උපන් දිනෙ

උපන් දිනෙ

අද ඉතින් අපේ ඇම්ඩගෙ උපන් දිනෙලු.ඉතින් ඇම්ඩගෙ ගෑනි සුමනා හිතුවලු ඇම්ඩව පුදුම කරන්න.ඉතින් ඇම්ඩා වැඩ ඇරිලා ගෙදර ආපු ගමන්ම ඇම්ඩව ඇදගෙන ගියාලු සුමනා අද ඔයාගෙ උපන්දිනෙ නිසා අපි ක්ලබ් 1 ගිහින් පොඩ්ඩක් සතුටු වෙමු කියලා.ඇම්ඩට ෆුල් හැපිලු.ඇම්ඩයි සුමනයි ක්ලබ් 1 ලගට ආවලු.ඇම්ඩා සුමනට කියනවලු අපෝ මේ ක්ලබ් 1 නම් යන්න බෑ මේකෙ ඉන්න කෙල්ලො එච්චර හොද නෑ කියලා.සුමනා කිව්වලු කමක් නෑ අදට විතරනෙ කියලා.ඒත් කොහොමද ඔයා ඒක දන්නෙ කියලා ඇහුවලු.ඇම්ඩා කිව්වලු මගෙ යාලුවෙක් කිව්වෙ කියලා.ඔන්න ඩබල ඇතුලට යනකොටම සිකියුරිටි ආ ඇම්ඩා අයියා කියලා කිව්වලු.සුමනා ඇහුවලු ඒ මිනිහා කොහොමද ඔයාව දන්නෙ කියලා.එතකොට ඇම්ඩා කිව්වලු ඌ අපෙ ස්කෝලෙ කොල්ලෙක් කියලා.ඔන්න ඩබල ඇතුලට ගිහින් ඉදගත්තලු.ඔන්න බාගෙට ඇදපු වේටර් කෙල්ල ඇවිත් අහනවලු.අද ඔයා මොනවද බොන්නෙ?වෙනදට බොන ඒවමද? නැත්තම් විශේෂ දවසට බොන ඒවද?ඒ පාර සුමනා අහනවලු මේ ගෑනි කොහොමද ඕවා දන්නෙ කියලා.එතකොට ඇම්ඩා කිව්වලු නෑ ඉස්සර ඔය ගෑනි අපේ ගෙවල් ලග තිබ්බ බාර් එකෙ වැඩ කලා කියලා. දැන් නම් සුමනට ඇම්ඩව සැකයිලු. ඔන්න ටිකකින් ක්ලබ් 1කෙ මැනේජර්කාරයා ඇවිත් ඇම්ඩගෙන් අහනවලු ඇයි ඇම්ඩා මහත්තයා අද වෙන මේසෙක ඉදගෙන පුරුදු මේසෙ නැතුව කියලා.දැන් නම් ඇම්ඩගෙ බොරු මාට්ටුලු.සුමනා දැන් කුණුහර්ප කිය කිය කෑ ගගහා බනිනවලු.ඇම්ඩට හෙන ලැජ්ජාවලු.ඉක්මනට ගෑනිව ඇදගෙන් ගිහින් ටුක් ටුක් එකක දා ගත්තලු.සුමනා ඒත් අරින්නෙම නෑලු ඇම්ඩට ගහනවලු බනිනවලු.ඒ අස්සෙ එක පාරටම ඩ්‍රයිවර්කාරයා හැරිලා මෙහෙම අහනවලු

ඇම්ඩා අයියා අද මාර බඩුවක්නෙ හොයාගෙන තියෙන්නෙ අද rest house 1 කට යනවද නැත්තම් අපේ සුපුරුදු පොට් එකට යනවද?

උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

ඇම්ඩාගෙ මල්ලි

ඇම්ඩාගෙ මල්ලි

ඔන්න අපේ ඇම්ඩාව අලුත් ස්කොලෙකට දැම්මලු.මේ ස්කෝලෙ කස්ටිය ඉතින් ඇම්ඩාව වැඩිය අදුනන්නෙත් නෑනේ.කොහොමහරි ඉතින් අපේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *