පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යයි.

පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යයි.


පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යයි.
ගැහැණු ළමයෙකුගේ වයස වැඩෙත්ම ඇයට බොහෝ ශාරීරික වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ අතර වැඩිවිය පැමිණීම සාමාන්‍ය සිදුවීමක්, වැඩිවිය පැමිණීම හෙවත් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යය වෙනවා. පළමුවරට ඔසප් වීම සිදුවන්නට නියමිත ඕනෑම ගැහැණු දරුවකුට මෙම ගැටලූ කිහිපය පැන නැඟී තිඛෙන්න පුළුවන්.

1. කුමන වයසකදී පළමු ඔසප් වීම සිදුවෙනවාද?

සමහර ගැහැණු දරුවන්‍ට අවුරුදු 8 – 9දී ඔවුන්ගේ පළමු ඔසප් වීම සිදුවෙනවා. නමුත් සමහර ගැහැණු දරුවන්ට ඔසප් චක්‍රය ආරම්භ වීමට අවුරුදු 15 -16 ගත වන තෙක් සිටීමට සිදුවෙනවා. මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට ඔබගේ මව හෝ වැඩිමහල් සහෝදරියන්ට ප්‍රථම ඔසප් වීම සිදුවුණු දිනය පිළිබඳ අසා දැනගන්න.

2. මවගේ පළමු ඔසප් වීම සිදු වූ වයස් සීමාවේදීම මගේ පළමු ඔසප් වීමත් සිදුවෙයිද?

බොහෝ වේලාවට මේ ආකාරයට සිදුවීමට ඉඩ තිඛෙනවා. ඔබගේ මවගේ පළමු ඔසප් වීම වයස අවුරුදු 15දී සිදුවුණි නම් ඔබටත් එම වයසේදී සිදුවීමට පුළුවන්. නමුත් එය වෙනස් වීමටත් ඉඩ තිඛෙන බව මතකයේ තබාගන්න.

3. මේ වන විටත් පළමු ඔසප් වීම සිදුව නැත්තේ ඇයි?

සෑම ගැහැණු දරුවකුටම ඇයට ආවේණික වූ ජීව විද්‍යාත්මක වේලාවන් තිඛෙනවා. ඊට අනුරූපව ගැහැණු දරුවකුගේ වැඩිවිය පැමිණීම සිදුවෙනවා. මෙතෙක් පළමු ඔසප් වීම සිදු නොවී ඇත්නම් ඒ පිළිබඳ බියක් ඇති නොකර ගන්න. අනිවාර්යෙන්ම එය සිදුවෙයි.

4. පළමු ඔසප් වීම ඔබට සිදුවීමට ආසන්න බව දැනගන්නේ කෙසේද?

පළමුව ඔබගේ පියයුරු වර්ධනය සිදුවෙනවා. එමෙන්ම රහසිගත පෙදෙස් හි රෝම හටගැනීම ද සිදුවෙනවා. තවද මේ කාලය තුළදී ඔබගේ යට ඇඳුම් ඔබට පිළිකුල් වීමද සිදු වෙනවා. ඒ එහි යම්කිසි ද්‍රාවණයක් නිතරම තැවරීම දක්නට ලැඛෙන නිසයි.

5. ඔසප් වීම කොපමණ දිනක් පවතීද?

මෙය එකිනෙකාට අනුව වෙනස් වෙනවා. සමහර ගැහැණු දරුවන්‍ට එය දින තුනක් පමණ පවතිනවා. අනිකුත් අයට දින 7 – 8 පමණ ද පවතිනවා. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය දින 4 – 5ක් පමණ වුවත් තිඛෙනවා.

6. කිසිම විටකදී ඔසප් වීම නොවුණොත් කරන්නේ මොනවාද?

අවුරුදු 16 සම්පූර්ණ වූ නමුත් ඔසප් වීම සිදු නොවූ ගැහැණු දරුවන්ට මෙසේ සිදු නොවීමට හේතුව ලෙස දක්වන්නේ සිරුරේ පවතින රුධිර මට්ටම අවම වීමයි. මේ සඳහා වෛද්‍ය පරීක්ෂණ, චිකිත්සක ක්‍රම සිදුකරනවා. මේ සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා මුණගැසී උපදෙස් ලබා ගන්න.

7. සෑම මසකදීම සිදුවන ඔසප්වීම නතර කිරීමට පුළුවන්ද?

ඔසප් චක්‍රය හොර්මෝන ක්‍රියාකාරීත්වය තුළින් සිදුවෙනවා. මෙම සිදුවීම අඩපණ කිරීමට කිසිම වෛද්‍ය ක්‍රමයක් නැහැ. තාවකාලිකව දිනය කල් දමා ගැනීමට වෛද්‍ය උපදෙස් ගත හැකි වුවත් එය දිගුකාලීනව නම් සුදුසු නැහැ.

8. කුමන අවධියේදී ඔසප් චක්‍රය නිවැරදිව නතර වෙයිද?

කාන්තාවන්ට ආර්ථවහරණය සිදුවන්නේ වයස අවුරුදු 40 අගභාගයේදී හෝ අවුරුදු 50 මුල් භාගයේදීයි. නමුත් සමහර කාන්තාවන්ට අවුරුදු 35දී ආර්ථවහරණය සිදුවන අතර සමහර අයට අවුරුදු 50 පසු වුණත් ආර්ථවහරණය සිදු වන්නේ නැහැ. එය එක් එක් කාන්තාව අනුව වෙනස්ය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *