බැට්‌ කරනකොට ඉක්‌මන් තීරණ ගත්ත වගේ සමුගැනීමත් කළා සමුගැනීම ගැන ඩිල්ෂාන් කතා කරයි.

බැට්‌ කරනකොට ඉක්‌මන් තීරණ ගත්ත වගේ සමුගැනීමත් කළා සමුගැනීම ගැන ඩිල්ෂාන් කතා කරයි.


බැට්‌ කරනකොට ඉක්‌මන් තීරණ ගත්ත වගේ සමුගැනීමත් කළා සමුගැනීම ගැන ඩිල්ෂාන් කතා කරයි.

අසේල විතාන

 ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව දිග් විජය කරන්නට තුන් ඉරියව්වෙන්ම අපමණ වෙහෙසක්‌ දැරූ තිලකරත්න ඩිල්ෂාන් ලබන ඉරිදා දඹුල්ලේදී ඔස්‌ටේ්‍රලියාව සමග පැවැත්වෙන එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් පසුව සිය ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ දිවිය නිමා කරන බවට නිවේදනය කර සිටියි. ඒ අනුව ඔහු ලබන මස 9 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සිය විස්‌සයි විස්‌ස තරග දිවියද නිමා කිරීමට සුදානමින් සිටියි.

“මම බැට්‌ කරනව වගේ තමයි තීරණ ගන්නෙත්. මේ සමුගැනීමත් ඒ වගේ ඉක්‌මන් තීරණයක්‌. මට කවුරුත් බලපෑමක්‌ සහ පීඩනයක්‌ එල්ල කළේ නැහැ. මට හිතුණා දැන් ඇති කියලා.” යනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (25 දා) “දිවයින” කළ විමසීමකදී පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ලකුණු දස දහසේ සීමාව ඉක්‌මවා ගිය සිව්වැනි පිතිකරුවා වන තිලකරත්න ඩිල්ෂාන් සමුගැනීමේ තරගයට පෙර එක්‌දින තරග 329 කදී ශතක 22 ක්‌ සහ අර්ධ ශතක 47 ක්‌ සමග මුලු ලකුණු 10248 ක්‌ ලබා තිබේ. එහි ඉනිමක සාමාන්‍ය 39.26 ක්‌ ලෙස සටහන් වන අතර ඔහුගේ නම ඉදිරියේ කඩුලු 106 ක්‌ සහ උඩපන්දු 122 ක්‌ද සටහන්ව තිබේ.

“ඉදිරි මාස හතර පහක කාලයේදී එක්‌දින තරගත් නැහැ. ඒ නිසා මම හිතුවා ඒ තරම් කාලයක්‌ නිකන් බලන් ඉන්නෙ නැතිව නවකයකුට තැන දීල යන්න. දැන් මම අවුරුදු ගාණක්‌ ක්‍රිකට්‌ වෙනුවෙන් කැප කළා. ඉදිරියේදී ගෙදරට වෙලා පවුලෙ අයත් එක්‌ක ඉන්නවා. එහෙම කියල ක්‍රිකට්‌ වෙනුවෙන් මගෙන් මොනව හරි ඕන වුණොත් මම දන්න දේ අනිවාර්යයෙන්ම ලබා දෙනවා.” යෑයි ඩිල්ෂාන් වැඩිදුරටත් සඳහන් කළේය.

විස්‌සයි විස්‌ස තරග 78 කදී එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක 13 ක්‌ සමග ලකුණු 1884 ක්‌ ලබා සිටින තිලකරත්න ඩිල්ෂාන් ලබන 9 වැනිදා සිය අවසන් විස්‌සයි විස්‌ස තරගයට සහභාගි වේ.

ලබන ඔක්‌තෝම්බර් මස 40 වැනි වියට පා තබන ඩිල්ෂාන් 1999 දී ජාත්‍යන්තර ටෙස්‌ට්‌ සහ එක්‌දින පිටියට පිවිසි අතර ඔහු 2013 දී ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගත්තේය.

උපුටා ගැනීම( දිවයින පුවත් පත)

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *