූ බටහිර විද්‍යාව අනුව අභිධර්මය පරමාණු වාදය හා මානසික ධර්ම අනුව පුනරුත්පත්තිය හා නිර්වාණය කරන දහමකි. එය වෛෂෙශික දර්ශනය අනුව නිපදවන ලද බමුණු දහමක් මිස බුදුන් වහන්සේ දෙසූ දහමක් නොවේ’’ යැයි පවසන (මාර්ටින් වික‍්‍රමසිංහ, 1968* සූරීන් රීස් ඬේවිඞ්ස් පඬිවරයා උපුටා දක්වමින් සඳහන් කරන්නේ, ‘සංඛාර’ යන පදයට අරුත් කිවහැකි පදයක් බටහිර බසෙහි නැති බවය. ‘සංඛාර’  පදය භෞතික ලෝකය හා මානසික ලෝකය එක්කොට සලකන්නට පුරුදු වුණු ඉන්දියාවේ චින්තකයන් විසින් නිපදවන ලද්දකැයි යන්නත් පරමාණුව බිඳීමෙන් සංඛාර පදයට නෑකම් ඇති පද බටහිර දර්ශන වාදීන්ට නිපදවන්නට සිදුවූ බවත් ”ලෝක පදාර්ථ”, ‘‘භාවනා මාත‍්‍රා’’, ‘‘මානසික පදාර්ථ’’, ‘‘මනෝ රජස්’’, ඔවුන් විසින් නිපදවන ලද බවත් වැඩි දුරටත් පෙන්වා දෙයි.”
බෞද්ධ දර්ශනය හා විඥන වාදය පිළිබඳ විමසන වික‍්‍රමසිංහ සූරීන් අභිධර්මයෙහි ඇතුළුවන පරමිණු විභාගය වේදය, උපනිෂද්, සාංඛ්‍ය, බුසමය, හින්දු ආදී ආගම්වලට පටහැණි චාර්වාක නොහොත් ලෝකායත දර්ශනයෙහි අංගයක් වශයෙන් පෙන්වා දෙමින් බුදුසමයෙන් පසු මේ ලෝකායත දර්ශනය ඉන්දියාවෙන් අතුරුදහන් වූවද බුදුන් වහන්සේගෙන් පසු මෙම වාදය කණාද මුනිවරයා දියුණු කළ බව පවසයි. මෙවැනි විග‍්‍රහයන් තුළින් ගම්‍ය වන්නේ මෙම සංඛාරා යන වචනයෙහි අරුත පිළිබඳව නිවැරදි අරුතක් සපයන්නට මෙතෙක් බටහිරට නොහැකිව ඇති බව යි.  
මිනිසා අනේක විධ වස්තු රැුස්කර ගෙන සහ රැුස් කරමින් සදාකාළික ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන් භෞතික සම්පත් වට කර ගෙන සිටීමේ ප‍්‍රවණතාව සමාජය තුළ අත්විඳින කාරණයකි. නූතන සමාජයේ ඇතැමෙක් දාන මාන පිංකම් සිදු කිරීම පිළිබඳ පවතින සාකච්ඡුාව කුමක් වුව ද, බුදුසමය අවධාරණය කළේ දැහැමින් උපයා සපයා ගත් (ධම්මිකා ධම්ම ලද්දා* දෙයින් අලෝභ, අදෝශ, අමෝහ යන කාරණාවලින් පිරිපුන්ව යමක් නිරාමිස ප‍්‍රීතියෙන් දීම මෙන්ම එසේ යමක් යමෙකු විසින් දෙන අවස්ථාවට සතුටින් සහභාගි වීම ද, උතුම් පිංකමක් වශයෙනි. උදාසීන, දුක්මුසු, කලකිරුණු, අඳුරු පැවැත්ම, බුදුසමය ප‍්‍රතික්ෂේප කරන කරුණු අතර වැදගත් වෙයි. ප‍්‍රීතිය නිවන සඳහා වැඩිය යුතු අංග සතෙන් එකක් බව ද, සඳහන් වෙයි. බලන්න සප්ත බොජ්ජංග ධර්ම.
බුදුන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය සහ රාගය පිටු දැකීම හෙවත් විරාගය පිළිබඳ දහමක් සරාගී ලෝකයට ප‍්‍රකාශ කරන්නට යෙදුන අතර විමුක්තිය සාදා ගැනීම උදෙසා තමාම හැර කිසිදු සර්වබලධාරියෙකු නොමැති බව ද දැඩිව අවධාරණය කළ බව ප‍්‍රත්‍යක්ෂ කරුණකි. තත්කාලීන භාරතීය සමාජ සැකැස්ම බුදුසමයේ ප‍්‍රතිෂ්ඨාපනයට යම් ආකාරයේ රුකුලක් වූ බව ද අප අමතක නොකළ යුතු ය. මන්ද හින්¥න්ගේ ආචාරධර්ම පද්ධතිය තුළ පැවති අලෞකික දෑ පිළිබඳ මෙන්ම අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ වැනි ලක්ෂණ සමග පෙරට ආ ආචාර විද්‍යාවේ ලක්ෂණ නිසා බව කිවයුතුය. යාග හෝම වැනි හිංසනික ක‍්‍රියා මාර්ග බැහැර කළද ‘මානසොල්ලාස’ වැනි හින්දු ධර්ම ග‍්‍රන්ථවල ඇතුළත් කරුණු අනුව විචාරවත් මෙන්ම අවිචාරවත් සිරිත්හි සංකලනයක් පැවති බව ප‍්‍රත්‍යක්ෂ කරයි. (‘‘ රජකු; අසත්‍යයෙන් හා ද්‍රෝහී භාවයෙන් ද, කාම මිථ්‍යාචාරයෙන් හා තහනම් ආහාර ගැනීමෙන් ද වැළකිය යුතුයි ඔහු සියලූ දෙවියන් ගරු කළ යුතු බව වැනි ධර්මතා සාර්ථක රාජ්‍ය පාලනයක වන විසි වැදෑරුම් ධර්මතා තුළ අන්තරගත වෙයි. (බෂාම්* දයාව, අනුකම්පාව, කරුණාව වැනි භාරතීය අවිහිංසා ධර්ම සීමිත බවක් විද්‍යාමාන වුවද එය පසු කාලීනව විසල් පුරුෂාර්ථ සාධනයකට යම් පිටු බලයක් වූ බව නිසැකය.
මාතෘකාගත කරුණු සම්බන්ධව විමසීමේදී පුරාණ භාරතීය සමාජය පිළිබඳ අවබෝධය වැදගත් වන්නේ බුදුසමය හා මනුෂ්‍යයෝ මෙන්ම දෙවියන් පිළිබඳ විමසීමේ දී සමාජ සැකැස්ම පිළිබඳ අවබෝධය යන කාරණා නිසාය. එබැවින් ඉතා සංක්ෂිප්ත වශයෙන් හෝ එ් ගැන සඳහන් කිරීමට කල්පනා කළෙමි. මිනිසා සහ දෙවියන් පිළිබඳ භාරතීය සමාජය තුළ පැවති පිළිවෙත් කළින් කළ විවිධ සංශෝධන වලට භාජනය වුව ද, මෙම විෂය අනාදිමත් යුගයක්කරා දිවෙන බව පුරා හා මානව විද්‍යාඥයින් ගේ වාර්තා මනාව විසද කරයි. භගවත් ගීතාව තුළින් පෙන්වා දෙන්නේ ‘‘ ඔබේ අවධානය යොමු විය යුත්තේ ක‍්‍රියාවටයි එයින් ඇතිවන ප‍්‍රතිඵලයට නොවේ’’ (බෂාම්* යනුවෙනි.
ලාංකීය සමාජය විමසීමේ දී මහින්දාගමනයට පෙර හා පසු සමාජ සැකැස්ම මෙන්ම ථෙරවාදී ලක්ෂණ මෙන්ම මහායාන ලක්ෂණ ඇතුළත්වීම මගින් යම් යම් ඇදහිළි පුද පූජා වන් ගෙන් සමන්විත වුවද භාරතීය සමාජයේ මෙන් නොව යම් අනන්‍යතාවක් ප‍්‍රකට කළ බව කිවයුතුය. පසු කාලීන භාරතීය සමාජය තුළ තන්ත‍්‍රයානයේ බලපෑම අසභ්‍ය රූප සහිත ගල්කැටයම් ඉන්දීය කෝවිල්වල දක්නට ලැබීමෙන් පූර්ව වෛදික සභ්‍යත්වය ගිලිහී ගිය ආකාරය පැහැදිළිය. එමෙන්ම වයඹ දිග ඉන්දියාවේ මනීඞ් හා සාසානියන් අධිරාජ්‍ය සමයේ පැවති ශරථුස්ත‍්‍රවාදයට අනුව එතෙක් පැවති විවිධ ආගමික සිරිත් විරිත් මෙන්ම මෙහි පැවති ඉන්දීය නොවන ආගමික ලක්ෂණ බෞද්ධ හා හින්දු ආගම් කෙරෙහි බලපා ඇති බව ද, ප‍්‍රකට ය.
’‘ පෙර උගැන්මත් ඉගැන්වීමත් භික්ෂූන් අතෙහිම පැවතීම නිසා සිංහල සභ්‍යත්වයත්, සංස්කෘතියත් කාමාවේෂ වූවන් අතින් ¥ෂණය වීම වැළකිණ. ස්ත‍්‍රී පුරුෂයන්ගේ සංගමය දැක්වෙන අසභ්‍ය රූප සහිත ගල් කැටයම් දකුණු ඉන්දියාවෙහි සමහර පැරණි කෝවිල්වල දක්නා ලැබේ. ඉන්දියාවේ තාන්ත‍්‍රිකයෝ, සෙළුගැහැ ගැහැනියක ෙභෙරවී මෙන් සිටුවා ඈ ඉදරියෙහි ශක්ති පූජා පැවැත් වූහ. සුරා බීමෙන් මත්වුණු ස්ත‍්‍රීන්ගේත් පුරුෂයන්ගේත් දුරාචාරයෙන් එ් ශක්ති පූජාව කෙළවර වී ය. ‘ මධ්‍යපානයෙන් තොරව ලෝකා්ත්තර ඥනය නොලැබිය හැකිය….. දෙවියන් ගේ අමෘතය බ‍්‍රහ්මය. මෙලොව අමෘතය සුරා ය. සුරා පානයෙන් සූරත්වය (දෙවි බව* ලැබෙන නිසා සුරා යැයි කියනු ලැබේ. යනු තාන්ත‍්‍රිකයන්ගේ ආප්තොපදේශයකි. එක් කලෙක තාන්ත‍්‍රිකයන් අතින් ¥ෂණය වුණු බුදු සමය ලංකාවට ද සංක‍්‍රමණය වුණු බව නිකාය සංග‍්‍රහයෙහි සඳහන් වෙයි.’’ (සිංහල සාහිත්‍යයෙහි නැගීම, මාර්ටින් වික‍්‍රමසිංහ, 1946, සමන්* 
කිසිම සංස්කෘතියක් එ්කාකාරීව නොපවතින්නාක් මෙන් මේ පෙරදිග සංස්කෘතියෙහි ද හර පද්ධතිය තුළ ඇතැම් ලක්ෂණ වෙනස්වූවාක් මෙන් නව ලක්ෂණ ඇතුළත් වීම ද සිදු වූ බව පැහැදිළි කරුණකි. බුදුසමය දෙවියන් සහ ආගම පිළිබඳ විමසීමේ දී නූතන සමාජ බෙහෙවින්ම ලෞකිකත්වය උදෙසා එහි පිටු බලය සොයන අතර බුදු සමයේ හර පද්ධතිය යොමුව ඇති දිසාව පිළිබඳ අවබෝධය පවතින්නේ කවර ප‍්‍රතිශතයකට ද යන්න ගැටලූ සහගතය.
පූර්ව ලාංකීය සමාජ සංස්කෘතිය විමසීමේ දී අනුරාධපුර යුගයේ පටන් පෙරට පැමිණි සංඝ සමාජය, ග‍්‍රාමවාසී සහ වනවාසී යනුවෙන් පාර්ශව දෙකක් වශයෙන් පැවත එයි. අද දක්වා මේ සංස්ථාව ප‍්‍රකට කල ආගමික හා සමාජ මෙහෙවර විමසීමේ දී වනවාසී භික්ෂූන්වහන්සේ භාවනානු ක‍්‍රම උපයෝගී කර ගෙන නිවන් අවබෝධය උදෙසා ඉමහත් කැපවීමෙන් කටයුතු කරද්දී ග‍්‍රාමවාසී භික්ෂූන්වහන්සේලා සුවිසල් ජනතා මෙහෙවරකට ආගමික හා සාසනික වශයෙන් එළැඹි බව ප‍්‍රත්‍යක්ෂය. මෙම ක‍්‍රියාද්වය සිදුවෙමින් පවතිද්දී රටතුළට ඇතුල්වන මහායාන බුදුසමය ග‍්‍රාමවාසී කොට්ඨාසයත් සමග ජනතාව අතරට සෞන්දර්ය පක්ෂය ද සමගින් විචිත‍්‍රවත්ව එකතුවන ආකාරය ක‍්‍රිස්තු වර්ෂ පස්වැනි, හයවැනි, හත්වැනි ශත වර්ෂවල ලක්දිව ප‍්‍රචලිතවන බෝධිසත්ව සංකල්පය හා අනෙකුත් පූජා විධි මනා නිදසුනකි. මෙ අතර ග‍්‍රාමවාසී සම්ප‍්‍රදාය බ‍්‍රහ්ම, පද්ම, විෂ්ණු, ශිව ආදී භාරතීය හින්දු දෙවි දේවතාවුන් ගේ බල සම්ප‍්‍රදාය පිළිගනිමින් ජනතාවට විවිධ අංශයන් ගන් සේවාව ඉටු කළ අතර ලාංකීය සමාජය තුළ එය මැනවින් ලියලා වැඩුණි. ශ‍්‍රී රහල් හිමියන්ගේ ගිරා සංදේශය වැනි සංදේශ කාව්‍ය එය මනාව ප‍්‍රකට කළේය. වනවාසී සම්ප‍්‍රදාය පිළිබඳ මුනිගුණ වැනුම් සහ ත‍්‍රිවිධ රත්නයේ බලය පිළිබඳව වනරතන මා හිමියන් වහන්සේ ගේ හංස සංදේශය වැනි නිර්මාණයන්ගෙන් ප‍්‍රකට විය. ක‍්‍රමයෙන් මේ දෙපාර්ශවය අතර සාහිත්‍යමය වශයෙන් සංවාද පැවති නුමුදු පඬිවරුන් ගේ පවතින දාර්ශනික ගුණයට හානියක් නොවුණ බව සඳහන් කළ යුතුය.
සංසාර විමුක්තිය පිළිබඳ ඉගැන්වූ බුදුසමය තුළ දෙවියන් ගේ එළඹුම සහ ඊට මිනිසා නතු කර ගැනීම, සන්දේශ සාහිත්‍ය තුළින් ද ගම්‍ය වන ආකාරය සාහිත්‍යය විමසීමේ දී පැහැදිළිවෙයි. ‘ මහයානය ද වජ්රයානය ද හින්දු සමය ද දෙවවිශ්වාසය පිළිබඳ වූ ඇදහීම් විශේෂ කලින් කල හා වරින්වර ඇතිව ගිය විවිධ ජනගැටුම් නිසා මෙරට බුද්ධාගම හා ව්‍යතිමිශ‍්‍රවී එ්කායනව ගමන් ගන්නට වනි. ගම්පල කෝට්ටේ රාජ මණ්ඩලයෙහි උසස් නිලතල උසුලමින් රට පාලනය කළ හින්දු ද්‍රවිඩයන් ද, සිය ගණනින් සංක‍්‍රමණය වූ ඔවුන්ගේ ඥතීන් ද නිසා මේවනවිට හින්දු සාමයික හැඟීම සාමාන්‍ය බෞද්ධයන් අතර පමණක් නොව ගණදෙටු මහතෙරවරුන් අතර ද තදින් පැතිර ගොස් තිබුණේය. මේ නිසා කෝට්ටේ සමයෙහි තුන් සරණයටත් වඩා විශ්වාසයෙන් දෙවියන් පිහිට ඉල්ලා සිටීම පුරුදු වී තිබිණ. කලින් බෞද්ධ ග‍්‍රන්ථයන්හි සඳහන් වූ තිස්තුන් දෙවියෝ මේ සමයෙහි තිස්තුන් කෝටියක් බවට පරිවර්තනයවූහ. ඔවුනතර බෞද්ධ සමයෙන් ලද ශක‍්‍රාදී දෙවියෝ ද. හින්දු සමයෙන් පැමිණි විභීෂණ, අයියනායකාදීහු ද වූහ. ඔවුන්ගෙන් සමහරෙක් සාසන පාලනය ද, ඇතැමෙක් ස්ථාන පාලනය ද, සෙස්සෝ රජ ගෙදර සිට පැල්පත දක්වා ගෙයක් ෙදාරක් නෑර පාලනය ද කරන්නට වන්හ. වෙසෙසින් බලසම්පන්න බවට පැමිණි ඇතැම් දෙවියනට කළ දේවාල කෝවිල් සිය ගණනක් රටෙහි පැවැත්තේය. මෙතෙක් බුදුන්ට පමණක් වෙන්වූ ගඳ කිළියෙහි ද මහත් තෙදින් බබළන දෙවියෝ පෙනෙන්නට වන්නාහුය. මෙසේ සන්දේශ සමයෙහි විහාර පන්සල් කරා මිනිසුන් ගියේ හුදෙක් බුදුන් පුදා, දහම් අසා සඟුන් වැඳීමටම නොව විවිධ පැමිණිලි ද ස්තුති ද, යාඥ ද, පූර්වෝක්ත දෙවියන්ට පවසා යමක් කරවා ගැනීමේ කැමැත්ත ද ඇතිවය. දෙවියන්ගෙන් පිහිට යැදීම සියලූ බලාපොරොත්තු ඉටුකර ගැනීමේ එ්කායන මාර්ගය කොට විශ්වාසය මුල්බැස ගත්තේය. (පුඤ්චි බණ්ඩාර සන්නස්ගල, 1955* 
සසර හෙවත් සංසාර යනු; බොෟද්ධ හා හින්දු දහම අනුව සත්වයාගේ නොසිඳී පැවැත්ම ය. සත්වයා උපදී ඉපිද ටික කලක් ජීවත් ව සිට මැරී තවත් තැනක උපදී. මොක්ෂයට (නිවනට* පැමිණෙන තුරු මේ ක‍්‍රමයෙන් මැරෙමින් ඉපදෙමින් හැසිරේ. එ් හැසිරීම සංසාර නමි. එසේ හැසිරෙණ ස්ථාන වූ දිව්‍යලොක, මනුෂ්‍යලොක, අපාය යන තුන්ලොවට ද ‘සංසාර’ යැයි කිය හැකි වේ. එ් සංසාරයෙහි දුක් මිස සැපතක් නැත. උෂ්ණය අඩු තැන ශීතය යන විපර්යස්තබුද්ධියක් ඇතිවනු මිස, ලෝකයෙහි ස්වභාවයෙන් උෂ්ණයාගේ අඩු වැඩි බව විනා ශීත ය යි අනික් සෘතුගුණයක් නැති බව පරීක්ෂා කරන්නෙකුට වැටහේ. එමෙන් ම දුක අඩු තැන සැප ය යි බුද්ධිය උපදිනු මිස, ලොකයෙහි සැපතක් නම් නැත්තේ ය. සැප ය යි සලකනු ලබන තැන්හි ඇත්තේ, අඩු වූ දුක පමණකි. සැප විඳීම ය යන හැඟීමෙන් කරණු ලබන්නේ ද දුකට කරණ පිළියම් ම ය. මෙසේ හෙයින් සංසාරය විෂ වෘක්ෂයක් ලෙස සලකනු ලැබේ. විෂවෘක්ෂයක ආශ‍්‍රයෙහි සිටීම හානිකර වේ. එහෙත් එයින් වන්නා වූ හානිය ඉතා මහත් ව නො පෙණෙන හෙයින් එ් බව සත්වයාට අවබෝධ නො වේ. විෂ ඇසුරු කොට හමන වාතයෙන් ද සත්වයාගේ ආයුෂ ආදිය පිරිහේ. (කථාමෘතය, වැලිවිටියේ පණ්ඩිත සොරත නායක ස්වාමිපාදයන් වහන්සේ, 1952 හත්වැනි මුද්‍රණය, පි. 101,102*
මිනිසාට තනිව ජීවත්විය නොහැක සමාජීය මිනිසා සැබැවින්ම දේශපාලනික මිනිසෙකි. අවියෝජනීය ලෙස දේශපාලනය සමග ගැටගැසී ඇත. බුදුසමය සමස්ථ සමාජ ගැටලූවලට පිළිතුරු සපයන අතර බෞද්ධ දේශපාලන හා අර්ථ ක‍්‍රමය තුළ බෝසත් සමාජයකට නිරතුරුවම පිටු බලය සපයනු ඇත. යුද්ධය හා සමාජ ගැටලූ සම්බන්ධයෙන් මධ්‍යම නිකායේ මහා දුක්ඛන්ද සූත‍්‍රයෙන් හා සුත්ත නිපාතයේ කළහවිවාද සූත‍්‍රයෙන් බුදුන් වහන්සේ මේ පිළිබඳව අනාවරණය කරන්නේ වෙනත් කිසිම සාස්තෘවරයෙකු විසින් දක්වා නොමැති අයුරිණි. 
සතිපට්ඨාන සූත‍්‍රයට අනුව සියලූ ද්‍රව්‍ය සකස්වීමට, ආපෝ, තේජෝ, වායෝ, පඨවියන මහා භූත රූපයෝ බලපාන ආකාරයත් නූතන බටහිර දැනුම විසින්  විශ්වය පුරාම ක‍්‍රියාත්මක වන්නේ, ක්වොන්ටම් න්‍යාය බව පෙන්වා දෙයි. එ් අනුව විශ්ලේෂකයින් පවසන්නේ, විද්‍යාත්මකව ද බුදුසමය ඔප්පුවන බවය. අනිත්‍යය පිළිබඳ අවධාරණය කරන බුදුසමය අංගුත්තර නිකායෙහි සන්තක නිපාතයෙහි සත්ත සූරියුග්ගමන සූත‍්‍රයෙහි ගිනිදැල්වලින් පෘථිවිය වෙලී දැවී විනාශවන බව පෙන්වා දෙන්නේ අදින් වසර දෙදහස් පන්සියයකට පූර්වයෙහි බව ද අප සිහිපත් කර ගත යුතුය. 
මහායාන දිව්‍යලෝක අතුරින් සුඛාවති දිව්‍යලෝකය ප‍්‍රමුඛස්ථානයක් ගනී, මන්ද එහි බුදුන්වහන්සේගේ සම්භෝග කාය ප‍්‍රධාන දිව්‍ය රාජයා වශයෙන් සමස්ත බෝධිසත්ව වරුන් වෙත කෙලෙස් නසා නිවනට යාමට උපකාර කරනු වස් වැඩ සිටින බව මහායානිකයින් ගේ විශ්වාසය බැවිණි.
මහායානයට අනුව අප වසන ප‍්‍රදේශයත්, විශ්ව යුගයත් භාරවන්නේ, අමිතාභ හෙවත් මැනිය නොහැකි ගුණයෙන් පිරි බුදුන් වහන්සේ හා ගෞතම බුදුන් හා අවලෝකිතේස්වර බෝධිසත්ව යන තුන්දෙනා වහන්සේලා වශයෙන් පිළිගනී. බුද්ධ චරිතය වස්තු විෂය කරගත් ලලිත විස්තරය මහායාන බුදුසමයෙහි ආදිම ග‍්‍රන්ථයක් ලෙස සැලකෙයි. මහායානයෙහි විශේෂ ලක්ෂණය වන ආශ්චර්යමත් සිද්ධි හා අද්භූත සිද්ධි එම කෘතිවල ප‍්‍රකට කරයි. වජ‍්‍රයානය ප‍්‍රකට වන්නේ, එ් තුළින්, මහායාන බුදුවරුන්ට සහ බෝධිසත්ව වරුන්ට කල්යත්ම බිසෝවරුන් ලැබීමත් සමඟය. මේත් සමඟම දේවත්වයේ ඵලදායී ක‍්‍රියාවලට ලිංගික සම්බන්ධතාවල ලක්ෂණ ආරෝපණය විය. මෙය වේද යුගයේ පවා පැවති බව අවධාරණය කරන මහාචාර්ය භෂාම් මෙම සංකල්ප තුළින් ලිංගික සංකේත ද ආගමික වතාවතක් මෙන් මෙවුන්දම් සේවනයෙහි යෙදිම ද සමහර බෞද්ධ හා හින්දු නිකාය තුළට වැද්ද ගන්නා ලද බව පර්යේෂකයින් පෙන්වා දෙයි. ගුප්ත විද්‍යාවන් ගෙන් සෘද්ධි බලය ලැබීම ද ප‍්‍රකට කළ මේ මෝක්ෂ මාර්ගය එකළ වජ‍්‍ර (අකුණ හෝ දියමන්තිය* යන නාමකරණයෙන් පොහොසත්ව නව වාදයක් වශයෙන් (වජ‍්‍ර යානය* ප‍්‍රකට කළ අතර, සුවිශේෂී දෙව් දේවතා පංතියක් ද බිහි විය. එහි දෙවඟනන්ගේ දෙවඟන වූයේ ‘තාරා’(ගැලවුම්කාරිය* දෙවඟනයි, මෙම දෙවඟන අවලෝකිතේස්වර බෝධිසත්වයින්ගේ භාර්යාව වශයෙන් ලක්දිව ද පූර්ව යුගයේ සිටම වන්දනයට පත්ව ඇති බවට සාක්ෂි ද වෙයි. (කුෂ්ඨ රාජ ගල ප‍්‍රතිමා*
මහා කවි කාලිදාසයන් ගේ ආගමික කාව්‍යයක් සේ ප‍්‍රචලිත කුමාර සම්භවයෙහි දිව්‍ය ආත්ම උත්තරමානුෂීය බවින් තොරව ලෞකිකත්වයෙන් විදහා දක්වන ආකාරයකි මේ.
    ‘‘දිව්‍යමය කන්ද වූ හිමාලය
     උතුරු පෙදෙසේ වෙයි
     ණැගෙනහිර හා බටහිරින් මුහුදට යාබදය.
     පොළොව මනින්නට ලූ දඬුවක් සේ දැඩිය.

     එහි දේවතාවෝ
     ගිරි කුළු යට මෙවුල් සේ පැතිරී
     වලාකුළු සෙවණේ සැතපෙති.
     එහෙත් වැස්සෙන් හිරිහැර වතහොත්
     ඉරු එළිය ඇති ගිරිකුළු වලට දිවෙති. ’’ (කුමාර සම්භවය, ශිව දෙවියන්  හා        
                                                                            පාර්වතී  දෙවඟන පිළිබඳ වැනුමකි* 

සාහිත්‍ය හා කලා විෂය තුළින් ලෞකිකත්වය පමණක් නොව ලෝක විෂය ඉක්මවා යන අරුත් සංධවණි වැනි සංගීතමය නිර්මාණ තුළින් ද සංග‍්‍රහ කර ඇත. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස සංගීතඥයාගේ පිරිනිවන් මංගල්‍ය සංධවණියට වස්තු විෂය වූයේ ද මහා පරිනිර්වාණ සූත‍්‍රය බව විශේෂයෙන් සඳහන්කළ යුතුය. සන්නාලියනේ වැනි ගීතයක් තුළින් ජීවිතය, අනිත්‍ය භාවය විග‍්‍රහ කෙරෙන්නේ, අපූර්වත්වයෙනි. ‘මිනිස් සිත වනාහි වුවමනා දෙයක්වැවිය හැකි සරු කෙතක් වැන්න’ (මාර්ටින් වික‍්‍රමසිංහ* ඉතා ඉක්මණින් වෙනස්වන සංස්කෘතියක දිවි ගෙවමින් සිටින අපි, අතීත පරිසරයන් මෙන්ම සාහිත්‍ය කලාවන් බැහැර කරමින් එ් වෙනුවට, පශ්චාත් නූතන මොඩලයක පරමාදර්ශ සමග වෙනස් වෙමින් සිටිමු. අපිස් ජීවිතයක පෙරනිමිති වටහා ගැනීමේ ශක්තිය දිය කර හරින ප‍්‍රවණතාවයන් මිස ඥන  මාර්ග විවෘත කර ගැනීමට ඇති අවකාශ වැසීයාම මෙහි අවසන් ඵළයයි. කාමී දිවිය සැපයක් ලෙස සැලකීමත් අර්ථ ක‍්‍රමයෙන් ලැබෙන ශක්තිය කෙලෙසුන් වවන වඩන ස්වභාවයත් සනාතන ධර්මයන් නොසලකා හැරීමට මග පාදන්නක් බවත් ප‍්‍රත්‍යක්ෂ කරගත යුතු කරුණකි.       

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  
    භාරතීය සමාජය විවිධ සංස්කෘතීන්ගේ විසරණය හේතුවෙන් විශ්වීය වශයෙන් ප‍්‍රතිග‍්‍රහණය කරගෙන සිටි ආගමද වෙනස් ලක්ෂණයන් සමග පෙරට පැමිණි අතර, (බටහිර ලෝකයෙහි පැවති දේශපාලනමය හා යුධමය හේතු ද ආක‍්‍රමණ යටත් විජිත බලපෑම* භාෂාවෙහි විශ්ලේෂිත ස්වභාවයත් විවිධ සමාජ කරුණු ත් ඊට සමපාත වූ බව ප‍්‍රත්‍යක්ෂය. යාබද රටේ සිදු වූ වෙනස්කම් ලාංකීය සමාජය වෙත සිදු කළ බලපෑම ආගමික, සමාජයීය හා දේශපාලන අංශයන් ගෙන් සමන්විත විය. ක‍්‍රි. පූ. 03 වන සියවසේ ආසියාවේ පුනර්ජීවනයට බුදු සමයෙන් ලද පිටු බලය බුරුමය, තායිලන්තය, චීනය, ක‍්‍රි.ව.01 – 12, ජපානය (ක‍්‍රි.ව.06*  යන රටවල ඉතිහාස සටහන් තූළ පමණක් නොව ලාංකීය ඉතිහාසය හැදෑරීමේ දී ද මනාව විශද වනු ඇත. (බුරුමයෙන් අමරපුර නිකාය*, (තායිලන්තයෙන්, සියම් මහා නිකාය*, (බුරුමයට සීහළ සංඝ නිකාය *  ( අනෙේ‍යා්න්‍ය වශයෙන් එ් එ් රටවලට පමණක් නොව ඔවු නොවුන්ගේ ආධ්‍යාත්මික හා භෞතික දියුණුව සඳහා වැඩ සලසා ගත් අතර ක‍්‍රමිකව පිරිසිදු ථෙරවාදය බැහැරවීමත් මහායාන ලක්ෂණ ඇතුළුවීමත් ආසියාකරයේ රටවල්හි සංස්කෘතියේ වෙනස් කම් වලට ද බලපාන ලදී.  ජපානයේ සෙන් (ධ්‍යාන බුදුදහම* ආචාර්යවරුන්  ගේ මතය වූයේ ගිහි ජීවිතයේ අපමන දුක් කරදර මැද වුව ද, (සෙන්* දහම ප‍්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය මානසික පරිසරය සකසා ගතයුතු බවයි. (වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න, පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි, පරිවර්තනය, පී.බී. මීගස්කුඹුර*
ආදි බුදුසමයෙහි සිට පැවත ආ භික්ෂු විනයමෙන්ම ගිහි විනය, නූතන පශ්චාත් සමාජ සිරිත් හමුවෙහි වෙනසකට ලක්ව ඇති ආකාරයත්, භික්ෂුව ගිහියනට කුමන තත්ත්වයන් යටතේ වුව ද සදාචාර සම්පන්න සමාජයකට පිටුබලය සපයන බවත්, අවිවාදිත කරුණකි. බටහිර සංස්කෘතියට අසු වූ ආසියානු සමාජය ක‍්‍රමයෙන් සංකර වූ අතර ජන ජීවිතය ලෞකික පක්ෂයට බර විය. ආධ්‍යාත්මික ගුණ වගාව වෙනුවට සුඛෝපභෝගී දිවියක් කරා නව අධ්‍යාපන ධාරාවන් සකස්වී ප‍්‍රචලිත විය. 19 හා 20 වන සියවස්වල ැති වූ සාමාජික හා සංස්කෘතික විපර්යාසයත් ලෝක මහා යුධ තත්ත්වයනුත් මේ ස්වභාවය වඩා තහවුරු කෙරිණි.    
 වික‍්‍රමසෙන රජු සිය ජන්මෝත්සවය සමරණ ප‍්‍රීත්මත් දිනයකි, අති මධුර සංගීතයෙන් හා නාට්‍යශාස්ත‍්‍රයෙහි ප‍්‍රවීණ වූ නළුවන් ආදීන් සමග සමස්ත රට වැසියන් හා මධුරාහාරපාන විඳිමින් ඵ‍්‍රීතිය අනුභව කරන්නට සැරසෙද්දී සිහසුණ අරා වැඩ සිටි රජු රටේ සමෘද්ධිය පිළිබඳ අගය කරමින් සඳහන් කළේ, ‘‘ අපි කව්රුත් මොහොතින් මොහොත මරණය කරා ලංවන්නෙමු ජීවන කාලය ඉතා කොට වුවත් නොයෙක් සම්බාධවලින් ගහන ය. ජීවන කාලය ප‍්‍රීතිමත් කර ගැනීමට හා බියක් සැකක් නැති ව පරලොව යෑමටත් පරෝපකාරය හා සුචරිත ක‍්‍රියාත් පිටිවහල් වේ. යුෂ්මතුන් මෙය නිතර මෙනෙහි කරතැයි විශ්වාස කරමි. දැන් සිරිත් පරිදි සංගීතප‍්‍රවර්තනයෙන් මේ උත්සවය අවසන් කරමු.’’ (කථාමෘතය, වැලිවිටියේ පණ්ඩිත සොරත නායක හිමි*

බුදුසමය හා මාර සංකල්පය :-

අටුවාවන්හි ද සඳහන් වන පරිදි ජාතකට්ඨකථාවෙහි සඳහන් මාරයා සහ පිරිවර ගැන විස්තරයක් මෙලෙස උදුරා දක්වම්. ”එකල්හි මාර දිව්‍ය පුත‍්‍රයා සිද්ධාර්ථ කුමාරයා  මාගේ විෂය ඉක්මවන්නට සිතයි. එයට ඉඩ නොදෙමියි මාර සෙනඟ ළඟට ගොස් එ් බව කියා මාර ඝෝෂාව පවත්වා මා බල සෙනඟ ගෙන නික්මුණේය. එම සේනාව ෂතර දිසාවෙන් ෙදාළොස් යොදුනක් දුරට පැතිර ගියේ ය. පිටිපසින් චක‍්‍රවාටය දක්වා ද උඩින් නව යොදුනක් උඩට ද පැතිරී තිබිණ. ඔවුන්ගේ ඝෝෂාව යොදුන් දහසක සිට ඇසූවත් පොළව කම්පා වන තරම් දැඩි විය. ඉක්බිති මාර දිව්‍ය පුත‍්‍ර තෙම යොදුන් එනසිය පණසක් විශාල වූ ශරීරයක් ඇති ගිරි මේඛලා නම් ඇතු පිට නැගී අත් දහසක් මවා ගෙන නා නා යුධ ගත්තේ ය. ඉතිරි මාර සේනාව ද දෙදෙනෙක් එක් බඳු ආයුධ නොගෙන නොයෙක් ආයුධවලින් සැරසී ගත්හ. නොයෙක් ආකාර විලාශ ගත්හ. මෙසේ මාර සෙනඟ සහිත වූ මාරයා බෝසතාණන් ඉදිරියට පැමිණියේ ය. ඉක්බිති මාර දිව්‍ය පුත‍්‍ර තෙම සිද්ධාරථයා මෙයින් එලවන්නෙමැයි වාතවේගයක් මැවීය. ජලයෙන් යට කොට මරන්නෙමැයි වැස්සක් මැවී ය. මෙසේ ගල් වැස්සක්, අඟුරු වැස්සක්, උණු අළු වැස්සක්, වැලි වැස්සක්, කුළුගල් වැස්සක් වැස්වී ය. අනතුරු ව භය කොට එලවන්නෙමැයි මහා අන්ධකාරයක් මැවී ය. මෙසේ මාරයා නව ආකාර වැස්සක් මවා බෝධිසත්වයන් පලවා හරින්නට නොහැකි වූයේ ‘ බොලව් කුමක් කරන්නේ ද? මොහුව ගනිව්, විනාශ කරවව්’ යනුවෙන් පිරිසට අණ දී තමා ද ගිරි මේඛලා ඇතු පිට නැගී චක‍්‍රායුධය ගෙන බෝසතාණන් ළඟට ගොස් ‘සිද්ධත්ත’ නැගිටුව, මේ අස්න තොපට අයත් නැත. මගේ ’’ යයි කෑගැසී ය. එයින් කිසි ඵලයක් නොවුණි. මේ තර ගිරි මේඛලා ඇතු උන්වහන්සේ ඉදිරිපිට දණ ගැසී ය. මාර පිරිස හිස් ලූ ලූ අත පලා ගියෝ ය. දෙදෙනෙක් එක් මඟක නොගොස් තනි තනි ව හැරුණු දෙසින් පලා ගියේ ය.” (නිවන්දම ශ‍්‍රී ධර්මකීර්ති හිමි*

මාර සංකල්පය පිළිබඳ කලින් කල විවිධ පුද්ගලයින් විවිධ අදහස මත ප‍්‍රකට කළහ. ගවේෂණ ශීලී එළඹුමකින් යුතු විමසුමක් වශයෙන් ලේඛක එච්.පී.නන්දසාරයන් වරක් බුදුන්වහන්සේ මාරයා පරාජය කළ සේක්ද? යනුවෙන් ලියා පළකළ නිබන්ධනයක් 2008 වසරේ රාවය පුවත්පතෙහි පළකර තිබුණි. එම මතය සමග මා එකඟ නොවන නමුත් ඔහු එය විමසන ආකාරය පිළිබඳ සඳහනක් කිරීමට සිතුවෙමි.
‘මාරයා බුදුන් වෙත එළඹ, උන්වහන්සේගෙන් පිරිනිවන්පාන්නැයි කරන ඉල්ලීම පිළිබඳව, නොසළකා අඩුම වශයෙන් වසර 5000 ක් තරම්වත් කාළයක් ජීවමානව වැඩසිටීමට අවස්ථාව පැවති බවත්, පුද්ගලත්වයක් ආරෝපණය කර ඇති මරයා, ගෞතම බුදුන්වහන්සේ ගේ පාරමීපිරීම අවුරුදු අසංඛ කල්ප ලක්ෂයක්නම් මෙතෙක් සඳහන් බුදුවරුන් 24 නමක් පහළවී ඇත්නම් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් ම හැම බුදුවරයෙකුම බුදුවීම සඳහා ගත්තේයැයි උපකල්පනය කළොත් බුදුවරුන් 24 නම පහළවීමට එවැනි අසංක කල්පලක්ෂයේ එ්වා 96 ක් තරම් ගත විය යුතු බවත්, මේ සා අචින්ත කාලයක් තුළ සිටින්නේ එකම මාරයෙකු බවත් වෙනත් මාරයෙකු පිළිබඳ සඳහනක් නොවන බවත් ඔහු ගෞතම බුදුන් සමයේ එන තන්හා, රතී, රඟා යන ¥ වරුන්ගේ පියා වශයෙනුත් සඳහන්වීම තුළ; මාරයා නිත්‍ය පුද්ගලයෙකු බවත්, ඊශ්වර නිර්මාණ වාදය පිළිගන්නා ආගම්වල සදාකාලික නිත්‍යපුද්ගලයෙකු හෝ පුද්ගලානුබද්ධ බලවේගයක් හැටියට සලකන්නේ දෙවියන් වහන්සේ බවත් සඳහන් කරමින් බුදුදහමේ උග්වන මාරයාත්, ඊශ්වර නිර්මාණ ආගම්වල උගන්වන දෙවියන් වහන්සේත් අතර වෙනසක් නොපෙනෙන බවත් මෙම සංකල්පය අනිත්‍ය ධර්මයට පටහැනි නොවන්නේද යනුවෙනුත් ප‍්‍රශ්ණ කරයි ’’

මුලින් සඳහන් කළ පරිදි (‘මධුර’ සූත‍්‍රයට අනුව* සක‍්‍රයන් 36 දෙනෙකු ප‍්‍ර¥ර්භූත වීම අනුව මාරදිව්‍යරාජයා ද වෙනස්වන්නට ඉඩ ඇති බව විශ්වාස කළ හැකිය.

බුදුසමය අවධාරණය කරන අනිත්‍ය නිත්‍ය බැවින් අප‍්‍රමාදව කටයුතු කරන්න යන සත්‍යය වෙත සිත යොමු කිරීමෙන් බැහැරව මෙවැනි දේ සොයා යාමෙන් මනස මිථ්‍යාදෘෂ්ටිය කරා ගමන් නොකරයිද යන ගැටලූව මතු කරන අතර, දුෂ්කරව ලබාගත් මනුෂ්‍යාත්මය තුළ ලැබෙන සීමිත කාලය වැය කළයුත්තේ සප‍්‍රයෝජන දේ උදෙසාය යයි සිතමි. එහෙත් ඉහත අදහස හා ඉදිරිපත් කිරීම පිළිබඳ හා ඔහු ගේ ප‍්‍රාමාණික දැනුම හා විමසුම පිළිබඳව මම ද ගරු කරමි. මන්ද කාලාම සූත‍්‍රය අපට එ් සඳහා පිටු බලය සපයා ඇති බැවිණි.

මාරයුද්ධය බොහෝ විද්වතුන් ගේ විවේචනයට හසුව ඇති අතර, පුද්ගල සංකල්පයෙන් බැහැරව කෙලෙස් සමඟ ඇතිවූ යුද්ධයක් බව පෙන්වා දීමක් මිසක ත‍්‍රිපිටක පෙළපොත්වල සඳහන් කරුණු වලින් එ් පිළිබඳව නියම අවබෝධයක් නොලැබිය හැකියැයි ද අටුවාචාරීන් මේ පිළිබඳ නොයෙක් තැන විවිධ ආකාරයෙන් සඳහන් කරන බව නිවන්දම ශ‍්‍රී ධර්මකීර්ති හිමි යන් සිය බුදුසමය හා දෙවියෝ කෘතියෙහි සඳහන් කරයි.(පි.176*

‘නේරඤ්ජරා නදී තීරයෙහි වීර්ය කරන්නා වූ යෝගයන්ගෙන් නිර්භය ස්ථානයට පැමිණීමට ඉතා වීර්යයෙන් ධ්‍යාන කරන මා කරා මාර තෙම මෛත‍්‍රී වචන කියමින් පැමිණියේ ය. (පධාන සූත‍්‍රය* මෙහි මාරයා සමඟ කළ සාකච්ඡුාවක් මිස මාර යුද්ධයක් ගැන සඳහන් නොවේ.

‘‘මාරය ඔබගේ පළමුවැනි සේනාව වස්තුකාම ක්ලේසකා දෙකයි. දෙවැන්න යහපතෙහි නො ඇලීමයි. තුන්වැන්න බඩගින්න හා පිපාසාවයි. ෂතරවැන්න තෘෂ්ණාව යි. පස්වැන්න සිත කය දෙකේ බර ගතිය යි. සවැන්න බිය යි. සත්වැන්න සැකය යි. අටවැන්න ගුණමකුකම හා තද ගතියයි. ලාභය, ගුණ කීම, සත්කාරය යන මේවා නවවැන්නයි, අනුන්ගැරහීම දස වැන්නයි. මාරය මේවා වනාහි ශ‍්‍රමණ භ‍්‍රාහ්මණයින් නසන්නා වූ තොපගේ සේනාවය. එ් සේනාව සූර නොවූ තැනැත්තා ම දිනයි. මේ යුද්ධයෙහි මරණය ශ්‍රේෂ්ඨ ය. ජීවත්වීම පැරදීමකි. හාත්පස වාහනය පිට නැගි මාරයා සහිත සේනාව දැක යුද්ධයට ඉදිරියට යමි. මා සිටි තැනින් නො සෙලවූයේ ය. අමු මැටි බඳුනක් ගලෙන් බිඳින්නාක් මෙන් දෙව් මිනිසුන්ට මැඩ පැවැත්විය නොහැකි මේ මාර සේනාව නුවනින් යටපත් කොට ගත්තෙමි. ’’(පධාන සූත‍්‍රය* 

‘‘ එකල්හි මාර කන්‍යාවෝ තුන් දෙන ‘බුදුන් කාම පාසයෙන් බැඳ ගෙන යම්හ’ යි අවුදු තුන් දෙන තුන් සියක් විලස් දක්වා නොයෙක් ලීලායෙන් භාව භාවයෙන් පැලැග්ග නො හී පැරද ගියේ ය’’ යි. (ගුරුළුගෝමීන්ගේ අමාවතුර, පලන්නොරුවේ විමලධර්ම හිමි සංස්කරණය, මාරකන්‍යාවන් පැරදවීම, පිටුව 27.* 
            
මන්ද බුදුන්වහන්සේ සොයා ගත් පරම සත්‍යයය යනු විශ්වදැනුමය එම ශක්තිය අවබෝධය පිළිබඳව විග‍්‍රකිරීමට භාෂාව කොතරම් දුරට සමත් ද යන්න ගැටලූ සහගතය. පාරමීබලය, කර්මශක්තිය වැනි අදෘශ්‍යමාන ශක්තීන් අනුව බුද්ධත්වය ලැබීම යන සුවිශේෂ තත්ත්වය වළකන්නට මාරයා එළැඹි හැම අවස්ථාවකම පරාජය වී ගිය බව බෞද්ධ ඉගැනිවීමයි. සුත්ත නිපාතයේ පධාන සූත‍්‍රය දක්වන කරුණු අනුව පෙන්වා දෙන්නේ මාරයාගේ මෙම සෑම එළැඹුමක් ම කෙලෙස් ධාරාවන් ගේ එළැඹුමක් වශයෙනි.  

ආගම් සහ මිනිසා

ලෝක ආගම් පිළිබඳ බීජ අවස්ථා සොයා යාමේ දී එහි ප‍්‍රභවය ආසියාකරයේ සිදුව ඇති බව නිරීක්ෂණය වෙයි. ප‍්‍රධාන ආගම් ඊශ්වරවාදී හෝ දේව ආගම් වශයෙනුත් අදේවවාදී ලෙසත් ප‍්‍රකට වෙයි. ලොව ප‍්‍රකට ආගම් අතරින් බුදුදහම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක‍්‍රිස්තියානි යන ආගම් හතරක්ම සහ මේවායටතේ විවිධ නිකායන් හා කුඩා සංවිධාන වශයෙන්ද ලාංකිය සමාජය තුළ වමාන බවට පත්ව ඇත. ජනහා සංඛ්‍යා ලේඛන වාර්තාවකින් මැතකදී ප‍්‍රකාශිත වූයේ ජනසංඛ්‍යාවෙන් 69.3 බෞද්ධයන් බවත් 15.5 ක් හින්දු බැතිමතුන් මෙන්ම 7.6 ක් ඉස්ලාම් භක්තිකයින් බවත් ක‍්‍රිස්තියානි භක්තිකයින් 7.6 ක ප‍්‍රතිශතයක් වශයෙන් බවයි. මේ සියලූ ආගමික භක්තිකයින්ගේ එකම නිවහනක් වශයෙන් ශ‍්‍රී ලංකාව ගැටුම්වලට තුඩු නොවී සුහදතාවය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගමන් කිරීම සාමකාමී සහජීවනයට මෙන්ම සමාජ ප‍්‍රගතියට හිතකර කරුණකි.

විවිධ සංස්කෘතීන් ගේ විසරණයන්, භූවිෂමතා ලක්ෂණ මෙන්ම භාෂාව, සංස්කෘතිය ආදී නොයෙකුත් හේතූන් නිසා විවිධ නිකායන් යටතේ ආගම් බෙදී ගිය බව ප‍්‍රත්‍යක්ෂ කරුණකි. හිනයාන, මහායාන, වජ‍්‍රයාන වශයෙන් බුදුසමයත් කතෝලික, මෙතෝදිස්ත වශයෙන් කිතු දහමත් සුන්නි හා ෂියා යනුවෙන් ඉස්ලාම් දහමත් බ‍්‍රාහ්මණ, ශෛව, වෛෂ්ණව ආදී ලෙසින් හින්දු දහමත් නිර්වාණය, ස්වර්ගය, දේවත්වය යනුවෙන් එ් එ් ආගමික ප‍්‍රාර්ථනයන් හි අග‍්‍ර ඵලයන් වශයෙන් පෙන්වා දී ඇත. මේ සියළු ආගමික ශාස්තෘන් වහන්සේලා එකම යුගයක එකට පහළවූයේ නම් සමගි සම්පන්නව කරුණු සාකච්ඡුාකර ලෝකයම ගැටුම් විරහිත සමගි සම්පන්න සමාජයක් බවට පත්කිරීමෙහිලා පරමාදර්ශීවන බව නිසැකවම සිදු වන්නක්  ලෙස විශ්වාස දායක වුව ද එ් ශාස්තෘන් වහන්සේලා පෙන්වාදුන් මග යන්නාවූ අනුගාමිකයින් වශයෙන් අප හැසිරෙන්නේ කවරාකාරයෙන් ද යන්න සිහිබුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතුය.

අල්පේච්ඡු ජීවිතය, මැදුම්පිළිවෙත වැනි මානව හිතවාදයට පක්ෂවන්නාවූ ධර්මතා සමාජ ගත කළ බුදු සමය භෞතික දියුණුව, ආර්ථිකමය වැනි කාරණා හමුවේ ඉන්ද්‍රිය ප‍්‍රීණනයට මිනිසා වහල් භාවය ලබන්නේ, අභිබවායාමේ ප‍්‍රවණතා සමගය. බටහිර දැනුම් පද්ධතිය සමග සියල්ල නිර්ණය කිරීමේ කලාව ලාංකීය සමාජය තුළ ලියලන්නේ යටත්විජිත ආධිපත්‍යයට ලක්වීමත් සමගය. ආධ්‍යාත්මික හර පද්ධතියෙන් දුරස් වූ භෞතික සංවර්ධනය සමග අත්වැල් බැඳගන්නා මිනිසා මහා ප‍්‍රපාතයක් කරා දිවයන්නෙක් ලෙස අරුත් ගැන්විය හැක. කොකාකෝලා බීමවල පවතින රසය වෙනස් කරන්නට යන තීරණය දැන ගැනීමට ලැබුණ මෙහොතේම බටහිර ඇතැම් රටවල ඊට එරෙහිව පෙළපාලි ගියේ, කිසිදු වයස් බේදයකින් තොරව ප‍්‍රබල විරෝධතාවක් මතු කරමිනි. වයස අවුරුදු 80 වේ තරම් වියපත් කාන්තාවන් පවා එහි ගමන් ගත් අතර, මේ සරල උදාහරණයෙන් පවා මතු කෙරෙන්නේ ඉහත යථාර්ථයෙහි පැතිකඩක් නොවේද.

සමාජය සහ ආගම

ලොව සියළු ආගම් ස්වාධීනව පවතින්නේයැයි කිව හැකි ද, දේශපාලනය විසින් එහි යථාර්ථයන් වෙනස් කිරීමට පවා මැදිහත්ව ඇති බව පෙනේ, නූතන සමාජ ගවේෂකයන් පෙන්වා දෙන පරිදි ආගම්වල පවතින විවිධ ඇදහිළි හා පුද පූජා ක‍්‍රම ඔවුනොවුන්ගේ සහජීවනයට, ජීවන පැවැත්මට මහත් පිටුබලය සපයන බව ඔවුන් විශ්වාස කරන බැවින්, යම් සමූහයකගේ ආගමික සිරිත් විරිත් කෙරෙහි මානව කේන්ද්‍රීයව නොබැලිය යුතු බවයි. මෙය බුදුසමය අවධාරණය කර ඇති කරුණක් බව විශේෂයෙන් සඳහන් කළයුතුය.

මෙහිදී විමසිය යුතු වන්නේ, මානව ක‍්‍රියාදාමයන් සියල්ල ආගමික හරයන්ට අනුව සිදු වන්නේද යන්නය. දේශපාලනය විසින් ආගම පෙරමුණට යොදා ගෙන සිදු කරන අයහපත සුළුපටු නොවනු ඇත. අල්කයිඩා සටන්කාමීන් නිව්යෝර්ක් හා වොෂිංටන් නගර වෙත බිහිසුණු ප‍්‍රහාරයක් එල්ල කරනු ලබන්නේ, ආගමික මූලධර්මවාදයේ බලපෑම නිසා නොවේ ද. ‘කමිකසේ ’ භටයන් දෙවැනි ලෝක යුධ සමයේ සිය දිවි පුදා සටන් වදින්නේ, තමා ඉටු කරන්නේ දේව මෙහෙවරක් යන හැඟීමක් අනුව නිසා ය. බටහිර ආසියානු භූගෝලීය කලාපය තුළ පිහිටි ඊශ‍්‍රායලය හා පලස්තීනය අතර පවතින සංග‍්‍රාම ආදී ලොව පවත්නා විවිධ ගරිල්ලා කණ්ඩායම් එ්  එ් රටවල පවත්නා රජයන් සමග සටන් කරමින් අපේක්ෂා කරන්නේ කුමක් ද. මිනිසුන් ලෝකය තේරුම් කර ගතයුත්තේ කෙසේද යන්න බුදුන්වහන්සේ අවධාරණය කරන්නේ, වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සංසිඳෙන බවත්ය. එහෙත් ලෝකය තුළ සටන් ඇවිළ යන්නේ භෞතික සම්පත් කෙරෙහි ලොල් බව තුළින් පිළිසිඳි වෛරයේ විෂම චක‍්‍රය නිසාය. හොඳ නරක ආගම් විසින් පෙන්වා දී ඇතත් මනුෂ්‍යයින් සදාතනිකව එකම ස්වරූප නොවන ආකාරයත් සෑම මිනිසෙකු තුළම විෂඝෝර සර්පයෙකු ද ඇති බවත් මිනිසා සැමවිටම සර්පයා පොෂණය කළහොත් සදාතනික වෛරයෙන්ම ජීවත්ව සිට වෛරයෙන්ම මියයන බවත් පුනර් ජන්මය අනුව ද එහි බලපෑම අනර්ථ කාරී වන ආකාරය බුදුසමය පෙන්වා දී ඇත.
ලොව බලවත් රාජ්‍යයන් හමුවේ පවතින දැවෙන ප‍්‍රශ්ණ අතර ‘ඉන්ධන’ ප‍්‍රශ්ණය උදෙසා සිදු කරන බලවත් සැළසුම් ලෝකයට කෙතරම් අහිතකරව බලපාන්නේද යන්න අමුතුවෙන් සඳහන් කළයුතු නැත. (සදාම් හුසේන්, මුවමර් ගඩාෆි, තෙල් සම්පත කෙරෙහි කොතරම් බලපාන්නේදැයි සහ ඇමරිකාව මෙම ව්‍යසනය තුළින් ඇතිවන භීතිය පළවා හැරීමට සිදුකළ මෙහෙයුම් මෙම කලාපයේ යුද්ධයෙන් පීඩිත දේශයක් බවට පත්වන්නට හේතු විය.* 
මිනිසා තමා අනාරක්ෂිතයැයි පවතින භීතිය, බහුභාණ්ඩිකත්වය, ඉන්ද්‍රිය ප‍්‍රීණනය උදෙසා ද්‍රව්‍යමය සම්පත්වලට ඇති කෑදරකම මිනිස් සන්තානයේ දුක සදාතනික කර ඇති සංඝටකයන් ය. මෙතෙක් ඇවිළෙමින් එන යුධ ගිනි දැල් නිවා දැමීමට කිසිදු ආගමක පවතින ආධාත්මික හරය ප‍්‍රයොජනයට නොගැනීම ඛේදජනක කරුණක් බව කිව යුතු ය.
‘‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආගම බුදුසමය යි. සියව් විසිතුනක තරම් දීර්ඝ අඛණ්ඩ ලේඛනගත ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාව බුදුදහම ආරක්ෂා කරන එතරම් දිගු ඉතිහාසයක් ඇති ලෝකයේ එකම රට යයි කිවහොත් එය අතිශයෝක්තියක් නො වේ.  ශ‍්‍රී ලංකාවේ බුදුදහම දිගුකලක් ආරක්ෂා වූයේ වෙනත් ආගම් මධ්‍යයේ ය. හින්දු ආගම ඉන්දියාවේ මෙන් ම ශ‍්‍රී ලංකාවේ ද බුදුදහමත් සමගම පැවති අනෙක් ආගම යි. සිංහලයෝ ප‍්‍රධාන වශයෙන් බුදුදහම පිළිපැද්ද අතර දෙමළ ජනතාව හින්දු ආගමට ලැදි විය. වරින් වර ජාතික අසමගිතාවයන් දක්නට ලැබුණත්, සිංහල දෙමළ ව4රින් වර යුද වැදුණත් බුදුදහම හෝ හින්දු දහම යුද්ධයට මූලික නො වුණි. මෙය වර්ත අර්බූදයේ දී එ් ලෙසම දක්නට ලැබේ. ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්බුදයේ දී ආගම සම්බන්ධ වන්නේ දුරස්ත වශයෙනි.’’ (බුදුසමය සහ ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය, පෙරවදන, ආචාර්ය දීගල්ලේ මහින්ද හිමි, 2000* 

ලෝක ආගම් විමසීමේ දී තත්ත්වය මීට වඩා වෙනස් බව ඉතිහාස සටහන් අනුව පෙනේ. විවිධ යුගයන්හි විවිධාකාරයන් ගෙන් හිංසාකාරී ක‍්‍රියා සිදුවී නොරහසකි. ඇතැම් දේශපාලන ක‍්‍රියාධරයින්ගේ ප‍්‍රතිපත්ති නිසා ද ගැටුම්වලට තුඩු දුන් බවත් අතීත ක‍්‍රියාකාරකම් මෑත කාලීන ගැටුම්වලට හේතු වූ බවත් ප‍්‍රත්‍යක්ෂ කරුණකි. බී.එච්. ෆාමර් ෘෂඪෂෘෑෘ භ්ඔෂධභ  ලියා පළ කරමින් කියා සිටියේ රට බෙදීම 1956 දී සිදු වූ බවයි. බෙදීම යන මාතෘකාව කුඩා රටක මෙන්ම දියුණුව අපේක්ෂාවෙන් බොහෝ දුරක් ගමන් කිරීමට තිබිය දී වේවීමට වඩා සුදුසු වන්නේ එක්ව ඉළක්කය කරා යාමයි. අවශ්‍ය වන්නේ හැඟීමයි.
‘‘ සමාජ ප‍්‍රශ්න පිළිබඳ ව සෘජුව කරුණු ඉදිරිපත් කෙරෙන ස්ථාන ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල විරල ය. යුද්ධය හා සමාජ ප‍්‍රශ්න ගැන සෘජු ව කථා කිරීමෙන් බුදුරදහු වැළකී සිටියහ. සමාජ ප‍්‍රශ්න ගැන උන්වහන්සේගේ අවධානය යොමු වූයෙ මනෝ විද්‍යාත්මක ආචාර විද්‍යාත්මක හා විමුක්ති දායක වශයෙන් කරුණු සලකා බැලීමේදී ය.’’ (බුදුන් වහන්සේ දුටු සමාජ ප‍්‍රශ්න, ආචාර්ය මුඩගමුවේ මෛත‍්‍රීමූර්ති*          
සියලූම ගැටුම්වලදී, කිසිසේත් හිංසනය, බුදුසමය අනුමත නොකළ බව කිවයුතුය. මානව ක‍්‍රියාකාරකම් අවධාරණයෙහි දී, ආසියානු සමාජ සමූහයන්හි චින්තන ප‍්‍රවාහයන් අධ්‍යයනය කළ මහාචාර්ය හජිමෙ නකමුර මහතා ඔවුන් විශේෂිත මානුෂීය බැඳුමක් කෙරෙහි යෙමුව ඇති ජනතාවක් බව නිරීක්ෂණය කරයි. චීනය ජපානය වැනි රටවල පැවති ආගමික ව්‍යාපාර ෂින්තෝ දෙවිවරු සහ කොන්ෆියුසියස් දහම ඔවුන්ගේ හදවත්හි සටහන් වී ඇත්තේ යළි නොමැකෙන ආකාරයෙන් ය. මේවායෙහි පැවති ලෞකික ස්වභාවය බුදුසමය බැහැර කළ ද, ඇතැම් ආගමික හරයන් බුදුසමය ස්ථාපිත වීමට බෙහෙවින් යහපත් ආකාරයෙන් බලපෑ බව පෙනේ. පසු කාලීනව මහායාන බුදුසමය පැතිර යාමත් සමඟ ථෙරවාදයෙහි පැවති සීමා වෙනස් වී අතිශයෝක්තිය එක්වීමෙන් අධිමානුෂීය බවක් බුදුන්වහන්සේ වෙත ආරෝපණය විය. මනසේ ශාන්තිය මෙන්ම ලෝකෝත්තර පක්ෂයෙහි දැක්ම ධනාත්මක ආකාරයකින් විද්‍යාමාන වීම සිදුවිය.

    පැහැය සුවඳින් යුත් වුව
    විසිර ගොස් ඇත (මල් කැන්*
    අනිසය සැමට මෙ දිවිය
    හිමිදිරි උයද මම
    තරණය කළෙමි පිට ඉම
    බොල් සිහින නොදකිමි මම
    මත් වූවෙක් ද නොම වෙමි. (ජපන් අනුවාදය, උපුටා ගත්තේ, පෙරදිග
                                                        මිනිසුන්ගේ චින්තන විධි කෘතියෙනි

සමාජ ජීවිතයේ දී එ් එ් සමූහවල හොඳ සහ නරක යැයි වර්ගීකරණයක් අපි දකිමු. පොදුවේ මනුෂ්‍යයෝ හොඳ සහ නරක මිනිසා වශයෙන් වෙනු කරනු ලබයි. මෙම ස්වභාවය ආගම්වල හරයට වඩා වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරයි. ලොව හොඳම හෝ නරකම මිනිසුන් සිටී ද. බුදුසමය පෙන්වා දන්නේ, මෙය සිතුවිළි වශයෙනි. එනම් මිනිසුන් ළඟ නරක සිතුවිළි වගේම හොඳ යහපත් සිතුවිළි ද වෙයි. මිනිසාට සිත පාලනය කර ගැනීමට, යහපත අයහපත තේරුම් ගැනීමට ප‍්‍රඥව පිටුබලය ලබා දෙයි. බුදුසමය පිළිගත් යථාර්ථය මෙයයි. ලොව සෑම ආගමක හරය විය යුත්තේ මෙය වුව ද, එය සැබෑවක් වී ඇත් ද, යන්න ගැටලූ සහගතය.  
ව්‍යග්ගපජ්ජ, පරාභව, වසල, මංගල, සිඟාලෝවාද වැනි සූත‍්‍රදේශණා බුදුන් වහන්සේ වදාළේ ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ට පමණක් නොවන බව ද පිළිගත යුතුය. බුදුසමයට සමකාලීනව චීනයේ විසූ කොන්ෆියුසියස් තුමා මනුෂ්‍යත්වය අංග ලක්ෂණ පහකින් යුක්ත බව පෙන්වා දුනි. දාරක පේ‍්‍රමය, අවනත බව, නිර්භීත බව, ඥනවන්ත බව, සත්‍යවාදීත්වය. යනුවෙන් සමාජ භූමකා අර්ථවත් කිරීමෙන් අදහස් කළේ ආධ්‍යාත්මික වර්ධණයකි. සෝරෝඇස්ටර් නැත්නම් ශරතුස්ත‍්‍ර තුමන් ඉරාන රටේ නවෝදයට බලපෑ ආගමික නායකයෙකි. ශ‍්‍රමයෙන් නිපදවූ දෙයෙහි අග‍්‍ර භාගය පූජා කර, ජීවිතයේ ආස්වාදය ලබන ලෙසත්, තමා උපයා ගත් දෙය සොම්නසින් යුතුව අවශ්‍ය ප‍්‍රමාණය පරිහරණය කරන්න, ජීවත්වන සමාජයට කෘතඥතාව පළකරනුවස් පරිත්‍යාග කරන්න, යන ලෞකික අරමුණු සමාජ ගත කිරීමෙන් ප‍්‍රායෝගික ශාස්තෘවරයෙකු ගේ ලක්ෂණ ප‍්‍රකට කර ඇත. මේ දේව උරුම සමාජය පසු කාලීනව වෙනස් වී සමාජ ගිවිසුම් වාදය හා පරිණාමවාදය විකාශය වීමෙන් බටහිර ලෝකය තුළ සිදු වූ වෙනස්කම් ආසියාවටද යම් යම් ආකාරයෙන් බලපෑ බව ප‍්‍රකටය. තෝමස්හොබ්ස්, ජෝන් ලොක්, ජැක් රූසෝ වැනි සමාජ චින්තකයින් ඉදිරිපත් කළ ඇතැම් අදහස් බුදුසමය අවධාරණය කළ ඇතැම් කරුණු සමග සැසඳුණි. දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට ඉඩ ප‍්‍රස්ථාව නොමැති අතර, අග්ගඤ්ඤ සූත‍්‍රයෙහි, මුල්ම මානව සමාජ තුළ කෘෂිකාර්මික ඉඩම් හා දේපොළ අයිතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලූ මුල් කර ගෙන පැන නැගි අර්බුද විසඳා ගැනීමෙහි ලා සමාජයේ අපරාධ මර්ධනය කර ආර්ථිකය නිවැරදි අධීක්‍ෂණයකට යොමු කර නීතිය ක‍්‍රියාත්මක කිරීම පිණිෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකට පාලකයෙකු තෝරා පත්කර ගෙන ගිවිසුමකට එළැඹි ක‍්‍රමය නූතන සමාජ චින්තකයින්ගේ ඉදිරිපත් කිරීම් හා සැසඳුන බව පෙනේ.
පුද්ගලයා සම්බන්ධයෙන් බුදුසමය අවධාරණය කරන ඉහත දැක්වූ විග‍්‍රහය පිළිබඳ තව දුරටත් විමසීමේ දී තමෝ තම පරායන සූත‍්‍රය තුළින් පෙන්වා දුන් කරුණු මෙහි දැක්වීම උචිතය. එනම් සමාජීය වශයෙන් මිනිසා ගතික ස්වභාවය අනුව වර්ග 04 කට වෙන් කළ හැකි බවයි. අඳුරින් අඳුරට යන මිනිසුන්, අඳුරින් එළියට යන මිනිසුන්, එළියෙන් අඳුරට යන මිනිසුන්, එළියෙන් එළියට යන මිනිසුන් වශයෙනි. පාපී චර්යා සිදු කරන්නා, කුල හීන පුද්ගලයා, ධන හීන තැනැත්තා ආදී සමාජයේ කොන් කළ කොටස් කෙරෙහි ද මෛත‍්‍රීය හා කරුණාව දැක්වූ බුදුන් වහන්සේ මිනිසුන්ට, අනෙකා කෙරෙහි හැඟීමක් ඇති කිරීම මෙන්ම මානව දයාව ද ලොවට පෙන්වූ දළ සහ නොදළ ආහාර වැළª සැමවිටම ලෝක සත්වයා උදෙසාම ජිවිතය කැප කළ ශාස්තෘවරයෙකු බව සඳහන් කළ යුතුය.

සුනිල් කුමාරසිංහ අතුකෝරල
්එයමනදර්ක්128?ටප්සකගජදප
071 81 42213

පාදක සටහන් :-
   
    1. බෞද්ධ සමාජ දර්ශනය, බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ
          සංස්කෘතිය, ආචාර්ය එස්.අයි.ගමගේ, 2003, ආරිය
    2. බෞද්ධ ද්ශනය සහ මතවාද විමර්ශනය, කඩවත්ගම පියරතන,     
         1999
    3. මුල් බුදුසමය, මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, 1994, 
          සරස්වතී
    4. අත්තුඩාවේ සිරි රාහුල අනුනාහිමි අභිනන්දනය, පල්ලේගම සමිත, 
          ටී.එච්, එදිරිසිංහ. 1993.
    5. බෞද්ධ චින්තනය සහ ජයතිලක දෘෂ්ටිය, චන්දිම විජේබණ්ඩාර,
          එච්.එම්.මොරටුවගම, 1993
       6. බුදුසමය හා දෙවියෝ, නිවන්දම ශ‍්‍රී ධර්මකීර්ති හිමි, අධ්‍යාපන 
          ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, 1992
    7. බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය, බෞද්ධ කටයුතු   
          දෙපාර්තමේන්තුව, 2004.
    8. තෝරාගත් ලිපි සංග‍්‍රහය, පණ්ඩිත ආචාර්ය නන්දදේව විජේසේකර,
          සමයවර්ධන,1987
    9. බුදුන් වදැළ ධර්මය, මහාචාර්ය වල්පොළ රාහුල හිමි, 1964  
    10. බුදුසමය සහ ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය, දීගල්ලේ මහින්ද,
           2003 
    11. ලක්දිව බුදු සමයේ ඉතිහාසය, මහාචාර්ය වල්පොල රාහුල හිමි,   
          2002,ගොඩගේ
    12. කල්පනා ලෝකය, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, 1959
    13. බුදුන්වහන්සේ සහ කාල්මාක්ස්, මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි
    14. රාවය, 2013.02.10
    15. ‘ඔයැ උධඍඛෘ උෂඔ්‍යෂභ’ ඉහ ඨෂභ් ජෑඍඵෂභ්ඍ්, පරිවර්තනය, 
            ආධ්‍යාත්මික ලෝකය, කන්නිමහර සුමංගල හිමි,

    16. අසිරිමත් ඉන්දියාව, මහාචාර්ය බෂාම්, අධ්‍යාපන ප‍්‍රකාශන   
           දෙපා.1962
    17. සිංහල සාහිත්‍යයේ නැගීම, මාර්ටින් වික‍්‍රමසිංහ, 1946, සමන්
    18. සන්දේශ සාහිත්‍යය, පුඤ්චි බණ්ඩාර සන්නස්ගල, 1955
    19. බෞද්ධ දර්ශනය හා මාර්ගය සහ පරිණාමවාදය හා බෞද්ධ විඥන 
           වාදය, මාර්ටින් වික‍්‍රමසිංහ, 1968
    20. කථාමෘතය, වැලිවිටියේ පණ්ඩිත සොරත නායක ස්වාමිපාදයන්
            වහන්සේ, 1952
    21.  බුදු දහම සහ ශ‍්‍රී ලංකාවේ සෙසු ආගම්, බෞද්ධ සංස්කෘතික
            මධ්‍යස්ථානය, 1998
    22. අමාවතුර, පලන්නරුවේ විමලධර්ම හිමි, 1955
    23. ‘දෙවි දේවතවුන් වහන්සේලා’, කැලණිය රජමහ විහාරවාසී   
            විහාරාධිකාරී, ජපානය, මෙත්තා විහාරයේ විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ
            කථිකාචාර්ය අති පූජ්‍ය දර්ශනපති, දෙනියායේ පඤ්ඤලෝක බුද්ධ         
            රක්ඛිත හිමි
          
    24.  සිරිකත පුවත් පත, සදහම් පඬුර, මාවරලේ භද්දිය හිමි, 2009.06.15
    25.  හංස සන්දේශය, ජී.එස්.බී, සේනානායක,ප‍්‍රදීප, 1978
    26.  සාහිත්‍යය, ඉගෙනීම හා ඉගැන්වීම, ඞී.එ්. ජයසේන, ශ‍්‍රී ලංකා, 1952
    27.  දළදා වරුණ නිකිණි කලාපය, 2007 අගෝ. 28.
    28.  තායිලන්ත බෞද්ධ සංස්කෘතිය, බෝයගම විමලසිරි හිමි, ගුණසේන, 1970
    29.  බෞද්ධ ශිෂ්ටාචාරය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව 1998.
    30.  ලක්දිව මහායාන අදහස්, මහාචාර්ය පණ්ඩිත මොරටුවේ සාසනරතන ස්ථවිර, 
              1952.
    31.  පෙරදිග මිනිසුන් ගේ චින්තන විධි, පරිවර්තනය, පී.බී.    
          මීගස්කුඹුර, 
   2003
    32.  බෞද්ධ සංස්කෘතිය, බෞද්ධකටයුතු දෙපාර්තමේන්තුව, 1991
    33.  බුදු සමය හා සමාජ දර්ශනය, මාර්ටින් වික‍්‍රමසිංහ, 1947

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *