දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුදුම ඔසුවක් මෙන්න.
බොහොමත් කාලයකට පෙර දුම් බීම පිරිමින් අතර හා ගැහැනුන් අතරද බොහෝ සේයින් ජනප්‍රිය පුරුද්දක් විය. මෙරට ආක්‍රමණය කල ඉංග්රීසින්ගේ නොහොබිනා ගති පැවතුම් නිසාවෙන් මෙරට ජනයාද එනම් කළු සුද්දන් ඔවුනගේ පුරුදු ඉතා ඉක්මනින් වැලද ගෙන තිබුණි. 60, 50 දශක වල මෙරට ලංකා දුම්කොළ සංස්ථාව මගින් වාර්ෂිකව මුද්‍රණය කරන ලද දින දර්ශනයේ යොදා ගැනුනේද දුම්වැටියක් අතින් ගත රූමත් කාන්තාවකි. මෙයින් පෙනීයන්නේ එවකට ලංකාවේ පිරිමින් මෙන්ම ගැහැණුන්ද බොහෝ ලෙස දුම්බීමට ඇබ්බැහි වී ඇති බවකි. මිනිසෙකුගේ කායික හා මානසික නිරෝගී බව පරික්ෂාවට බලපාන ස්වභාවික හේතු වලට අමතරව වැරදි පුරුදු වලට ඇබ්බැහිවීමද ප්‍රධාන තැනක් ගනී. ඒ අතර දුම්පානය හා මත්පැන් පානයට මුල් තැනක් හිමිවෙයි. දුම් පානය කරන්නෝ මානසික වශයෙන්ද කායික වශයෙන්ද ඊට ඇබ්බැහි වුවෝ වෙති.
මෙයින් සම්පුර්ණයෙන් මිදෙන්නේ කෙසේද යන්න මම අද ඔයාලට කියා දෙනවා. අපි දැන් බලමු මෙය කරන්නේ කෙසේද කියා.
අවශ්‍ය ද්‍රව්‍ය
බේකින් සෝඩා මේස හැන්දක්
පිරිසිදු වතුර වීදුරුවක්
තනා ගන්නා අයුරු සහ භාවිතය
ඔන්න පිරිසිදු වතුර වීදුරුවකට බේකින් සෝඩා නොහොත් ආප්ප සෝඩා මේස හැන්දක් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් ඔබට දුම් පානය කිරීමට සිතෙන සෑම වෙලාවකම මේ සකස් කරගත් මිශ්‍රණයෙන් මුව සෝදාගන්න.
එසේම දුම්පානය කරන්නට සිතෙන සෑම මොහොතකම මේ ප්‍රතිකාරය භාවිතා කිරීමට සිදුවන හෙයින් ඔබ යන එන තැනටද බෝතලයක දමා මේ මිශ්‍රණය රැගෙන යාමට අමතක නොකරන්න.
මෙසේ කිහිපවරක් කිරීමෙන් ඔබට දුම් බිමේ පුරුද්ද සම්පුර්ණයෙන්ම පහ වනු නොඅනුමානය.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.