පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිවාර්යෙන් බොන්න.

පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිවාර්යෙන් බොන්න.

පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිවාර්යෙන් බොන්න.

ආයුර්වේදයේ සඳහන් තුන් දොස්වලින් මිදීමට, විශේෂයෙන්ම වාත අමාරුවලදී සුවය ලබා ගැනීමට වැල් පෙණල ආහාරයට ගැනීමට පුළුවන්. ඒ පමණක් නොවෙයි වැල් පෙණල ඉතාම ජනප්‍රිය වී තිබෙන්නේ ධාතු සහ පුරුෂ ශක්තිය වඩවන ආහාරයක් ලෙසයි.

එයට අමතරව කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආශ්‍රිත රෝගවලටත් වැල් පෙණල ආහාරයට ගැනීමෙන් ගුණයක් ලබා ගත හැකියි. එමෙන්ම මුත්‍රා රෝග, කෑම අරුචිය, අතීසාරය, වාත රෝග, අර්ශස්, පණු රෝග ආදියටත් මෙම පැළෑටියෙන් සාදා ගන්නා මැල්ලුම්, කැඳ ඉතා ගුණයි. සර්ප විෂ නිසා ඇතිවන උණට සහනයක් ලෙස ආයුර්වේද වෛද්‍යවරුන් විසින් වැල් පෙණල නිර්දේශ කරනු ලබනවා.

මේ ලිපියෙන් කියවෙන්නේ වැල් පෙණල කැඳ සාදාගන්නා  ආකාරය පිළිබඳවයි.

අවශ්‍ය ද්‍රව්‍ය

රතු කැකුළු හාල් ග්‍රෑම් 100
වැල් පෙණල කොළ මිටි 2
පොල් බෑයක පොල්
සුදු ළූණු බික් 1
ලුණු කුඩු තේ හැඳි 1
සාදන ක්‍රමය

හාල් ගරා සෝදා බ්ලෙන්ඩරයක දමා වතුර ටිකක් එක්කර කොටාගන්න.
ලුණු හා සුදු ළූණු දමා කොටාගත් හාල් හා වතුර දමා ලිප තබා පිස ගන්න.
පොල් බෑය ගා දෙවරක් කිරි මිරිකා ගන්න.
වැල් පෙණල කොළ හා පොල් කුඩු බ්ලෙන්ඩරයක දමා වතුර එක්කර අඹරා මිරිකා ගන්න.
ඉන්පසු පොල්රොඩු හා වැල් පෙණල රොඩුත් කොටා මිරිකා ගත යුෂ මුලින් ගත පොල් කිරි සමඟ එක් කරන්න.
මේ මිශ්‍රණය බතට එක්කර මිශ්‍රණය හැඳි ගාමින් පිස ලිපෙන් ඉවත්කර ගන්න.
කැඳවලට අමතරව වැල් පෙණල දළු, රතු ළූණු, උම්බලකඩ සමඟ එක පමණට ගෙන එළඟිතෙලෙන් මලවා අහාරයට ගැනීමටද පුළුවන්

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *