එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන හැමෝම මේ ලිපිය කියවන්න.

එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන හැමෝම මේ ලිපිය කියවන්න.


එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන හැමෝම මේ ලිපිය කියවන්න.

ගුරු ගුණයෙනුත්, මිහිරි රසයෙනුත්, සීත ගුණයෙනුත් යුතු එළකිරි වැගිරෙන සුළුය. මෘදු ගුණයෙන් යුතු නිසාම සියලූ ප‍්‍රාණීන්ට එළකිරි ගුණදායක බව ආයුර්වේදයේදී පෙන්වා දේ.
ආයුර්වේද රෝග නිවාරණ ඖෂධයක් ලෙසත්, ඖෂධ නිෂ්පාදනයෙහිලා අමු ද්‍රව්‍යයක් ලෙසත් ඖෂධ ගැනීමෙහි අනුපානයක් ලෙසත් එළකිරිවලට ආයුර්වේදයේදී හිමිවනුයේ ප‍්‍රමුඛ තැනකි.
ආයුර්වේදයේදී එළකිරිවල ගුණ වර්ණනා කිරීමේදී උදෑසන එළදෙනකුගෙන් ලබාගන්නා කිරිවලත් සවස් කාලයේදී එළදෙනකුගෙන් දොවාගන්නා කිරිවලත් ගුණයන්හි වෙනසක් පෙන්වාදී තිබේ.
උදෑසන ගවයකුගෙන් ලබා ගන්නා කිරිවල සීත ගුණයත්, ගුරු ගුණයත් වැඩිය. එම නිසා කිරි භාවිත කිරීමෙන් කප සහ වාතය වැඩිවීමට බලපා හැකි බව ආයුර්වේදයේදී ඉගැන්වේ.
සවස් කාලයේ ද දොවා ගන්නා කිරිවල වාත සමනය කිරීමේ ගුණයකින් යුක්තය.
එළකිරි පිළිබඳ හැඳින්වීමේදී ධාරෝපණ කිරි පිළිබඳව ද කියැවේ.
ධාරෝපණ කිරි යනු එළදෙනගෙන් දොවා ගත් සැනින් එම උණුසුමින්ම භාවිතයට ගැනීමය.
ධාරෝපණ ගුණයෙන් යුතු එළකිරි පෝෂණ ගුණයෙන් ඉහළ ශරීරයට ඉතා හිතකර පානයක් ලෙස පෙන්වා දෙයි.
දරුප‍්‍රසූතියෙන් පසු මවකට කිරි එරීම ක‍්‍රමවත් වීමට ද එළකිරි අතීතයේ සිට අද දක්වාම භාවිත කර තිබේ.
ඇසට ද හිතකර ගුණයක් එළකිරි සතුය.
පංචකර්ම ප‍්‍රතිකාරයන්හිදී වමන සහ විරේක කරණයට භාවිත කරනු ලබන ප‍්‍රධාන අමු ද්‍රව්‍යයකි එළකිරි.
තරුණ බව ආරක්ෂා කරගැනීමටත්, ආයුෂ වැඞීමටත් උපකාරී වන ගුණයක් එළකිරි සතුවන අතර බාල, තරුණ, මහලූ  ඕනෑම වයසක පසුවන්නන්ට, ශරීර  ඕජස හෙවත් ශරීර ප‍්‍රතිකාරය ලබා ගැනීමට භාවිත කළ හැකි මහඟු ඖෂධයක් ලෙස ආයුර්වේදයේදී එළකිරි හඳුන්වා දී තිබේ.
බුද්ධි වර්ධනයට ඉවහල්වන එළකිරි ශරීරයේ අස්ථි ශක්තිමත් කිරීමේ ගුණයකින් යුතු බැවින්  ඕනෑම වයසක පසුවන්නන්ට ගුණදායකය.
එළකිරිවලට මුරුංගා මල් යොදා බීමෙන් ශරීර ප‍්‍රතිශක්තිය ලැබෙන බවත් වෙහෙසකර බව පහව යන බවත් ප‍්‍රත්‍යක්ෂයෙන්ම තහවුරු කර ඇති කරුණකි.
ශරීරය විජලනයට ලක්ව ඇති රෝගීන්ටත්, විවිධ රෝග හේතුවෙන් ශරීරය කෲෂ වන්නන්ටත් එළකිරි ගුණදායක බව ආයුර්වේද පෙන්වා දී තිබේ. උදරය නෙරා විත් හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිව ආත්මාන තත්ත්වයෙන් පසුවන රෝගීන්ට ද එළකිරි ගුණදායකය. දීර්ඝ කාලීනව ආහාර අවශෝෂණය නොවන විටද එළකිරි භාවිත කිරීමෙන් සුවය ලැබේ.
මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන්ට රෝග පාලනයට ද උපකාරී වන එළකිරි හිස කරකැවිල්ල, මත් ගතියද පාලනය කෙරේ.
අර්ශස් රෝගයෙන් පෙළෙන විට ඝනව මළ පිටවීම වැළැක්වීමට ඖෂධයක් ලෙස එළකිරි භාවිත කිරීම යහපත්ය.
ලිංගික කි‍්‍රයාවලියෙහි වැඩිපුර යෙදීමෙන් ශරීරය ශක්තිය හීණවී යන්නන්ට එම තත්ත්වයෙන් මිදී ශරීර ශක්තිය නැවත ලබා ගැනීමට ද අප පැරැුණියෝ එළකිරි භාවිත කර ඇති බව ආයුර්වේදයේ දී පෙන්වාදී ඇත.
එළකිරි රත් කිරීමකින් තොරව ගැනීමෙන් සෙම වැඩිවීමක් දක්නට ලැබෙනුයේ එහි ගුරු ගුණය වැඩි බැවිනි. කිරි ඉතිරීමේදී කළාඳුරු අල, වියළි ඉඟුරු හෝ අමු ඉඟුරු යෙදවීමෙන් එම තත්ත්වය පාලනය කරගත හැක.
ආයුර්වේදයේ දී පෙන්වා දෙන ආකාරයට එළකිරි උණුකර ගතයුත්තේ අධික උෂ්ණත්වයක් යටතේ එකවරමය.
උපතේ සිට මියැදෙන තෙක්ම භාවිත කළ හැකි මෘදු ගුණයෙන් යුතු ශරීරයට හිතකර පානයක් වන එළකිරිවල ගුණ නොසිඳෙනුයේ එහි ගුණය ද අපිරිමිත බැවිනි.

සටහන අසුන්තා එදිරිසූරිය
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *