නඩු පිට නඩු දැම්මත් ශාසනයත් රටත් ජාතියත් රැක ගැනීමේ වගකීමෙන් මොහොතකට හෝ ඉවත් වන්නේ නැහැ.

නඩු පිට නඩු දැම්මත් ශාසනයත් රටත් ජාතියත් රැක ගැනීමේ වගකීමෙන් මොහොතකට හෝ ඉවත් වන්නේ නැහැ.


නඩු පිට නඩු දැම්මත් ශාසනයත් රටත් ජාතියත් රැක ගැනීමේ වගකීමෙන් මොහොතකට හෝ ඉවත් වන්නේ නැහැ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

නඩු පිට නඩු දහස්‌ ගණනක්‌ දැමුවත් සම්බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් එක මොහොතකට හෝ ඉවත් නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (25 වැනිදා) දකුනු කොරියාවේ සිට දුරකථන ඔස්‌සේ සම්බන්ධ වෙමින් “දිවයින”ට සඳහන් කළහ.

ඉස්‌ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ල පිළිබඳ විමසීමේදී උන්වහන්සේ ඒ බව කීහ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද කීහ.

අප මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක්‌ ගැන ඔය පැමිණිල්ල දාලා තියෙන්නේ. අපි ගැන කවුරු පැමිණිලි කළත් පරීක්‍ෂණ කරනවා. නමුත් රට දැය සමයට මූලධර්මවාදීන්ගෙන් වන අකටයුතු කම් ගැන අපි පැමිණිලි දැම්මාම පොලිසියවත් අදාළ බලධාරීන්වත් ඒ ගැන නිකමටවත් බලන්නේ නැහැ.

මේ පැමිණිල්ල අනුව උසාවියෙන් නියෝග කරල තියෙන්නේ එම මාධ්‍ය හමුවේ සංස්‌කරණය නොකළ පිටපතක්‌ පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසයි. මෙහිදී අපට විමසන්න ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ සතුව ඉස්‌ලාම් ධර්මය, අල්කයිඩාව ගැන දන්න නිලධාරීන් ඉන්නවාද කියන එකයි.

මේ අය උපදෙස්‌ ගන්නේ කාගෙන්ද, වහබ්වාදය වපුරන්න කටයුතු කරන අයගෙන්ම තමයි උපදෙස්‌ ගන්නේ. මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්‌.

උපුටා ගැනීම
දිවයින පුවත් පත

 
 

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *